පසුගිය කාලය පුරා ශ්රී ලාංකික ක්රිකට් ලෝලීන් කණගාටුවට ලක්වූ පුවතක් වුනේ ශ්රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්වීමයි. කෙසේ නමුත් මේ වන විට දැනගන්නට ලැබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICCය තීරණය කර තිබෙන බවයි.