Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL QUICK READ GOSSIP
GOSSIP
1,411
පකිස්ථානයෙන් බිහි සුපිරි ක්‍රිකට් තරුවක් මෙන්ම 1992 ලෝක කුසලානය පකිස්ථානයට ගෙන ආ නායකයා වන වර්තමානයේ එරට ප්‍රධාන දේශපාලන චරිතයක් වන ඉම්රාන් ඛාන් තුන්වන වරටත් අද(19) විවාහ වුනා.

ඉම්රාන්ගේ නවවන මනාලිය වුනේ ඔහුගේ අධ්‍යාත්මික උපදේශිකාව වන බුෂ්රා මනේකායි.



ඔවුන් දෙදෙනා අද විවාහ වුනේ ලාහෝර් නුවර Pakistan Tehreek-e-Insaf පක්ෂ මුලස්ථානයේදී.

කෙසේවෙතත් මනාලියගේ මුහුණ නිරාවරණය වූ ජයරුපයක් මාධ්‍යට නිකුත් කර නැති අතර ඊට හේතු වුනේ සිය ආගමික විශ්වාසය බවයි වාර්තා වන්නේ.

පකිස්ථානයෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් තරුවක් මෙන්ම එරට ප්‍රධාන දේශපාලන බලවේගයක නායකයා වන ඉම්රාන් පළමු වරට 1995දී විවාහ වුනේ බ්‍රිතාන්‍ය සමාජ ක්‍රියාකාරිනියක් වූ Jemima Khan සමග.

GOSSIP
742
ලොකු සතුටක් මගේ දියණිය Katie ට පොඩි හරි විවේකයක් ලබාදෙන්න මට පුළුවන් වුන එක. ටික වෙලාවකට ඇයගේ දරුවන් ඇයගෙන් ඈත් කර ඇයට සුව නින්දක් ලබා දුන්න එක ගොඩක් වටිනවා.. අද මං හිනා වෙලා ඉන්නේ සැහෙන්න කටුක අමාරු කාලයක් පසු කරගෙන ඇවිල්ලයි.



මීට වසර කිහිපයකට කලින් මගේ දියණිය ඉතාමත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නා. ඇය ඇසිඩ් ප්‍රහාරයකට ලක් වුනා. ඇය ගැන බලාපොරොත්තු තියාගත් තරුණයෙකු ඇයව හෝටල් කාමරයක සිර කර දූෂණය කළා. ඒ ඇය ඔහුව ප්‍රතික්ෂේප කල නිසා. දිගින් දිගටම ඇය ඔහුව ප්‍රතික්ෂේප කල නිසා ඔහු සිටියේ බොහොම වෛරයකින්.. ඒ නිසා ඔහු ඇයව මරන්න නොසැහෙන්න උත්සහ ගත්තද එසේ කරන්න නොහැකි නිසා ඔහු ඇයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ ඇසිඩ් ප්‍රහාරයෙන් ඇය සැහෙන්න පීඩාවකට පත්වුනා. අයගේ මුහුණ පපු ප්‍රදේශය අත් දරුණු විදිහට පිළිස්සුනා. මේ හේතුවෙන් ඇය හා සමානවම මා මානසිකව ඇදගෙන වැටුනා. මමත් ඇයගේ පියාත් මේ ලෝකේ තනි උනා වගේ දැනුනා.



රෝහලේ කතා කරගන්නවත් බැරුව අසරණව සිටි ඇය දිනක් මට වචන කිහිපයක් කොලයක ලියා දුන්නා. එදා තමයි මං නොමැරී මැරුණේ. ඇය එහි ලියා තිබුනේ '' මාව මරලා දාන්න අම්මේ '' කියාය. ඇසිඩ් ප්‍රහාරය නිසා ඇයගේ මුළු ජිවිතයම කඩා වැටුනේ අප ඇස් ඉස්සරහදිමයි. ඒ නිසා මා ද බොහෝ සෙයින් මානසිකව වැටුනද ඇය වෙනුවෙන් මා සිතට ධෛර්ය ගත්තා. කෙසේ හෝ ඇයගේ සිත සන්සුන් කරන්න උත්සහ ගත්තත් ඒ උත්සාහයන් අසාර්ථක වුවා. කිසි විටක අපි ඇයව තනි කලේ නැහැ. ඒ අතරතුර ඇයව දුෂණය කල ඒ පාපතරයා සහ ඇසිඩ් ප්‍රහාරය සිදුකල ඔහුගේ මිත්‍රයා පොලිසිය මගින් ජීවිතාන්තය තෙක් සිරගත කළා.



කාලයත් සමග ඇය කෙමෙන් කෙමෙන් සුව වුයේ අපගේ සිත් ද කෙමෙන් යලි සන්සුන් කරමින්. අපි ඇයව රෝහලෙන් යලි ගෙදර රැගෙන ආවේ මා ඇය මගේ කුසින් බිහි කර කුඩා බිලිඳියක් ලෙසින් පෙර දිනක එම නිවසටම රැගෙන ආ ආකාරයටමයි.. එදා ඉඳන් මා ඇයව කුඩා කල වගේම ආදරයෙන් රැක බලාගත්තා.. ඇයට කිසිම වැඩක් පලක් තනිව සිදුකරගැනීමට හැකියාවක් තිබුනේ නැහැ. ඇයගේ සියලුම වැඩ පල කලේ මා විසින්මයි.



ඇය සුව වුවා.. විරූපී වූ ඇයගේ මුහුණ විවිධ සැත්කම් මගින් යලි යතා තත්වයට ගන්න අපි කටයුතු කලද ඇයගේ බිඳුණු සිත යලි යතා තත්වයට ගන්න අපට නොහැකි වුනා. නමුත් හදිස්සියේම දිනක් ඇයට වෙළඳපලට යාමට අවශ්‍ය බව පැවසුවා. කෙසේ හෝ තමාව වට්ටන්නට හදන මේ බාධක වලට අභියෝග කරමින් ඇය නිවසින් පිට වුයේ තනිවමයි.
ඇය ගත් අවධානම අපි හොඳින් දැනගෙන සිටියා. ඇය විරුපියි. ඇයගේ තිබු ප්‍රසන්න පෙනුම දැන් නැහැ. ඇය මෙලෙස තනිවම පිටත ලෝකයට මුහුණ දෙන්නේ සැහෙන්න කාලයකට පසුවයි. මේ නිසාම මා තුල විශාල බියක් තිබුනා. පැයකට පමණ කාලයකට පසුව ඇය යලි නිවස බලා ආවේ සිනහ මුසු මුහුණකින්.. ඇසිඩ් ප්‍රහාරයෙන් ඇයගේ පෙනුම විරූපී කලද ඇයගේ සිනහව තුල තිබෙන ප්‍රසන්න බව නැවුම් බව කිසිවෙකුට මකා දමන්නට බැහැ.

 
 
GOSSIP
729
ගයත්‍රී ඩයස් කියන්නේ පුංචි තිරයට හරිම ලෙංගතු චරිතයක්. ඒ නිසා වෙන්න ඇති ඇය ගැන බොහෝ කතා කාලෙන් කාලෙට මැවෙන්නෙත්. පුංචි තිරයෙන් දකින්න ලැබෙන ගයත්‍රී ගැන පුවත්පතක සදහන් වූ තොරතුරුයි මේ.

කොහොමද ජීවිතේ දකින්නේ?

අපේ කැමැත්තකින් තොරව අහම්බෙන් ලැබුණු දෙයක් තමයි ජීවිතය කියන්නේ. ජීවිතේ ‍ලේසි නෑ. මහත් වූ වෑයමක් දරලා අනෙකාගේ සහයෙන් අපි විසින්මයි ජීවිතේ සුබවාදී කරගත යුත්තේ.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ලබාගන්න බැරිවුණු දේවල් මොනවාද?

ලබාදුන්නු තරමටම මට නොලැබුණු එකම දේ ආදරය. ආදරේ තමයි මගේ ජීවිතේ එකම නොලැබිම.

ජීවිතෙන් අයින් කළ යුතුයි කියලා හිතන්නේ මොනවාද?

ඕනවටත් වඩා අනෙකාට ආදරය කිරීම සහ මම ආදරය කරන තරමටම මටත් ආදරේ ලැබෙයි කියන බලා‍පොරොත්තුව තමයි ජීවිතෙන් මට අයින් කරගත යුත්තේ.



ලබන ආත්මේ කවුරු වෙන්නද ඕන?

මේ දැන් ඉන්නවට වඩා හිත ශක්තිමත් මමම විදිහට උපදින්නයි මට ඕන. හැබැයි මට තනියම ලබන ආත්මයක් ගැන හිතන්න බෑ. මේ මගේ දරුවො දෙන්නත් මට අවශ්‍යයි.

කලාවෙන් ආපු දුර හා තව යන්න තියෙන දුර ගැන මොකද හිතෙන්නේ?

කලාව දේවත්වයෙන් සලකන මට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර, ඇගයීම් ලැබුණා. කලාවේ මට තියෙන ලොකුම සහ එකම හීනය ඉදිරියේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි.



රූපලාවණ්‍යයෙන් මේ ආපු දුර ගැන මොකද හිතෙන්නේ?

මට මගේ දැනුමෙන් ලංකාව විතරක් ‍නෙවෙයි ලෝකෙත් තැනකට එන්න හැකියාව ලැබුණා. ඉතින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මගේ ගමන ගැන මට උපරිම සතුටු වෙන්න පුළුවන්.

රූපලාවණ්‍යයෙන් ඉදිරියෙන්ම සිටින ඔබ තව කෙනෙකුට කොහොමද ඒ දැනුම ලබාදෙන්නේ?

මමත්, නයනත් දෙන්නම එකතුවෙලා අපි දෙන්නාගෙම රූපලාවණ්‍ය දැනුම හැමෝටම ලබාදෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉදිරියේදී වර්ක් ෂොප් කිහිපයක්ම හරහා ඒ දැනුම සමාජගත කිරීමට අපි සූදානම්.
GOSSIP
665
ජනප්‍රිය නිළි පියුමි හංසමාලි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයේ අවධානයට ලක්වන චරිතයක්. මේ දිනවල නම් පියුමි ඉන්නේ ඉතාමත් සතුටෙන් කියලයි ආරංචි වුණේ. ඒ ඇයට ඉන්දීය සිනමාපටයකට ආරාධනා ලැබීම නිසා.

කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ අවස්ථාවක් ලැබිලා නේද..?

ඔව්. ඒක මට හිතාගන්නවත් බැරි අවස්ථාවක්. හරිම සතුටුයි මට ලැබුණු ඒ අවස්ථාව ගැන. මේ මාසේ මැද වගේ චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නවා.

කොහොමද පියුමිට මේ පුදුම හිතෙන අවස්ථාව ලැබුණේ..?

මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරිය තමයි බීනා උන්නික්‍රිෂ්ණන් කියන්නේ. ෆේස්බුක් එකේ මාව දැකල තමයි එයා මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ. මීට මාස හතරකට විතර කලින් තමයි මට චිත්‍රපටයට ආරාධනා කළේ.




පියුමිට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී එක්ක. පියුමිව තෝර ගනිද්දී ඒ ගැන දැනගෙන හිටියාද..?

ඔව්. ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක තමයි මට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඇත්තටම ඔහු මම ගරු කරන රංගන ශිල්පියෙක්. කේරළවලට ගිහින් ඔහු එක්ක රඟපාන්න අවස්ථාව ලැබීමම සතුටක්. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ බිරිය වෙන්න තමයි මට අවස්ථාව ලැබුණේ.

පියුමි වැඩිය රඟපාලත් නෑනේ. මේ නිර්මාණයට පියුමිව තෝරගන්න ඇත්තේ පෙනුම නිසාවත්ද..?

මම වැඩිය රඟපාලා නෑ. මම රඟපාලා තියෙන්නෙත් එක ටෙලි නාට්‍යයක විතරයි. මම සම්බන්ධ වුණු චිත්‍රපටයත් තාම තිරගත වුණේ නැහැ. ඒ නිසා මගේ පෙනුම බලලා වෙන්න ඇති මාව තෝරගත්තේ. එයාලට ඕන වුණේ ඉතාම අහිංසක සාරියක් අන්දලා තියන්න පුළුවන් චරිතයක්. වයසින් වැඩි සැමියෙක් එක්ක ජීවත්වෙන ළාබාල ගංගා කියන තරුණියගේ චරිතයට මාව ගැළපෙනවා කියලා හිතන්න ඇති.

සරාගී විදියට දකින පියුමි අහිංසක චරිතයකට ගළපා ගැනීමත් පුදුමයක් නේද..?

ඇත්තටම නිෂ්පාදකවරිය මගේ ෆේස්බුක් එකේ යහළුවෙක්. එයාලා මාව දැකලා තියෙන්නේ හොට් විදියට. ඒත් මාව තෝරගෙන තියෙන්නේ අහිංසක චරිතයකට. මටත් පුදුමයි. ඇත්තටම ඒ නිෂ්පාදකවරිය මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි.



පියුමි මුහුරත් උළෙලටත් ගියා. හැබැයි වැඩි සද්ද බද්ද දැම්මේ නෑ..?

ජනවාරි 9 තමයි අපි මුහුරත් උළෙල වෙනුවෙන් ඉන්දියාවට ගියේ. මම ඉන්දියාවට යනකල් කිසිම කෙනෙක්ට කිව්වේ නෑ. හැබැයි සමහරු මම ඉන්දියාවට ගිය එක ගැනත් බොරු ගොසිප් දාලා තිබුණා.

හැම දෙයක් ගැනම ප්‍රසිද්ධ කරන පියුමි මෙච්චර ලොකු අවස්ථාවක් ලැබිලත් සද්ද බද්ද නොදැම්මේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා හිතුණු නිසාද..?

ඇත්තටම ඔව්. මම මේ සැරේ කට පරිස්සම් කරගත්තා. මට ලංකාවෙදි ලැබුණු සමහර අවස්ථා පවා සමහර නිළියෝ නැති කළා. මේ පාර මම සද්ද නැතුව හිටපු නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මම වැඩිය රඟපාලත් නෑ. ඉතිං මම හිතන්නේ වැඩිය රඟනොපා ඉඳලත් මේ වගේ ලොකු අවස්ථාවක් ලංකාවේ නිළියක්ට ලැබුණු පළමු අවස්ථාව මේක.

ජැක්සන් ඇන්තනී එක්ක මේ නිර්මාණය ගැන කතාබහ කළාද..?

මුහුරත් උළෙලට යද්දි එයාර්පෝට් එකේදි තමයි මට ඔහු එක්ක කතා කරන්න ලැබුණේ. ඔහුගේ නිර්මාණ බලලා තිබ්බට ඔහු එක්ක පළමුවැනි වතාවට කතා කළෙත් එදාමයි. මම ඔහුට කිව්වා මට එච්චර රඟපාන්න තේරෙන්නේ නෑ කියලා. මට ඕන සහයෝගයක් දෙන්නම් රඟපාමු කියලා තමයි ජැක්සන් ඇන්තනී මහත්තයා මට කිව්වේ. ඔහු ගුරුවරයෙක් වගේ. හොඳ මනුස්සයෙක් ඔහු.
 
 
GOSSIP
663
“ජීවත්වෙලා මොකටද? කරන කියන හිතන හැම දෙයක් ම බොරු වැඩ. ජීවිතය මහා අවුලක්. මේ ජීවිතය අතහැරලා යන්න ඕනෑ. එතකොට නිදහස්. ඔව් මරණය මේ ජීවිතයට වඩා හොඳ ඇති.” නීලමණී මෙසේ නිතර නිතර සිතුවාය.

“මේ මනුෂ්‍ය ජීවිතය කොයි තරම් වටිනවාද? මේක ඉතාමත් විරළ අවස්ථාවක්. කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වාගේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. විමුක්තිය සාක්ෂාත් කර හැකි එකම අවස්ථාව යැයි නීලමණීට කිසිදා නොසිතුණාය. ඒ නිසා ඇය ගෙල වැළලාගෙන සිය දිවි නසා ගන්නට කීපවරක් ම උත්සාහ කළාය.

“මේ ගෙදර මොන දෙයින් ද අඩු? මම කොයි තරම් නීලමණීට ආදරේ ද? ඇයි? ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ?” නීලමණීගේ සැමියා සුගත් ඇය වැළඳ ගෙන හඬන්නට විය. එහෙත් ඇය බලාගත් අත බලාගෙන සිටියාය. අවසානයේ ඇය මනෝ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර පැතිය. ඒත් ඇගේ අසනීප තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීය.
“අනේ දෙයියනේ.මට මේ මොනවාද වෙලා තියෙන්නේ? ගෙදර අය මට කොයිතරම් ආදරේ ද?” එසේ සිතා ඇය බෙහෙත් බීවද යළි යළිත් ඇයට මැරෙන්නටම සිත් දුන්නාය. ඇය දෑතින් ඔළුව බදාගෙන කල්පනා කරන්නට වුවාය.

හතළිස් පස් හැවිරිදි නීලමණී උගත්ය. රූමත්ය. සුගත් ව්‍යාපාරිකයෙකි. ඔහු නීලමණී ළඟටම වී ඇය ආරක්ෂා කරන්නට විය. ප්‍රවේශම් කරන්නට විය. කිසිදු ප්‍රතිකාරයක් හරි නොගිය තැන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු ඇයව කැඳවාගෙන ගියේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා හමු වී සිය බිරියට සිදු වී ඇති තත්ත්වය පැහැදිලි කළේය.
“මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය?” ආධ්‍යාත්මීය උපදේශකවරයා නීලමණීගෙන් විමසුවේය.

“අනේ මං දන්නෙ නෑ මහත්මයා. උස හීන්දැරි ගැහැනු කෙනෙක් මගේ ළඟට එනවා. මට එයා එක්ක යන්න අඬ ගහනවා.”
නීලමණී උත්තර දුන්නාය.

“කවදා ඉඳලා ද ඔය තත්ත්වය උදා වුණේ ? ”

“අපි මේ ගේ සල්ලි වලට අරගෙන පදිංචියට ආ දවසෙ ඉඳලා. දැනට මාස හතරක් විතර වෙනවා.” ඇය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.
“මේ තත්ත්වය නිසා. දැන් මෙයා ඉන්නේ අම්මලගෙ ගෙදර ඒත් මෙයා ජිවිතය නැති කරගන්නම උත්සාහ කරනවා මහත්තයා.”
සුගත් ද පැවසීය.

“මේ ගේ පාළුවට ගිහින් තිබුණේ. අඩු මිලකට ලැබුණු නිසා මම මේක මුදලට ගත්තා. අපි ගෙදර පදිංචියට ආපු දවසේ ඉඳලයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ ගෙදර රෑට අමුතු සද්ද බද්දත් ඇහෙනවා. සැරෙන් සැරේ මහා ගඳකුත් දැනෙනවා සුගත් තවත් පැත්තක් ගවේෂකවරයාට පෙන්වා දුන්නේය.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට නීලමණී ගැහෙන්නට වුවාය. මොහොතකින් ඇය සිහිසුන්ව වැටුණාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින රෝග පරීක්ෂා කරන විට නීලමණීගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ?”

“මම සෝමා”
භුතාත්මය පිළිතුරු දෙමින් කීවාය.
“ඇයි මේ නීලමණීට කරදර කරන්නේ?”

“මම කැමති නැහැ මේ ගෙදර අඹු සැමි දෙන්නෙක් සතුටෙන් ඉන්නවාට.”

“ඔබ මොනවා වෙලා ද මැරුණේ?”

“මම දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. මගේ මහත්තයා වෙන ගැහැනියක් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. ඒක නතර කරන්න බැරි වුණා. ඒ දුකට වේදනාවට තරහවට මම එල්ලීලා මැරුණා. දැනට අවුරුදු පහළොවක් විතර වෙනවා. ඊට පස්සේ මහත්තයා ගේ කුළියට දුන්නා. පදිංචියට ආ ගැහැනු තුන් දෙනෙක්ම මම මැරුවා. ඔළුව අවුල් කරලා එල්ලීලා මැරෙන තත්තවයකට ඒ අය පත් කළා. ඒ වගේම මම මේකිවත් මරනවා.” ප්‍රේතිය කීවාය.

“ඇයි මොන වරදක් කළාට ද මෙයා මරන්න හදන්නේ?”

“මම කැමති නැහැ සතුටෙන් සමාදානයෙන් ඉන්න පවුල් ජීවිතවලට. මම මුළු ලෝකය එක්කම තරහයි.”
“ඔබ කොහොමද කෙනෙක්ව බෙල්ලේ වැළලාගන්න පොළඹවන්නේ?”

“මම ඒ ගෙදර කෑම නරක් කරනවා. ලුණු වැඩි කරනවා. මිරිස් වැඩි කරනවා. කොයි තරම් හොඳට කෑම හැදුවත් ඒ කෑම කන්න බැරි කරවනවා. අඹු සැමියන් බහින් බස් කරවනවා. ගැනිගේ ඔළුව අවුල් කරලා මම එල්ලිලා මැරුණු කාමරයට යන්න පොළඹවා ගන්නවා. එතැනදී එල්ලිලා මැරෙන්න හිතට අදහස් දෙනවා. දැනට තුන් දෙනෙක් බිලි ගත්තා. හි ... හි... හී... මේකිවත් මරනවා.”
ප්‍රේතිය සිනාසෙමින් කීවාය.

“හපුතලේ අක්කර හතළිහක් තරම් විශාල වූ තේ වත්තක් මැද පිහිටි අක්කරයක පමණ ඉඩම් කොටසක, ඉදි කරන ලද මන්දිරයක ජීවත් වූ පවුලක දෙදරු මවක් තම ස්වාමි පුරුෂයාගේ ජීවිතයට තවත් ගැහැනියක් සම්බන්ධ වීම නිසා මුළු ලෝකය කෙරෙහිම වෛර කරමින් ජීවිතය එපා වී ගෙල වැළලාගෙන මරණයට පත් වුණා. එසේ ද්වේෂය මූලික වූ අකුසල සිතින් ඊළඟ ප්‍රතිසන්ධිය දුගතිගාමී වී අද ඇය ප්‍රේතියක් ලෙස දුක් විඳීනවා. ඇය සමාජය ගැන වෛරයකින් සිටින්නේ. ඔබත් එහෙම කෙනෙක්”
ගවේෂකවරයා ඒ බව ප්‍රේතියට පැහැදිලි කර දුන්නේය. ඉන් අනතුරුව ගවේෂකවරයා යළි ප්‍රේතිය ඇමතීය.

“ඔබත් ජීවත් වුණේ ලස්සන ගෙදරක නේද?”

“ඔව්. ඒත් මට එතැන පස්සේ අපායක් වුණා. මගේ මහත්තයා වෙනත් ගැහැනියක් එක්ක සම්බන්ධ වුණා නිසා.”
“ඒ ඔබත් පෙර ජාතියක වරදක් අකුසලයක් පාපයක් කර තියෙන නිසා. ඒ විපාකයට තමයි එහෙම වුණේ. ඔබ උගත් කෙනෙක් විදිහට හිතන්න. පුරුවේ කරුමයක් විපාකයක් කියලා. ඔබට වැටහෙනවද මම කියන දේ.”
“ම්.... ම්... ම්.... ඔව් මහත්තයා. මට වැටහුණා.”

“එහෙම නම් මෙහෙම හිතන්න. ඔබේ මහත්තයාත් පිටස්තර ගැහැනියකුත් නිසා වටිනා මිනිස් ජීවිතය නැති කර ගෙන ඔබ අද දුක්ඛිත ප්‍රේතියක් වෙලා ඉපදීලා. අහිංසක ජීවිත තුනක් නැති කර තවත් මේ පව් කරගන්න හදනවා එහෙම වුණොත් ඔය ප්‍රේත දුක තවත් අවුරුදු ගණනක් දිග් වෙනවා. ඒ මදිවාට මේ අහක ඉන්න නීලමණීත් මේකට පටලවා ගෙන. නීලමණී ඔබට කිසි වරදක් කළ කෙනෙක් නොවෙයි. තවත් පව් කරන්න එපා. ඔය දුගතියෙන් මිදෙන්න අධිෂ්ඨාන කරගන්න.”
“ඔව් මහත්තයා මට තේරෙනවා. මට මේ අගාධයෙන් මිදෙන්න මාර්ගයක් කියන්න. මට උදව් කරන්න.”

“හොඳයි මම මේ අයට තවත් සතියක් බෝධි පූජා පවත්වන්න නියම කරනවා. ඒ අය සමඟ ඔබත් බෝධි පූජාවට යන්න. එතැනදී හිත නිවා ගන්න. සැහැල්ලු කරගන්න. සතිය අන්තිමට ගෙදර සාංඝික දානයක් දෙන්න මේ අයට මම කියන්නම්. එතැනදී පින් අනුමෝදන් කරගෙන දැන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යන්න උත්සහ කරන්න.”
ගවේෂකවරයා ප්‍රේතියට කීවේය.

 
 
GOSSIP
595
රුවන්ට දැනුණු මොකක්ද මේ නාරි හැඟුම් ?

නාරි හැඟුම් මගේ අලුත් ගීතය. පද රචනය කළේ රොෂාන් සමරවික්‍රම, වීඩියෝ එක කළේ තාලරූප ප්‍රඩක්ෂන් එකේ චමිල් පතිරණ.

මේ වීඩියෝවේ ලංකාවෙන් පිටත දර්ශන තල තියෙන්නේ. ඒකත් විශේෂයි නේද?

ඔව්, මේක අපි කළේ මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ තව පොඩි දූපත් කිහිපයක. ඒ දූපත්වලට ගිහින් දවස් දෙකක් shooting කළා. අපි ලංකාවෙන් හය දෙනෙක් විතර ගියා. එහෙනුත් හතර දෙනෙක් විතර සහභාගි වුණා මේ වැඩේට.

මේ වීඩියෝව කරන්න ලංකාවේ දර්ශන තල තිබ්බේ නැද්ද?

මෙහෙමයි, මේ සින්දුවේ ස්ටයිල් එක ටිකක් වෙනස්. ලොකේෂන් නැතුවම නෙවෙයි. නමුත් අපිට ගැළපෙන ලොකේෂන් හම්බ වුණේ හරිම අඩුවෙන්. අනික ඒ හම්බවුණු තැනටත් ගොඩක් දුරයි. එහෙම බැලුවම රට ගියත්, මෙහෙ කළත් වියදම් වෙන ප්‍රමාණය එක සමානයි. ඒකයි අපි ලංකාවෙන් පිටට ගිහින් වීඩියෝව කළේ.

මැලේසියාවම තෝර ගත්තේ විශේෂ හේතුවක් නිසාද?

කලින් අපි මාලදිවයින තෝර ගත්තේ. ඒත් එහෙ ගණන් වැඩියි. අන්තිමේදී අපි මැලේසියාවම තෝර ගත්තා.

මේ රූප රචනාවේ ඉන්නෙත් ෂෙරිල්මයි. රුවන්ගේ වීඩියෝවල ෂෙරිල් වැඩිපුර ඉන්නවා නේද?

එයා ඉන්නම ඕන කියලා එකක් තිබ්බේ නැහැ. ඒත් එයා මේ සින්දුවට ගොඩක් කැමතියි. මාත් හුඟක් කැමතියි මේ ගීතයට. මොකද මේක වෙනස් හැඩයක ගීතයක්.

රුවන් නිර්මාණයක් කරන්න කොච්චර කල් ගන්නවද?

අන්තිමටම කරපු ගීතය හොඳට හැමෝම අහනවා නම්, හොඳ ප්‍රතිචාර තියෙනවා නම් තවත් අලුත් ගීතයක් කරලා අන්තිමටම කරපු ගීතය වහලා දාන්න අවශ්‍ය නැහැ. ඉතිං එක ගීතයකට ගන්න පුළුවන් උපරිම වාසිය අරගෙන තමයි තව ගීතයක් ප්‍රේක්ෂකයන්ට දෙන්නෙ.
GOSSIP
571
අද කාලේ කවුරුත් ගෙවන කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ දෙනෙකුට හැදෙන රෝගයක් තමයි ගැස්ට්‍රයිටීස්. අපේ උදරයේ සහ සමහර විට පපුව, උගුර ආදී ප්‍රදේශවල දැවිල්ලකුත් එක්ක ඇති වෙන මේ රෝගයට හේතුව තමයි අපේ ආමාශයේ ආම්ලිකතාව ඉහළ යන එක.

මේ ආම්ලිකතාව ස්වාභාවිකවම ඇති වෙලා තියෙන්නේ අපි ගන්නා ආහාර ජීර්ණය කිරීම සඳහායි. සාමාන්‍යයෙන් ආහාර ජීර්ණයත් එක්ක ආම්ලිකතාව අඩු වී ගිහින් නැවත ආහාර ගැනීමේදී එය ජීර්ණය කිරීම වෙනුවෙන් අලුතෙන් අම්ල ශ්‍රාවය වීම චක්‍රයක් වගේ සිදු වෙනවා. මේ ක්‍රියාවලියේ සංකූලතා මතු වෙලා අදාළ ආම්ලිකතාව නිසා ආමාශයට හානි සිදු වීම තමයි ගැස්ට්‍රයිටීස් උත්සන්න වෙන්න හේතු වෙන්නේ.

ගැස්ට්‍රයිටීස් නිසා ආමාශ බිත්තියේ තුවාල හට ගැනීම.

කාලයකට සැරයක් විවිධ හේතු නිසා ආමාශයේ ආම්ලිකතාව ඉහළ යාම නිසා සාමාන්‍යයෙන් කියන විදිහට බඩ පුරවා දැමීම කියන තත්වය ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් කල් පවතින, නිතර ඇති වන ආම්ලිකතාව තමයි ගැස්ට්‍රයිටීස් විදිහට හඳුන්වන්නේ.


තරමක් දුරට ජානමය සාධක නිසාත් කෙනෙකුට ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න ඉඩකඩක් තිබුණත් බොහෝ විට එයට හේතු වෙන්නේ අපේ ආහාර රටාවේ තියෙන අඩුපාඩු තමයි. ප්‍රධාන වශයෙන්ම නිසි වෙලාවට ආහාර නොගැනීම, කෙටි ආහාරවලින් ප්‍රධාන ආහාර වේල්වල අවශ්‍යතාව පුරවා ගැනීම සහ විශේෂයෙන්ම උදේ ආහාර වේල නොගැනීම ගැස්ට්‍රයිටීස්වලට ප්‍රධාන හේතුවක් වෙනවා.

ගැස්ට්‍රයිටීස් තත්ත්වය සුව කර ගන්න අපිට බොහොම පහසුවෙන් සොයා ගන්න පුළුවන් ශාක දෙකක් තමයි වැල්මී සහ අළු කෙසෙල්.

මොනවද මේ වැල්මී?

වැල්මී කියන නම අපි බොහෝ දෙනෙක් අහලා තියෙනවා වුණාට ඒ ගැන වැඩි දැනුමක් ඔබට නොතිබෙන්න පුළුවන්. වැල්මී කියන්නේ ගසක්ද වැලක්ද කියන එක තවමත් විවාදයට ලක් වෙන කරුණක්. සාමාන්‍යයෙන් පඳුරු ශාකයක් විදිහට හැඳින්වෙන වැල්මීවල විද්‍යාත්මක නාමය වෙන්නේ Glucyrrhiza glabra Linn.


අඩි 4-5 ක් උසට වැවෙන වැල්මී ශාකය මැදපෙරදිග සහ ග්‍රීසිය ඇතුළු දකුණු යුරෝපීය රටවලට ආවේණිකයි. පසුකාලීනව ඉන්දියාවේ සහ පකිස්තානයේත් වැල්මී වගා කෙරුණත් සාමාන්‍යයෙන් තවමත් උසස්ම වැල්මී විදිහට සැලකෙන්නේ යුරෝපයේ හෝ මැදපෙරදිග සිට ආනයනය කෙරෙන වැල්මී වර්ගයි. ශ්‍රී ලංකාවේ වැල්මී වැවෙන්නේම නැති තරම්.

ආයුර්වේද වෙළඳසැලකින් වැල්මී ගන්න ගියොත් ලැබෙන්නේ අපේ කුඩා ඇඟිල්ල තරමේ දිගැටි මුල් වගේ ජාතියක්. පාටින් දුඹුරු පැහැයට හුරු වැල්මී විකිණීමේදී බොහෝ දුරට පිටත පොත්ත ඉවත් කරනවා. මේ මුලක් හපලා බැලුවොත් දැනෙන්නේ මිහිරි පැණි රසක්. මේ නිසා විවිධ ක්‍රමවලට සකසපු වැල්මී යුරෝපයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල රසකැවිල්ලක් විදිහටත් පාවිච්චි වෙනවා. මිහිරි රසය වගේම කටේ දුර්ගන්ධය ඉවත් කරන්නත් වැල්මී හේතු වෙනවා.
GOSSIP
553
"දවසක් මා යතුරුපැදියේ හිටගෙන ගමන් කරන විට පොලිසියෙන් ඇල්ලුවා"

"සිර මැදිරියේදී මා හිතා ගත්තා කවදා හරි ජයගන්නවා කියලා"

දෑත නිදහසේ තබාගෙන කිසිඳු ආධාරකයක් නොමැතිව යතුරුපැදිය මත සිටගෙන පැයට කිලෝමීටර් 60 හා 70 අතර වේගයකින් අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 100ක දුරක් ගමන් කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහුටුවීමට සමත්වුණු 23 හැවිරිදි තරුණයකු පිළිබඳ පුවතක් වාර්තාවුණා .



23 හැවිරිදි ගොකරැල්ල පොල්ගොල්ල පදිංචි ආර්.එම්. තරිඳු ඉෂාර අකලංක මැටිකුඹුර නමැති තරුණයා මෙම වාර්තාව තැබීමට සමත්වුණා.

පසුගිය 16 වනදා පෙරවරු 10.26ට අනුරාධපුර දෙකේ කණුව හන්දියෙන් ගිනස් ගමන ආරම්භ කරනු ලැබූ ඉෂාර අකලංක කුරුණෑගල, සාරගම වැව අසලින් සාර්ථකව එම ගමන නිම කළා.

ගිනස් වාර්තාව පිහිටුවීමට පළමුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ තරිඳු ඉෂාර අකලංක මැටිකුඹුර මෙලෙස පවසා තිබුණා , "කුඩා කාලේ සිට යතුරුපැදි ධාවනය කිරීම සඳහා මට දැඩි උනන්දුවක් තිබුණා. දවසක් මා යතුරුපැදියේ හිටගෙන ගමන් කරන විට පොලිසියෙන් අල්ලලා දිනක් පොලිස් සිර මැදිරියේ දැමුවා. සිර මැදිරියේදී මා හිතා ගත්තා මම කවදා හරි පොලිසිය නීතිය ඉටුකළා වගේ මගේ හැකියාවෙන් ඉදිරියට ගොස් ජය ගන්නවා කියලා.

එදා මාව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියාට ගොඩාක් ස්තුතියි. එම නිසා තමයි අද මෙවැනි වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබුණේ. කවුරුත් කියල දුන්නෙ නෑ. මම තමයි මේ සමබරතාව හොයාගත්තේ. මේ යතුරුපැදි විතරක් නෙවෙයි ඕනෑම යතුරුපැදියක් මේ විදියට මට ධාවනය කරන්න පුළුවන්.



විශේෂයෙන් මතක් කළ යුතුයි. මගේ අම්මා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු සියලුම ක්‍රීඩා නිලධාරීන්, මගේ යාළුවන් මේ වාර්තාවට මට ගොඩාක් උදවු කළා.
ඉන්දියානු ජාතිකයෙක් 2015 වසරේදී තියපු ලෝක වාර්තාවක් තමයි අද දින මා විසින් බිඳ දමන්න සූදානම් වන්නේ. රංනේශ් පාන්ඩේ කියන ඉන්දියානු ජාතිකයා කිලෝමීටර් 32 මීටර් 300ක් පමණ දුර යතුරුපැදියේ හිටගෙන ගමන්කර මෙම ලෝක වාර්තාව මීට පෙර තබා තිබුණා. කිලෝමීටර් 100ක් ගමන්කර එම වාර්තාව මා විසින් බිඳ දමනවා"

මේ අවස්ථාවට ගිනස් කමිටුවේ නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන්, ගොකරැල්ල ප්‍රදේශවාසීන්, දිවයින පුරා සිටින යතුරුපැදි ධාවනය සඳහා ඇලුම් කරන විශාල පිරිසක් එක්ව සිටි බවයි පැවසෙන්නේ.
GOSSIP
531
පැතුම් රුක්ෂාන් කියන්නේ මේ යුගයේ ඉන්න අහිංසකම පෙම්වතා. නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන ඔහුට වැඩිපුරම ආදරේ කරන්නේ තරුණියන්. නිරුපන ශිල්පියෙක් විදිහට කලාවට අවතීර්ණ වූ ඔහු ගැන තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි මේ.



පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද...?

පුංචි කාලේ මගේ ලොකු හීනයක් තිබුණා. ඒ තමයි නළුවෙක් වෙන්න. මම පුංචි කාලේ ඉඳන් හරියට හින්දි ෆිල්ම්ස් බලනවා. ඉස්සර මට මතකයි මම සුනිල් ෂෙට්ටි වගේ ඇවිදිනවලු. ඉතින් ගෙදර කට්ටිය මට “ෂෙට්ටි කියද්දීත් පුංචි කාලේ මම හරි ආසයි. ඉතින් එහෙම තිබුණු උණත් එක්ක මම O/Lවලට A/Lවලට නාට්‍යකරණය එහෙමත් ඉගෙන ගත්තා. කොහොම හරි අන්තිමට මගේ ඒ හීනය හැබෑ කරගන්නත් මට පුළුවන් වුණා.

මුල්ම පෙම්වතා වුණේ පාසැල් යන කාලේදීම ද...?

ඔව්... මට හරියටම පන්තියනම් මතක නෑ. හැබැයි මට මතක හැටියට එතකොට මම හිටියේ අට වසර - නවය වසර පන්තිවලයි. ඉතින් මට වඩා බාල වයසේ පොඩි කෙල්ලෙක්ට මම මුලින්ම ආදරේ කළා.

කොහොමද ඒ ප්‍රේමය...?
ඒ කාලේ ඒක එච්චර ගාණක් නැහැ. ආදරේ කියන්නේ හරියටම තේරෙන වයසකුත් නෙමෙයිනේ. ඉතින් මට මතකයි මම ඒ ගෑනු ළමයා දිහා බලනවා. එයා මම දිහා බලනවා. ඉතින්... මම මගේ යාළුවන්ටත් කියනවා ඒ තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. හැබැයි ඉතින් ඒ කාලේ නොතේරෙන වයසට ජොලියට කරපු දේවල් තමයි ඒ.




GOSSIP
483
"ඊට පස්සේ කාත් එක්කවත් ගියේ නැද්ද කියලා මම නිළියගෙන් ඇහුවා.."

"ගැහැනියක් අසරණ වුණාට තියෙන එකම විකල්පය ගණිකා වෘත්තියද.."

දුලීකා මාරපන කියන්නේ දක්ෂ නිලියක්. ඇයට ඕනෑම පරාසයකට රගපෑමේ දක්ෂතාවය තියෙනවා. එනිසාම ඇයව පුංචි තිරයේදී කැපිපෙනෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන දේ කෙලින් කතා කරන නිලියක් හැටියටත් ඇයව හදුන්වනවා.

“නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා” කියන්නේ ඇත්තද?

කියලා දවසක් එක්තරා මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා. “නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නැහැ. ඒත් ගණිකාවෝ නිළිකමට එන හින්දයි ඔය වගේ කතාවක් හැදිලා තියෙන්නේ” කියලා මම ඔහුට උත්තර දුන්නා.
නැතිබැරිකමට, අසරණකමට ගැහැනුන් ගණිකා වෘත්තියට යනවා. ඒත් තමන්ගේ ආත්මය පාවා දීලා හම්බ කරනවට වඩා කුලී වැඩක් කරලා ජීවිකාව ගෙනියන්න බැරිද කියන එකයි මට තියෙන ප්‍රශ්නය. ඒ කොහොම වුණත් ඒක ඒ අයගේ පෞද්ගලිකත්වය. තමන්ගේ ශරීරය අලෙවි කිරීම තමන්ගේ කැමැත්තට ඒ අය කරනවා කියමුකෝ. ඒත් ඒ වටිනාකම වැඩිකරගන්න.
“මම නිළියක්” කියාගන්න රූප පෙට්ටියේ මූණ දාගන්න කලාව වගේ උත්තරීතර දෙයක් පාවා දෙන එකනම් අනුමත කරන්න බැහැ. හැමදේම කරලා කරන්න දෙයක් නැති වුණාම රඟපෑම තෝරා ගන්න එක අනුමත කරන්න බැහැ. ඒ හින්දයි මම මේ රහස හෙළි කරන්න තීරණය කළේ.

මෙන්න මේකයි කතාව, 
විදෙස් රටක පදිංචි ශ්‍රී ලාංකික හිතවතෙක් ලංකාවට ආවා. ඔහු මටයි මගේ සැමියා සුජීවටයි රාත්‍රී ආහාරයට ආරාධනා කළා. ඉතින් අපි දෙන්නත් ලෑස්ති වෙලා මේ කියන අයගේ නිවසට ගියා. අපිව බොහොම සුහදව පිළිගත්තු ඔහු ටිකක් අපිත් එක්ක කතා කර කර හිටියා.

“ඩාලින්...ඉක්මනට ඔය කූල් ඩ්‍රින්ක්ස් ගෙනෙන්න...”
 
GOSSIP
321
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා.
ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ. ඒත් අපි දෙන්නා කවමදාවත් ඒ ගැන කාටවත් කියලා නැහැ. කතා කරලත් නැහැ.
කොහොම හරි ඉතින් අද මම ඒ රහස හැමෝටම කියනවා. ඒත් ඒ රහසට සම්බන්ධ නිළියගේ නම නම් හෙළි කරන්න බැහැ.

එතකොට මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. ඔය කා‍ලේ මම ප්‍රිය කරපු නිළියක් හිටියා. ඇය මට වඩා අවුරුද්දක් විතර බාලයි.
ළමා නිළියක් විදියට ක්ෂ්ත්‍රයට ආපු ඇය මේ කියන සිදුවීම වන විට වයස 15ක විතර ළමයෙක්. දවසක් ඇගේ ලිපිනය පුවත්පතක පළ වෙලා තිබුණා.
මම රසිකයෙක් විදයට ඒ ලිපිනයට ලියුමක් දැම්මා. එදා මම නිකමටවත් හිතුවේ නැහැ ඇගෙන් පිළිතුරු ලිපියක් ලැබේවි කියලා.



ඒත් ටික දවසකින් ඇගෙන් මට පිළිතුරු ලිපියක් ලැබුණා. එවපු ලිපියට ස්තූති කරලා මමත් ලිපියක් දැම්මා. ඇය ඒ ලිපියටත් පිළිතුරක් එව්වා.
ඔය විදියට අපි අතර දිගින් දිගටම ලිපි හුවමාරු වුණා. ඒ කා‍ලේ අද වගේ දුරකථන අන්තර්ජාල පහසුකම් නැහැනේ. අපි දිගින් දිගටම ලිපි ලියලා හොඳ මිතුරු මිතුරියන් දෙදෙනකු බවට පත් වුණා.

ඔය විදියට ලියුම් ගනුදෙනුව යනකොට මට ඕන වුණේ මගේ ආදරය ගැන ඇයට කියන්නයි.
ඒත් ඒක කෙළින්ම කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නැහැ.
කොහොම හරි මම ඇයට ආදරේ කරන බව ඇඟවෙන විදියට ඇයට ලියුමක් ලිව්වා. හැබැයි ඒකට පිළිතුරක් එව්වේ නැහැ. ඒත් මම මගේ ආදරය ව්‍යාංගාර්ථයෙන් දැනෙන විදියට දිගින් දිගටම ඇයට ලියුම් ලිව්වා.

ඒත් ඇය මට පිළිතුරු එවන එක නතර කළා. හැබැයි මට දුකක් දැනුනේ නැහැ. මොකද හිතවත්කමට එහා ගිය දෙයක් මගේ හිතේ තියෙන බව දැනුන හින්දනේ ඇය මට ලියන එක නතර කළේ.

ඇහැටවත් දැකලා නැති කෙනෙකුගේ ආදරයක් පිළිගන්න අපි කවුරු වුණත් කැමැති නැහැනේ. ඊට පස්සේ මම කළේ මගේ ඡායාරූපයක් සමග ඇයට ලිපියක් යවපු එකයි.
ටික දවසකින් ඇගෙන් ලිපියක් ලැබුණා. මා ගැන යම් විශේෂත්වයක් ඈ තුළ තියෙන බව ඒ ලිපියෙන් ඇඟ වුණා. මට දැනුනේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ හැඟීමක්.

දැන් අපි අතර හුවමාරු වන ලිපි පෙම් හසුන්. හැබයි මම කවදාවත් ඇයට ආදරෙයි කියලා නැහැ. ඇයත් ආදරය පිළිගන්නවා කියලා නැහැ. ඒත් දෙන්නගේම හිත්වල තියෙන නිහඬ ප්‍රේමය ඒ ලිපිවල සඳහන් වෙලා තිබුණා. ඔය විදියට කාලයක් යද්දී ඇය මෙන්න මේ විදියට මට ලියලා එවලා තිබුණා.

මට රසිකයෝ ලියුං එවනවා. ඒත් ඔයත් එක්ක දිගින් දිගටම ලියුං ලියනකොට අම්මා ඒ ලියුම් කියෙව්වා. අම්මා කිව්වා මීට පස්සේ ඔයා එක්ක ලියුං ගනුදෙනුව නතර කරන්න කියලා. මීට පස්සේ මට ලියන්න එපා.

ඒ ලිපිය කියෙව්වාම මගේ හිතට ලොකු දුකක් දැනුනා. ඒ දුක හිතේ තද කරගෙනම මම පාසල් අධ්‍යාපනය නිමා කරලා රැකියාවකට ගියා. ඊට පස්සේ අහම්බෙන් වගේ මටත් නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මමත් ටිකෙන් ටික ජනප්‍රිය වුණා.

ඔය අතරේ ඇයටයි මටයි ටෙලි නාට්‍යයක එකට රඟපාන්න අවස්ථාව ලැබුණා.
ඔයා නේද සුරාජ් මාපා හා හා පුරා මුණගැසුණු දවසේ ඇය මගෙන් ඇහුවා. මමත් ඕව කිව්වා. එතනින් එහා කිසි දෙයක් අපි අතරේ කතා බහ කෙරුනේ නැහැ.
අපි දෙන්නා ටෙලි නාට්‍ය තුනක රඟපෑවා. ටෙලි නාට්‍ය දෙකක රඟපෑවේ පෙම්වතුන් විදියට.

1   |   2      »      
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top