Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL TRENDING GOSSIP
GOSSIP
682
ඩුබායි සිට මාකඳුරේ මධුෂ් යලි පාතාල බිය පතුරුවයි, ඊයේ බොරැල්ල සලිත වෙඩි ප්‍රහාරයේ කථාව හෙළි වෙයි

ඩුබායි සිට මෙරට පාතාලය පාලනය කරන මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය විසින් ඊයේ බොරැල්ලේදී සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලැබුවා.

ඊයේ බොරැල්ලේදී සිදු වූ මෙම වෙඩි තැබීමට ගොදුරු වුනේ 32 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



රෝහල්ගතකර සිටින සිය බිරිද බැලීමට ගොස් සිය දරුවන් දෙදෙනා සහ බිරිදගේ නැගණිය සමග සිය මෝටර් රථයෙන් එමින් සිටිදීයි ඔහු මෙම ප්‍රහාරයට ලක්වුණේ.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පසුගිය සතියේදී රාජගිරිය ඔබෙසේකරපුරයේදී ඝාතනය වූ මධුෂ්ගේ ගෝලයකුගේ ඝාතනය සම්බන්දයෙන් සැක කරන අයෙකු බවයි පැවසෙන්නේ.



මේ සතිය තුලදී මාකඳුරේ මධුෂ්ගේ කල්ලියට වැරදී ගිය දෙවන ඝාතන ප්‍රයත්නය මෙයයි.
GOSSIP
580
ආදරය නිසා නාස්ති වෙන ජිවිත වගේම මත්පැන් මත්ද්‍රව්‍ය නිසා ජිවිත නාස්ති කරගන්න තරුණයින් අපේ රටේ ඕන තරම් දැකගන්න ලැබෙනවා. දෙමාපියන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදින තරුණ තරුණයින් ජිවිතේ නාස්ති කරගත් පසුව පසුතැවෙනවා. ලතැවෙනවා. දුක්වෙනවා. ඒ වෙනකොට බොහෝදේ අහිමි වී අවසන් වෙන්න පුළුවන්. මේ කතාවත් කැසිනෝ මත්පැන් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය විනාශ කරගත් තරුණයෙක් ගැනයි. මේ ඔහුගේ කතාවයි.

"මම මාතර, මිරිස්‌සේ. අපේ තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌. නම කිව්වම දකුණු පළාතම දන්නවා. සංචාරක හෝටල්, මහා විශාල පොල්වතු, ඉඩම්, ගෙවල් කිහිපයක්‌ තිබුණා. ව්‍යාපාර කිහිපයක අයිතිකාරයෙක්‌. සල්ලිත් උතුරන්න තිබුණා. අම්මට රැකියාවක්‌ කරන්න අවශ්‍යතාවක්‌ තිබුණේ නෑ. අපේ පවුලේ මමයි, නංගි විතරයි. මම ඉල්ලන්න ඕන දෙයක්‌ තාත්තා අරගෙන දුන්නා. මම ඉස්‌කෝලේට ගියේ සුපිරි වාහනවල. මුලින්ම මාතර ප්‍රසිද්ධ පාසලක ඉගෙනගත්තා. ඒ අටයි, බී එකක්‌ ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. ඊට පස්‌සේ ගණිත අංශයෙන් උසස්‌ පෙළ කරන්න ගාල්ලේ ප්‍රසිද්ධ පාසලකට මාරු වුණා. ඒ පාසලේදී මට විවිධ යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණා. මමත් ඉස්‌කෝලේ ගියේ ගාල්ලේ නතර වෙලා. හොයන්න, බලන්න කවුරුවත් නෑ යාළුවොත් එක්‌ක සුපිරියට ආතල් ගත්තා. ඉස්‌කෝලේට ගියේ සිගරට්‌ පැකට්‌ එක සාක්‌කුවේ දාගෙන. ඒත් මම කොහොමහරි සී දෙකයි, බී එකක්‌ අරගෙන උසස්‌ පෙළ විභාගය සමත් වුණා..."

"උසස්‌ පෙළ විභාගය ඉවර වෙලා සතියක්‌ විතර යනකොට මට නයිට්‌ ක්‌ල්බ් එකකට යන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ මගේ ලොකු අම්මාගේ පුතා එක්‌ක. අපි ගියේ තලවතුගොඩ නයිට්‌ ක්‌ලබ් එකකට. ඒ තමයි මම ජීවිතේ පළමු වතාවට නයිට්‌ ක්‌ලබ් එකකට ගිය අවස්‌ථාව. එතකොට මගේ අතේ ලොකු සල්ලියක්‌ තිබුණෙත් නෑ. ඒත් අපි නයිට්‌ ක්‌ලබ් එක ඇතුළේදී හොඳට කෑවා, බිව්වා. සතුටු වුණා. වැඩ කරන කෙල්ලොත් අපිට සුපිරියට සැලකුවා. ඒ කාලේ මමත් හොඳ ජැන්ඩියා. උසට සරිලන මහත. සැපට හැදිලා රෝස පාටයි. එක කෙල්ලෙක්‌ මගේ ෆෝන් නම්බරය බලෙන් ගත්තේ. පස්‌සේ ඒ කෙල්ල එක්‌ක කතාබහ කරලා එළියේදී මුණගැහුණා. එයාගෙන් තව කෙනෙක්‌, ඒ විදිහට නයිට්‌ ක්‌ලබ් එකේ වැඩ කරපු කෙල්ලෝ හතර දෙනෙක්‌ මම ඇසුරු කළා. ජීවිතය අමුතු දිසාවකට තල්ලු වුණා. අපේ තාත්තට මගේ වෙනසක්‌ දැනුණා. ඊට පස්‌සේ තාත්තා මාව ඉගෙනගන්න එංගලන්තයට යෑව්වා. එතකොට මට අවුරුදු දහඅටයි. එංගලන්තයට ගියා කියලා මම හැදුණේ නෑ. එහේදිත් මම උපරිමයෙන් විනෝද වුණා. අරක්‌කු බිව්වා නෙමෙයි, නෑවා. ක්‌ලබ් ගියා. විවිධ ගෑනු ඇසුරු කළා. ටිකෙන්, ටික මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණා. පස්‌සේ මම ඉගෙනගත්ත කැම්පස්‌ එකෙන් මාව ලංකාවට පිටුවහල් කළා..."

"උපාධිය ඉවර කරන්නේ නැතුව මම ලංකාවට ආවා කියලා තාත්තා මට දොස්‌ කිව්වේ නෑ. එයා කිව්වේ මට තව ඉගෙනගන්න කියලා. ඊට පස්‌සේ මම මාතර ජාත්‍යන්තර පාසලකට ගියා. තාත්තා මාව ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන මගේ වියදම්වලට සරිලන පඩියකුත් දුන්නා. ඔහොම ඉන්නකොට අපේ ඉස්‌කෝලේ අයියලා හරහා විවිධ අය ඇසුරු කරන්න ලැබුණා. ඒ අතර ජනප්‍රිය ගායකයො කිහිපදෙනෙක්‌ම මට හිතවත් වුණා. අපේ තාත්තාගේ ව්‍යාපාරික ජනප්‍රියත්ව මත තමයි ඒ හිතවත්කම් ගොඩනැගුණේ. මුලදි අපි ගාල්ල, මාතර සුපිරි හෝටල්වල සෙට්‌ වෙලා හොඳට කෑවා බිව්වා. බොහෝ වෙලාවට ඒ බිල් ගෙව්වේ මමයි. එහෙම ටික කාලයක්‌ ගිහිල්ලා කොළඹ නයිට්‌ ක්‌ලබ් බහින්න පටන් ගත්තා. නයිට්‌ ක්‌ලබ්වලදි එක රෑට රුපියල් ලක්‍ෂය වියදම් කරලා තියෙනවා. මගෙත් එක්‌ක කෑවෙ, බිව්වේ සුපිරි ගායකයො, නළු නිළියො. මම රජා වගෙ. දත වෙනවා කියලා නිකමටවත් හිතුණේ නෑ..."

"ඔය ඉන්න අලුත් සහ පරණ වීගෙන යන සේරම නිළියො අපිත් එක්‌ක නයිට්‌ කල්බ් ගිහිල්ලා තියෙනවා. සමහර තරුණ නිළියො බීලා වැඩි වෙලා අපේ කරේ එන්නේ. ඊට පහුවෙනිදා දවල් වෙනකම් නැඟිටගන්න බෑ. හෝටලයක ඉඳලා ආයෙත් රෑට ක්‌ලබ් බැස්‌ස අවස්‌ථා තිබුණා. ලංකාවේ තියෙන හැම නයිට්‌ ක්‌ලබ් එකකටම මම ගිහින් තියෙනවා. මගේ නම කිව්වම නයිට්‌ ක්‌ලබ්වල අයිතිකාරයොත් දන්නවා. ඒ වෙනකොට මම ගෑනු ඇසුරට තදින්ම ලොල් වෙලා හිටියේ. එක දවසට ඔය නිළියො තුන් හතර දෙනා එක්‌ක ඉඳලා තියෙනවා. ඒ විදිහට නිශාචර ජීවිතයක්‌ ගත කරගෙන යනකොට දවසක්‌ ජනප්‍රිය කඩවසම් ගායකයෙක්‌ කැසිනෝ සෙල්ලම් කරන්න යන්න මට කතා කළා. ඒ සිද්ධිය වුණේ 2010 අවුරුද්දේ පෙබරවාරි මාසෙ 25 වැනිදා. ඒ දවස මට තාම මතකයි. නයිට්‌ ක්‌ලබ් ගිහිල්ලා එදා පාන්දර තමයි අපි කැසිනෝහලට ගියේ. කොල්ලුපිටියේ ප්‍රසිද්ධ කැසිනෝහලක්‌. මගේ අතේ තිබුණේ රුපියල් පහළොස්‌දාහයි. මාත් එක්‌ක ගිය ගායකයාට කොළඹ ඕනෑම කැසිනෝහලකට ඇතුළුවීමට අය කරන්නේ නෑ. එයත් එක්‌ක යන අයට අය කරන්නෙත් නෑ. කැසිනෝ එක ඇතුළට ගියාට පස්‌සේ කෑම, බීමත් නොමිලේ. බඩ පැළෙන්න කාලා. වැටෙන්න බොන්න පුළුවන්..."

"පැයක්‌ විතර මම කැසිනෝ සෙල්ලම් කරන හැටි බලාගෙන හිටියා. ඊට පස්‌සේ මම සෙල්ලම් කරන්න පටන් ගත්තා. එදා මම රුපියල් පහළොස්‌දාහයෙන්, එක්‌ලක්‍ෂ විසිදාහක්‌ දිනුවා. සැරෙන්, සැරේට මගේ පාට්‌නත් සල්ලි අරගෙන තමයි ඒ ගාන ඉතුරු වුණේ. එදා මම කැසිනෝ ලෑල්ල දැක්‌කේ සල්ලි මවන මැෂික්‌ වගෙයි. දෙවැනි දවසේ නයිට්‌ ක්‌ලබ් ගියේ නෑ, කෙළින්ම ගියේ ඒ කැසිනෝහලට. එදා මට මාර වෙල්කම් එකක්‌ දුන්නා. මම රුපියල් ලක්‍ෂයක්‌ අරගෙන ගියා. එදත් මුලින් දවසේ ගිය ගායකයයි, තවත් ජනප්‍රිය ගායකයෙක්‌ මාත් එක්‌ක ගියා. ඊට පහුවෙනිදා හතර වෙනකම් අපි කැසිනෝ සෙල්ලම් කළා. එදත් මම රුපියල් ලක්‍ෂ තුනක්‌ දිනුවා. එදා මට හිතුණා දෙයියෝ තමයි මට මෙතැන පෙන්නුවේ කියලා. ඊට පහුවෙනිදත් ආවා. එදත් දිනුම්. දවස්‌ විස්‌සක්‌ විතර යනකම් එකදිගටම දිනුම්. ඒ කැසිනෝහලේ අයටත් පුදුමයි. කැසිනෝ සෙල්ලමේ තියෙන්නෙ ගණිත සිස්‌ටම් එකක්‌. මමත් මැක්‌ස්‌ කරලා හොඳ මීටරයක්‌. පොඩ්ඩේදී මට ඕන දෙයක්‌ තේරුම් ගන්න පුළුවන්. මම ඒ දැනුමත් කැසිනෝ ගහන්න පාවිච්චි කළා. ඒ දිනුම් දවස්‌ ටිකට මගේ අතේ රුපියල් ලක්‍ෂ පනහක්‌ විතර ඉතුරු වුණා..."

"කැසිනෝ ගහන්න යන්න හිටියට පස්‌සේ තවත් යාළුවො සෙට්‌ වුණා. ප්‍රසිද්ධ බෑන්ඩ් එකක නායකයෙක්‌ හොඳටම හිතවත් වුණා. එතකොටත් ඒ අයියා කැසිනෝවලට හොඳටම ඇබ්බැහි වෙලා තිබුණේ. කැසිනෝශාලාවලදී හිතවත් වෙච්ච කිසිම කෙනෙක්‌ මට ඒකෙ වරදක්‌ පෙන්නුවේ නෑ. හැමෝම කිව්වේ අද බැරි නම් හෙට දිනුම් කියලයි. මේක තමයි ජිම්කානාව කියලා මමත් දිගටම කැසිනෝ ගැහුවා. ටිකෙන්, ටික වාසනා චක්‍රය කණපිට පෙරළෙන්න ගත්තා. අන්තිමේ දිනලා හිටපු ලක්‍ෂ පනහ පරාද වෙනකම් මමවත් දන්නේ නෑ. ඒත් අද බැරි වුණාට හෙට දිනන්න පුළුවන් කියලා හිතාගෙන දිගටම මම කැසිනෝ ගියා. ලංකාවේ හැම කැසිනෝශාලාවකම මම සෙල්ලම් කරලා තියෙනවා. ඒ හැම කැසිනෝ ශාලාවකම මට හොඳ වෙල්කම් එකක්‌ තිබුණා. දිනුවත්, පැරදුනත් මම කැසිනෝශාලාවෙන් එළියට යන්නේ ගෑනු පරාණයක්‌ එක්‌ක. එයා ලංකාවේ කෙනෙක්‌ද.. සුද්දියක්‌ද... ඉන්දියන් කාරියක්‌ද කියලා නෑ. ඇහැට වැදුණු කෙනා මම අරගෙන ගියා. ගාන ප්‍රශ්නයක්‌ නෑ. මට අවශ්‍ය වෙලා තිබුණේ ආතල් එක විතරයි..."
"ලංකාවේ නිළියො හුඟ දෙනෙක්‌ පාන්දරට කැසිනෝ බහිනවා. ඒ එන්නේ නයිට්‌ ක්‌ලබ් ගිහිල්ලා. ගෙන්නන්නේ කැසිනෝශාලාවල මැනේජර්ලා. ඒ දෙගොල්ලො අතර හොඳ ඩීල් එකක්‌ තියෙනවා. කවුරුහරි කස්‌ටමර් කෙනෙක්‌ කැසිනෝ ලෑල්ල වින් කරගෙන යනවා පේනවා නම් එතැනට සුපිරි නිළියො දෙතුන් දෙනෙක්‌ බස්‌සනවා. චූටි කලිසම් කෑලි, බඩ පපුව පේන්න ටීෂර්ට්‌ ඇඳගෙන පියරු බබ්බු වගේ ඇඟේ දැවටෙනකොට මිනිස්‌සු පිස්‌සු වැටෙනවා. කැසිනෝ සෙල්ලම් කරලා දිනපු දවසට අනිවාර්යයෙන්ම කැසිනෝශාලාව ගානේ ගෑනියෙක්‌ දෙනවා. ඒ දෙන්නේ ඒ දිනවල ජනප්‍රිය නිළියක්‌. කැසිනෝකාරයෝ ඒ අඹරන්නෙත් ගුලියක්‌ තමයි. ලක්‍ෂ ගණන් දිනලා හොඳට වෙරි වෙලා ගෑනියෙක්‌ එක්‌ක කාමරයකට ගියාට පස්‌සේ ඒ ගෑනි ෂේප් එකේ සල්ලි මිටිවලින් ලක්‍ෂ පහ, හයක්‌ ඇද ගන්නවා. කස්‌ටමර්ට ඒක තෙරෙන්නෙ නෑ. ඒ ගෑනි අදින මුදලෙන් භාගයක්‌ කැසිනෝශාලාවේ මැනේජර්ට යනවා..."

"නිළියන්ගේ ජොබ් එක රඟපෑම නෙමෙයි, කැසිනෝශාලා, නයිට්‌ ක්‌ලබ්, සුපිරි හෝටල්වල ඩීල් වීම. රඟපාලා ජනප්‍රියත්වය වැඩි වන තරමට ඒ අයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට අය කරන ගාණ වැඩි වෙනවා. මම කිසිම දවසක සල්ලි දීලා නිළියක්‌ එක්‌ක නිදාගෙන නෑ. ඒත් ඒ අයට ලක්‍ෂ ගණන්වලින් උදව් කරලා තියෙනවා. අපි අතර තිබුණේ හිතවත්කමක්‌...'

'කාලෙකින් සෙට්‌ වුණෙත් නෑ. වරෙං මචං අපි පොඩි ආතල් එකක්‌ ගන්න' කියලා නිළියකට කෝල් එකක්‌ ගැහුවම 'හරි මචං කොහේද ඉන්නේ අහනවා විතරයි. පැයෙන් මා ළඟ. ඔය නිළියන්ව සේරම මම ආශ්‍රය කළේ මචං ලෙවල් එකෙන්. ඇඟේ එල්ලගෙන හිටියේ නෑ. සල්ලි තියෙන ලස්‌සන කොල්ලෙක්‌ සෙට්‌ වුණහම ගොඩක්‌ම නිළියො ට්‍රයි කරන්නේ ඇඟේ එල්ලිලාම සල්ලි ටික හූරගන්න. ඒ අයත් එක්‌ක එකට සූටින් කරන නළුවොත් මාත් එක්‌ක හිතවත් නිසා සියලු නිළියන්ගේ කැරැට්‌ටුව මම දැනගෙන හිටියා. ඒක නිසා තමයි අතේ දුරින් මචං ලෙවල් එකෙන් තියාගෙන හිටියේ. ලංකාවේ නිළියො කිහිපදෙනෙක්‌ එක්‌කම වරින්, වර මම සිංගප්පූරු, බැංකොක්‌, ඩුබායි ගිහිල්ලා සති ගණන් ඉඳලා ඇවිත් තියෙනවා. ඒ ගිය අවස්‌ථාවලට රත්තරං බඩු, ඇඳුම්, පැළඳුම් අරගෙන දීලා තියෙනවා. මාත් එක්‌ක ඉන්නවට ගාස්‌තුවක්‌ කියලා සල්ලි දෙන්නේ නෑ. ඒ යන අය ඉල්ලන්නෙත් නෑ. වෙන බිස්‌නස්‌කාරයෙක්‌ එක්‌ක රට ගියා නම් ටිකට්‌ එකේ ඉඳලා වියදම් කරලා ලංකාවට ඇවිත් ගෙදරට බස්‌සනකොට ලක්‍ෂයක්‌ දෙකක්‌, සල්ලිත් දෙන්න ඕනා. ඒක නිළියන්ගේ රස්‌සාව.
GOSSIP
519


දේශසීමා නිලධාරීන් ගමන් බෑගය 'ස්කෑන්' කිරීමේ දී ඒ ඇතුළේ මවකගේ කුසෙහි බිලිඳකු සිටින ඉරියව්වෙන් ගුලි වී සිටින තැනැත්තකුගේ අඳුරු රුවක් දැක ඇත.

අට හැවිරිදි තම පුතු විශාල ගමන් බෑගයක් ඇතුළේ සඟවා ගෙන මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට පැමිණි අයිවරිකෝස්ට් ජාතිකයෙක් සිර දඬුවම් නොලබා බේරීමේ පුවතක් වාර්තා වෙයි.

නීතිවිරෝධී ආකාරයට සියපුතු ගෙන පැමිණි අලි ඔටාරා (Ali Ouattara ) නම් එම තැනැත්තා සිරගත කරනු ලැබීම ස්පාඤ්ඤ නීති නිලධාරීන්ගේ උවමනාව වී ඇතත් එය ලිහිල් දඬුවමකට පමණක් සීමා කරනු ලැබ ඇත.

සිය පුත්‍රයා ගමන් බෑගය තුළ සිටි බවක් අලි ඔටාරා දැන සිටි බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි නොවූයෙන් ඔහු සුළු දඩයකට පමණක් යටත් කොට සෑහීමට පත්වීමට නීති නිලධාරීන්ට සිදු වී ඇත.

"ඔවුන් මම සූට්කේස් එක ඇතුළට දමන බවක් මමවත් මගේ තාත්තාවත් දැන සිටියේ නැහැ" සූට්කේසයෙන් ස්පාඤ්ඤයට පැමිණි දැනට දස හැවිරිදි වියේ පසුවෙන පිරිමි දරුවා වන 'අඩෝ' (Adou) පවසයි.



ළමයා ගමන් බෑගය ඇතුළත සිටි ආකාරය.

ඔවුන්ගේ ගමන මෝටර් රථයකින් සිදු කෙරෙනු ඇතැයි තම පියා නිතරම තමා සමඟ සඳහන් කළ බව දස හැවිරිදි 'අඩෝ' (Adou) පවසයි.
දේශ සීමාව හරහා මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට අයත් 'Ceuta' නගරය කරා එන ගමනේ දී ගමන් බෑගයේ සිටි තමාට හුස්ම ගැනීම දුෂ්කර වූ බවත් දස හැවිරිදි ළමයා පවසයි.
'Ceuta' ස්පාඤ්ඤයට අයත් එහෙත් 'ජිබ්‍රෝල්ටා' සමුද්‍ර සන්ධිය නිසා එරට ප්‍රධාන භූමියෙන් වෙන්ව උතුරු අප්‍රිකානු වෙරළේ පවතින ස්වතන්ත්‍ර පාලනයක් සහිත නගරයකි.
මොරොක්කෝව සහ 'Ceuta' නගරය අතර සංචාරය කරන කාන්තාවන් ඇදගෙන යන විශාල ගමන් මළු පාවිච්චියෙන් වැළකිය යුතුව ඇතැයි එම නගරයේ නිලධාරීන් 2015 වසරේ පටන් නියෝග කර ඇත.



මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර 'Ceuta' නගරය දැක්වෙන සිතියමක්

අලි ඔටාරා (Ali Ouattara ) විසින් ගෙන එමින් තිබුණ ගමන් බෑගය දේශසීමා නිලධාරීන් විසින් 'ස්කෑන්' කරන ලද අවස්ථාවේ ඒ ඇතුළේ මවකගේ කුසෙහි බිලිඳකු වැතිර සිටින ඉරියව්වෙන් ගුලි වී සිටින තැනැත්තකුගේ අඳුරු රුවක් දැක ඇත.

කෙසේවුවද, අනවසරයෙන් ළමයකු රටට ඇතුල් කිරීමට ගන්නා ලද උත්සාහය සම්බන්ධයෙන් අලි ඔටාරාට නියම කර ඇති දඬුවම යුරෝ අනූ දෙකක (€92) දඩයක් පමණි.
GOSSIP
312
කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස හිරිහැර කළ ගම්වාසීන් පිරිසක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණදී ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් සහ 35 හැවිරිදි ඇගේ දියණියයි.

එම කාන්තාවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම ගම්මානයේ පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඔවුන් දෙදෙනාට පිරිසක් එක්ව හිරිහැර කළ බවයි.

එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ ඥාතීන් අදාළ කාන්තාවන්ගේ නිවසට කඩා වැදී ඔවුන්ගේ ඥාතියාගේ මරණයට හේතුව අදාළ කාන්තාවන් බව පවසා තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ එම කාන්තාවන් දෙදෙනා විසින් සිදුකළ මායාකර්මයක ප්‍රතිඵලයක් ලෙස තම ඥාතියා මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම වූ අවස්ථාවේ එම කාන්තාවන් විසින් සඳහන් කර ඇත්තේ තමන් එවැන්නක් සිදුනොකළ බවයි.

එම ප්‍රකාශයන් පිළිබඳව තැකීමක් නොකළ අදාළ පිරිස විසින් අනතුරුව ඔවුන් දෙදෙනා නිවසින් පිටතට ගෙන තිබෙනවා.

ඉන් පසු එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයන් විසින් සුසාන භූමියක් වෙත රැගෙනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම පිරිස තමන්ට සහ තම මවට මල මුත්‍රා වලින් පහරදී බලහත්කාරයෙන් ම ඒවා පෙවූ බවයි මෙලෙස පහරකෑමට ලක්වූ දියණිය ප්‍රකාශකරන්නේ.

අනතුරුව කාන්තාවන් දෙදෙනාගේ හිස මුඩු කර කාන්තාවන්ගේ ඇඳුම් ඉරා දමා ඔවුන් නිරුවත් කර තිබෙනවා.

ඉන් පසුව ඔවුන්ගේ ගම්මානය වටා කාන්තාවන් දෙදෙනා රැගෙනගොස් ඇති අතර මිත්‍යා මත හේතුවෙන් කිසිවෙකුත් ඔවුන් ගලවාගැනීමට ඉදිරිපත් වී නෑ.

අනතුරුව අදාළ සිදුවීම පිළිබඳව එම කාන්තාවන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දියාවේ නිතරම දක්නට ලැබෙන මෙවැනි සිදුවීම්වලට හේතුව අන්ධ විශ්වාස බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

වැන්දඹු කාන්තාවන්ගේ දේපල වංචාකර අයිති කරගැනීමට ද බොහෝ අවස්ථාවල ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදුකරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
GOSSIP
274
තමුන්ට ලැබුණු අවස්ථාවෙන් බොහෝ චරිත සොයා යන ටෙලි නාට්‍ය ශිල්පිණියන් අතරේ දිනූෂා ටිකක් වෙනස් කෙනෙක්.
දිනූෂා සිරිවර්ධන ඇයට ලැබෙන සෑම චරිතයක්ම භාර ගන්නා කෙනෙක් නොවීම ඒ වෙනසට හේතුවිය.
නෙතූ හැඩ කළ දිනූෂා මින් පසු කරන්න හදන දේ සහ ඇයගේ ඉදිරි කලා කටයුතු ගැන කීවේ මෙලෙසිනි.



දිනූ කියන්නද? නෙතූ කියන්නද?

දිනූෂා කියන නම කෙටි කරලා දිනූ කියලා තමයි හැමෝම ආදරයට කියන්නේ. ඒත් මඟ තොටේ යද්දි බොහෝ දෙනා මාව අමතන්නේ නෙතූ කියලයි.

දිනූෂා මොකද මෙච්චර කාර්යබහුල ?

රඟපෑමට කාර්යබහුල නැහැ. නිරූපණ ශිලිපිනියක ලෙස, විශේෂයෙන්ම මනාලිය ලෙස හැඩ වෙන විලාසිතා නිරූපණය නිසා තමයි කාර්යබහුල. ඊට අමතරව රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා.



දිනූෂා නෙතූගෙන් පසු නැවත රඟපාන්නේ නැද්ද?

අපෝ නැහැ. ඒත් මම ගොඩ බදා ගත්තා වගේ චරිත ගොඩක් බාරගෙන කාර්යබහුල වෙන්න කැමැති නැහැ.

දිනූෂා මොන වගේ චරිතවලටද කැමති ?

හොඳ චරිත රඟපාන්න ආසයි. රඟපෑමට චරිතයක් බාර ගත්තොත් අපට දැනෙන විදියට එය රඟපාමින් ඒ නිර්මාණයට උපරිම සාධාරණය කරන්න ඕනෑ. ඉතින් සමහර විට රඟපෑම වෙනුවෙන් දුර පළාත්වලටත් යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කැපකිරීම් කළ හැකි චරිතවලට තමයි මගේ කැමැත්ත තියෙන්නේ. එවැනි චරිත ලැබුණොත් බාර ගන්නවා.



දිනූෂා නිතරම මනාලියක වීම ගැන හිතන්නේ කොහොමද ?

ඒක හරි අපූරු අත්දැකීමක්. හැමදාම වගේ එක එක විදියෙ මනාලියක ලෙස හැඩ වෙනවා. මනාලියක ලෙස ඒ විදියට හැඩවීමටත් ලොකු වෙලාවක් යනවා. ඇත්තටම ඒ නිසාම කාර්යබහුල වෙන්නත් වෙලා.

දිනූෂා නිරූපණ ක්ෂේත්‍රයේදී හොඳ ආර්ථික වටිනාකමක් ලැබෙනවද?

බොහෝ විට මම කරන්නේ විලාසිතා නිරූපණ නොවෙයි. බ්‍රයිඞ්ල් නිරූපණ හෙවත් මනාලියක ලෙස කරන නිරූපණ අවස්ථා සඳහායි. මේ වනවිට සිය වතාවකට එහා අවස්ථා ගණනකදී මනාලියක ලෙස පෙනී සිටින්න ඇති.

දිනූෂා සැබෑ ජීවිතයේ මනාලියක වෙන්නේ කවදද ?

ඒකට තව කල් තියෙනවා.

දිනූෂා මනාලයෙක් තෝරාගෙන ඇති ?

ඔව්. ඔව්.



දිනූෂා පෙම්වතා මේ ක්ෂේත්‍රයේ කෙනෙක්ද ?

එයා සංස්කරණ අංශයට සම්බන්ධ චරිතයක්.

දිනූෂා ඔබගේ මංගල දිනයේදී මොන විදියට හැඩ වෙන්නද කැමති ?

උඩරට විදියෙ මනාලියක ලෙස හැඩ වෙන්න තමයි ආස.


දිනූෂා නෙතූ නිසා ද මනාලයා හමුවුණේ ?

අපෝ නැහැ. නෙතූ නිසා ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි. මම ආසා කරන්නේ ඒ වගේ අහිංසක චරිතවලටයි.

දිනූ මේ විදියට රඟපෑමට සහ නිරූපණයට ආවේ නැත්නම් ?

මම ජූඩෝ ක්‍රීඩාව ප්‍රගුණ කළා. එහෙම නම් සමහර විට ඒ අංශයෙන් ඉදිරියට යන්න තිබුණා.

දිනූෂා ඇයි ජූඩෝ අංශයෙන් රට නියෝජය නොකළේ ?

වසර හයක් විතර ජාතික සංචිතයේ පවා හිටියා. ඊට පසුව අයින් වුණා. නිරූපණ කටයුතුවලට ආවේ අපේ අක්කා නිසයි. නිරූපණ අංශයෙන් කාර්යබහුල වෙද්දි නැවත ජූඩෝ ක්‍රීඩාව ගැන හිතුවෙ නැහැ.

දිනූ අක්කා නිසා කිව්වේ ?

අක්කා රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේම නිරූපණයෙත් යෙදුණා. එයා හර්ෂිනී සිරිවර්ධන. දැන් එයා සිටින්නේ ඉතාලියේ. එහෙ සිට රූපලාවන්‍ය කටයුතුවලත් යෙදෙනවා.

දිනූ අයිෂ් කියලා ඇයි ඔබට කියන්නේ ?

මගෙ සමහර යාළුවෝ තමයි විහිළුවට එහෙම කියන්නේ.

දිනූ ඇත්තටම දිනූ කිව්වාම මොන වගේ කෙනෙක් ද ?

බොහොම සාමාන්‍ය විනයක් ඇතිව අනික් අයට ගරු කරමින් ජීවත් වන සරල තරුණියක්.



දිනූ බොහෝ දෙනාට අවස්ථා නැතුව ලතැවෙනවා. දිනූෂාට රඟපෑමට අවස්ථා බෙහෙවින් ලැබිලත් ඇයි ඒ ගැන උනන්දුවක් නැත්තෙ ?

අවස්ථා පැහැර හරින්නේ නැහැ. නමුත් ඒ ලැබෙන අවස්ථාව කියලා සල්ලි පස්සෙම දුවන චරිතයක් වෙන්න මම ආසා නැහැ. හොඳ චරිතයක් කරනවා කියන්නේ මුදලට වඩා වටිනා දෙයක්. අනෙක හැමදේටම නිකරුණේ පෙනී සිටින ඕපාදූප චරිතයක් වෙන්නත් මම කැමැති නැහැ. මට මගේ සැබෑ ජීවන චරිතය ඔක්කෝටම වඩා වටිනවා. ඉතින් ඒ සීමාව දැන ගෙන කටයුතු කරන නිසා හඹා යාමේ පිපාසයක් මට නැහැ.




සටහන - සඳුන් ගමගේ
GOSSIP
271
සනුක වික්‍රමසිංහගේ “සංසාර සිහිනේ” ගීතය මෙරට ජනප්‍රියතම ගීත ගොන්නට අතරට එකතුවුනා. තරුණ පරම්පරාව ඉතා ආදරයෙන් වැළඳ ගත් මෙම ගීතයේ පිටුපස බොහොම අපූරු සැඟවුනු කතාවක් තියෙනවා. සනුකගේ ගීත ඇහුවට සනුක ගායනා කරන ගොඩක් ගීත ලියන්නෙ කවුද කියලනම් ඔබ දන්නෙ නැතුව ඇති. කොහොම වුනත් සනුක ගායනා කරන ගොඩක් ගීත ලියපු උදාරි අමරතුංග පසුගිය පුවත් පතකට උදහස් දක්වමින්  “සංසාර සිහිනේ” සැඟවුනු ඒ අපූරු කතාව කියලා තිබුණා.



පද රචිකාව විදිහට මේ ගීතය වෙනුවෙන් ඔබටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද ?

ඇත්තටම ක්ෂේත්‍රයේ අයගෙන් වුණත් වෙනස් ගීතයක් කියලා හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝ දෙනා කිව්වා මේ ගීතය රැල්ලකට යන්නේ නැතුව කරපු නිර්මාණයක් කියලා.  මම සේවය කරන්නේ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ උසස් පෙළ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරියක ලෙසයි.  මම උගන්වන දරුවෝ ටිකත් අපේ ටීචර් ලියපු ගීතයක්නේ කියලා බොහොම ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා.

සංසාර සිහිනේ ගීතයෙන් ඔබ මොන විදිහේ පණිවුඩයක්ද දෙන්න උත්සාහ කළේ?

අද තියෙන්නේ අද දැක්කා හෙට යාළු වුණා අනිද්දට අතහැරියා වගේ කෙටි ප්‍රේම සම්බන්ධතානේ. නමුත් සංසාර සිහිනෙන් කියවෙන්නේ දිගු කාලයක් තිස්සේ තේරුම් ගැනීම හරහා තමන්ගේ ආත්මයන් හඳුනාගෙන පවත්වාගෙන යන්නට හදන ආදර කතාවක් ගැනයි. ඒ වගේම ලිංගිකත්වයට විතරක් බර වෙන්නේ නැතුව හැම පැත්තෙන්ම විවාහ ජීවිතයකට සුදුසු අයුරින් දීර්ඝකාලීන බැඳීමක් ගෙනයාම ගැනත් සංසාර සිහිනේ ගීතයෙන් කියවෙනවා.



‘සංසාර සිහිනේ’ ගීතයට පාදක වුණේ ඔබේම අත්දැකීමක්ද?

නැහැ. ඒක මගේ මිතුරියකගේ අත්දැකීමක්. විශ්වවිද්‍යාලයේ ඉන්න කා‍ලේ දවසක් බස් එකෙන් ගෙදර එන අතරතුර මම ඒ මිතුරියගේ කතාව මට දැනුන විදිහට ටැබ් එකේ ටයිප් කරමින් ආවා. එදා මගේ හිතට ආපු ඒ වචන ටික තමයි අද ලංකාවේ ජනප්‍රියම ගීතයක් බවට පත්වෙලා තියෙන්නේ.

සංසාර සිහිනේට පෙරත් ඔබ අතින් ගීත ලියැවී තිබෙනවා නේද?

ඔව්. මම ගීත හුඟක් ලියලා තියෙනවා. ඒත් තවම ඒවා ගීත විදිහට එළිදැක්වුණේ සනුකගේ හඬින් විතරයි. මගේ පළවෙනි ගීත රචනය වන “ඔබ දකින්න බැහැ” කියන ගීතයත් ජනතාව අතරට ගෙනිච්ච්‍ෙ සනුක. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ‘සංසාර සිහිනය’ කියන ගීතය තේමා කරගෙන ලියන නවකතාවක පරිච්ජේද කිහිපයක්ම මම මේ වනවිටත් අවසන් කරලා තියෙනවා. මේ කතාව සම්පූර්ණ කරලා මගේ ප්‍රථම නවකතාව විදිහට එළිදක්වන්නත් මම බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

ඔබේ ගීතවල සාර්ථකත්වය ගැන කියන්න ඔබට විශේෂ කාරණයකුත් තිබෙනවා?

ඔව්. හුඟක් අය කියනවා අද කා‍ලේ ගීතයක් ජනප්‍රිය කර ගන්න විෂුවල් ඕනෑමයි කියලා. ඒත් මම කියලා සනුකගේ හඬින් ගැයුණු ගීත දෙකටම විෂුවල් නැහැ. ඒත් ඒ ගීත දෙකම ගීත ලෝලීන් හුඟක් ආදරයෙන් වැලඳ ගත්තා. මම නම් හිතන්නේ ගීතයකට මුලින්ම විෂුවල් එකක් නිර්මාණය කරලා මේකයි විෂුවල් එක කියලා එළියට දාන්නේ නැතුව යම් ගීතයක් ජනප්‍රිය වෙනවා නම් ඒක තමයි මම දකින විදිහට සාර්ථකම ගීත රචනාව.



නමුත් අද කා‍ලේ හැටියට මියුසික් වීඩියෝවක් නැතුව ගීතයක් ජනප්‍රිය කර ගැනීම තරමක් දුරට අභියෝගයක් නේද ?

අද මිනිස්සු ගොඩාක් කාර්යබහුල නිසා බොහෝ දෙනා ක්ෂණික දේවල්වලට තමයි හුරු වෙලා ඉන්නේ. මිනිස්සු යාන්ත්‍රික වෙලා නිසා ඔවුන් ඉක්මනට විෂුවල් වලට ඇදිලා යනවා. සමහර විට ගීතයෙන් කියවෙන්නේ මොනවගේ අර්ථයක්ද, විෂුවල් එක ගීතයේ පද රචනයට ගැළපෙනවද කියලා වත් දන්නේ නැහැ. නමුත් ඇත්තටම සංසාර සිහිනේ ජනප්‍රිය වෙන්නේත් ඒකට විෂුවල් එකක් නැති හින්දමයි. මොකද රසිකයෝ මේ ගීතයෙන් කියවෙන්නේ මොකක්ද කියලා පුළුල්ව හිතන්න පටන් ගත්තා.
භාෂාව පිළිබඳ කිසිදු හැදෑරීමක් නොමැතිව ගීත ලියනවා කියන චෝදනාව නව පරපුරේ බොහෝ ගී පද රචක රචිකාවන්ට එල්ලවෙනවා. ඒ චෝදනාව ඔබ දකින්නේ මොන විදිහටද?
මම නම් හිතන්නේ හොද ගීත ලියන්න නම් හොඳට කියවලා තියෙන්නත් ඕනෑ කියලයි. මගේ භාෂා භාවිතයට මට ලැබුණ හොඳම ශක්තිය තමයි ‍පොත් කියවීම. අපිට හොඳ ගීතයක් රචනා කරන්නට නම් භාෂාව ගැන වෙනමම හැදෑරීමක් කිරීම අවශ්‍ය නැහැ. නමුත් භාෂාව ගැන යම් පරාසයක අවබෝධයක් තිබිම හරිම වටිනවා.



POLITICAL
262
GOSSIP
220
බිත්තර දැමු ඉන්දුනීසියාවේ පිරිමි දරුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. 

මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් ද ගැටලුකාරී තත්වයකට පත්වී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම පිරිමි දරුවා පසුගිය වසර දෙකක කාලය පුරා සිය අධෝ මාර්ගයෙන් බිත්තර 20 ක් දමා ඇතැයි සඳහන්. 

14 හැවිරිදි ඔහු ප්‍රකාශකර ඇත්තේ 2016 වසරේ සිට මෙම තත්වය තමාට පවතින බවයි. 

දරුවාගේ පියා විසින් එම බිත්තර කඩා බැලීමේ දී එහි ඇතැම්විට කහමදය පමණක් හෝ ඇතැම්විට සුදු මදය පමණක් පැවති බව සඳහන්.

මෙම පිරිමි දරුවාගේ උදරයේ සිදු කළ එක්ස්රේ පරීක්ෂණයකදී ද හෙළිවී ඇත්තේ ඒ වන විටත් එහි බිත්තර පවතින බවයි.

මෙම තත්වය හේතුවෙන් පිරිමි දරුවා අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණයන්ට ද ලක්ව ඇති අතර වෛද්‍යවරුන් ඉදිරියේම බිත්තර දෙකක් දැමීම හේතුවෙන් මතබේධාත්මක තත්වයට ඔවුන් පත්ව තිබෙනවා. 

කෙසේවෙතත් වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ මිනිස් සිරුරක බිත්තර ඇති වීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි. 

මෙම බිත්තර මෙම දරුවාගේ අධෝ මාර්ගයට උවමනාවෙන්ම ඇතුලු කර ඇතැයි වෛද්‍යවරුන් සැක පළ කරනවා.
 
කෙසේවෙතත් ඇසින් දුටු සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය ද නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
මෙම දරුවාගේ පියා ද එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ඔහු ප්‍රකාශ කරන්නේ තම දරුවා බිත්තර සම්පුර්ණයෙන් හෝ ගිල නොදැමු බවයි. 

කුඩා දරුවෙකු එලෙස සිදු කරන්නේ ඇයි ද යන්න ඔහු ප්‍රශ්ණ කරනවා. 

කෙසේවෙතත් මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
GOSSIP
161
මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා. මේ අතරේ පාසල් සිසුවියක සහ සිසුවකු අතරේ සිදුවන ආදර ජවනිකාවක් සමඟින් "Manikya Malaraya Poovi" නම් ගීතයටත් ඉහළ ප්‍රසිද්ධියක් ලැබුණා. එහි එක් දසුනක ඇතුළත්, තරුණිය විසින් ඇසක් ගසා කරන්නා වූ ඉඟිය මෙලෙස එක් රැයකින් ලොව පුරාම ජනප්‍රිය වන්නට සමත් වී තිබෙනවා.


එපමණක් නොව මේ වනවිට එම තරුණියගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාල මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා.



ලොව පුරා තරුණ හදවත් සොරාගත් එක් රැයකින් මුළු ලෝකයේම ජනප්‍රියත්වයට පත් ඇහැක් ගහන කෙල්ලගේ ඇත්ත කතාව ගෙන එන්නේ Oru Adaar Love නම් මලයාලම් චිත්‍රපටය යි. ලබන මාර්තු 03 වනදා තිරගත වීමට නියමිත Oru Adaar Love චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, කේරළයේ තිස්තුන් හැවිරිදි සිනමා අධ්‍යක්ෂවරයකු වන ඔමාර් ලුලු විසින්. මෙය ඔමාර්ගේ තෙවැනි සිනමා නිර්මාණය වන අතර ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන Happy Wedding (2016) බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක්. දෙවැන්න Chunkzz, 2017 වසරේ කේරළයේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරට ඇතුළත් වුණා. මෙම චිත්‍රපට ද්විත්වයටම නවක නළු නිළියන් දායකකර ගැනීමත් විශේෂයි.
 
Oru Adaar Love චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් ද එම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තෝරා ගත්තේ නවකයන්. මෙහි ප්‍රධාන පිරිමි චරිතයට පණ පොවන යොවුන් රෝමියෝ ලෙසින් නම් ලද දහනව හැවිරිදි රෝෂන් අබ්දුල් රහූෆ් කෙරළ සිනමාවට පිවිසෙන්නේ Oru Adaar Love චිත්‍රපටය සමඟින්. අබුඩාබිහිදී උපත ලද ඔහු මේ වනවිට ත්‍රිසූර්හි අයිසීඒ උසස් අධ්‍යාපන ආයතනයේ පළමු වසරේ සිසුවෙක්. ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන ප්‍රියා ප්‍රකාශ් වැරියර් මේ වන විට ලොව පුරා කතාබහට ලක් වී තිබෙනවා.
තම කුලුඳුල් සිනමා නිර්මාණය තිරගත වීමටත් පෙර එහි ගීතයක තත්පර කිහිපයක එක් දසුනකින් ඇය මෙලෙස ජනතා ආකර්ෂණයට ලක් වීම පුදුමයක් බව සිනමා විචාරකයන්ගේ අදහසයි.



වයස අවුරුදු 18ක් වන ප්‍රියා තවමත් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. කේරළයේ ත්‍රිසුර්හි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන ඇය සිනමාවට පිවිසීමට පෙර එක් වරක් මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කර තිබෙනවා. මේ වන විට ඇය, අන්තර්ජාලයේ වැඩිම පිරිසක් සෙවූ ඉන්දියානුවන් අතරින් කෙනෙකු බවට ද පත් වී සිටිනවා. එපමණක් නොව ඉන්ස්ටග්‍රම් වාර්තාවක් ද ඇය සතුයි. පැය විසිහතරක් ගතවීමට පෙර ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ පිරිවර 616,000ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ වන විට එහි පිරිවර මිලියන දෙක ද ඉක්මවා ඇති බවයි සඳහන් වෙන්නේ.



මෙතෙක් ඇය සමඟින් කළ කිසිදු සම්මුඛ සාකච්ඡාවක් මාධ්‍ය ඔස්සේ පළ වී නොමැති අතර චිත්‍රපටය තිරගත වූ පසුව ඇයගේ සම්මුඛ සාකච්ඡා පළ වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා. ප්‍රියාගේ මව ප්‍රීතා, මාධ්‍ය වෙත කර තිබෙන දැනුම් දීමට අනුව තවමත් ඇය අධ්‍යාපනය ලැබීම හේතුවෙන් මේ දිනවල ඇය පාසල් නේවාසිකාගාරයේම නැවතී සිටිනවා. "මෙය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. ප්‍රියා රංගනයට බෙහෙවින් ඇලුම් කරනවා. ඒ නිසාම පසුගිය වසරේ තවත් තිර පරීන්ෂණයකට පෙනී සිටියා. එයින් තෝරා ගනු ලැබුවත් තවමත් දොළාස්වන වසරේ අධ්‍යාපනය ලබන නිසා ඇයගේ විභාග කටයුතු එයට හරස් වුණා" ප්‍රියාගේ මව පවසා තිබෙනවා. එසේම මෙම ඉන්ස්ටග්‍රම් ගිණුම ව්‍යාජ එකක් බවත් ඇය පවසනවා.



Oru Adaar Love චිත්‍රපටයට යොදා ගෙන තිබෙන "Manikya Malaraya Poovi" ගීතය උස්තාද් පී.එම්.ඒ ජබ්බාර් විසින් රචනාකර තිබෙන්නේ 1978 වසරේදී යි. තලාසරී කේ. රෆීක් විසින් සංගීතවත් කළ එය සම්ප්‍රදායික මලබාර් මුස්ලිම් ගීතයකි. එහි නව සංගීත සංයෝජනය සිදු කර තිබෙන්නේ, ශාන් රහ්මාන් විසින්. මේ වන විට හයිද්‍රාබාද්හි ෆලක්න්මා පොලිස් ස්ථානයට මෙම ගීතයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙහි පද රචනය මුස්ලිම් හැඟීම්වලට පටහැණි බවත් එය මුහම්මද්තුමාගේ අනුගාමිකයන්ට අනුකම්පා විරහිතව රචනා කර ඇති බවත් පැමිණිලිකරුවන් චෝදනාකර සිටිනවා. කෙසේ නමුත් මෙම ගීතය නිසා පාසල් කාලයේ සුන්දර ආදර කතාවක් රැගෙන එන Oru Adaar Love චිත්‍රපටයට නම් මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


සංගීතමය ආදර කතාවක් සමඟින්, අනර්ඝ වූ ආදරය යනු කුමක් ද? යන්න පවසන Oru Adaar Love චිත්‍රපටයේ ගීත 8ක් අන්තර්ගතයි. උසස් ද්විතියික පාසලක එකොළහ සහ දොළහ වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයකු ප්‍රධානව තවත් ගැහැනු ළමයින් සිව්දෙනෙකු සහ පිරිමි ළමයින් පස් දෙනෙකු මෙහි ප්‍රධාන චරිත අතරට ඇතුළත්. Oru Adaar Love චිත්‍රපටය කියන්නේ, ඔවුන්ගේ ජීවිත, ආදරය සහ මිත්‍රත්වය ගැන කතාවයි.

GOSSIP
119
ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහා අත්තිවාරම් කපමින් සිටියදි පොළව යට වැළලී තිබි හමුවු ටොන් අටක් බරැති අඩි 11 දිග යටත් විජිත සමයට අයත් පැරණි කාලතුවක්කුව ඊයේ (21) ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය ඉතිහාස කෞතුකාගාරය වෙත රැගෙන එනු ලැබීය.

මෙම කාලතුවක්කුව යටත් විජිත සමයේ හමුවු සෙසු කාල තුවක්කු වලට වඩා වෙනස් එකක් බවත් එහි පිටුපස කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කර සේවා නුලට ගිණි දැල්වීම සඳහා පමණක් සිදුරක් තබා ඇති බව පෙනි යන බවත් මෙතෙක් හමුවු කාල තුවක්කු පිටුපස ආවරණය නැති හා ඒවා ගැලවී ගිය මෙන්ම ආවරණයේ කොටස් පමණක් තිබු ඒවා බවද සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂක ඩබ්ලියු. එච්. ඒ. සුමනදාස මහතා පැවැසීය.



මහ රෝහල් පරිශ්‍රයෙන් හමුවු මෙම කාලතුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700 වන කාලයට අයත් චීනචට්ටි ලෝහයෙන් නිර්මිත එකක් වන බවත් එය පිහිටි පොලවේ මෙම ස්ථානයේම සවි කර තිබු එකක් වන බවත් පසුව කාලයාගේ ඇවෑමෙන් පස් තට්ටු වලින් වැසි ගොස් ඇතැයි සහකාර අධ්‍යක්ෂකවරයා පැවැසීය.

මෙම ස්ථානයෙන් පැරණි කාලතුවක්කුවක් හමුවීම පුදුම සහගත කරුණක් නොවන්නේ වත්මන් ත්‍රිකුණාමලය මහ රෝහල බ්‍රිතාන්‍යයන් මෙරට පිහිටවු පළමු හමුදා රෝහල වන හෙයිනි එමෙන්ම මහ රෝහලට ඉහලින් වත්මන් නැගෙනහිර නාවික විධානය පිහිටි කදු ගැටයේ පිහිටි ඔස්ටන් බර්ග් බල කොටුවත් මහ රෝහලට උතුරින් පිහිටි ෆෙඞ්රික් බල කොටුවත් අතර මෙම හමුදා රෝහල පිහිටුවුයේ එදා මෙම බල කොටු අත්පත් කර ගැනීමේදී ලන්දේසීන් හා කල සටනින් තුවාල ලැබු බ්‍රිතාන්‍ය සෙබලූන් හට ප්‍රථිකාර ලබා දීම සඳහායි දින තුනක් පුරා කල සටනකින් බ්‍රිතාන්‍යයන් මෙම බල කොටු ද්විත්වය අත්පත් කර ගනිමින් 18 වන සියවසේදී ත්‍රිකුණාමලය සිය පාලනයට නතු කර ගනු ලැබීය. ඔවුන් එදා එසේ අත් පත් කරගත් භූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කාල තුවක්කු ස්ථාපිත කර තබන්නට ඇති බව සිතිය හැකිය.

බලකොටු අත්පත් කරගත් බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලය වරායේ ආරක්ෂාව වෙනුවෙන් වරායට මුහුණලා වරාය අවට නිශ්චිතවු දුරකින් කාල තුවක්කු ස්ථාපිත කරනු ලැබීය ෆෙඞ්රික් බල කොටුව සංවර්ධනය කර දෙවන ලෝක යුද්ධයට මුහුණ දීම සඳහා ත්‍රිකුණාමලය වරාය අවට අති විශාල කාල තුවක්කු රැඳවුම් අට්ටාල ප්‍රමානයක් ස්ථාපිත කිරිමට ඔවුන් පසුකාලිනව කටයුතු කරනු ලැබුවේ මිත්‍ර පාර්ශවය සතුව ආසියාවේ තිබු විශාලතම ඉන්ධන ගබඩා පර්යන්තය ත්‍රිකුණාමලයේ පිහිටා තිබු හෙයිනි



වරායේ ආරක්ෂාවට එදා ඔවුන් පිහිටවු එම කාලතුවක්කු අද එම ස්ථානවල දක්නට නැතත් කාලතුවක්කු රැදවුම් පලවල් සියල්ලම තවමත් වරාය අවට මෙන්ම බල කොටු ද්විත්වය ආශ්‍රීතවද දක්නට ලැබෙන්නේය ඒවා පිළිබදව සොයා බලා නඩත්තු කිරිමට හෝ ඒවා ආරක්ෂා කිරිමට නිසි වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට රජය මෙතෙක් අවධානය යොමු නොකර තිබිමද කණගාටු දායකය.

නාවික හමුදාවේ නැගෙනහිර විධානයට අයත් නිලධාරින්ගේ සහයෙන් රැගෙන ආ මෙම කාලතුවක්කුව මෙරටින් හමුවු විශාලතම බ්‍රිතාන්‍ය කාලතුවක්කුව අසලින් ස්ථාපිත කරනු ලැබීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ නිලධාරින් යොදවා ශුද්ධ පවිත්‍රකර නාවික හා සමුද්‍රිය ඉතිහාස කෞතුකාගාරයේ එලිමහනේ රඳවන දෙකක් මත සවිකර මහජන ප්‍රදර්ශණයට තබන බව සහකාර අධ්‍යක්ෂකවරයා තවදුරටත් පැවැසීය.



GOSSIP
117
1   |   2      »      
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top