Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL GOSSIP - Page 931
GOSSIP
973
GOSSIP
739
හල්දුම්මුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද ගම්මානයේ නායයාමට හසුවීමෙන් පස්වලට යටවූ පුද්ගලයින් සොයා අද දිනයේද මෙහෙයුම් සිදුකරන බව මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ප‍්‍රකාශ කළා. ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලින් කිසිදු පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු නොවූ බවයි ඔහු කියා සිටියේ.

මෙහෙයුම් සඳහා යුද හමුදා සෙබලූන් 700 කට ආසන්න සංඛ්‍යාවක් එක්කර තිබෙනවා. ඊට අමතරව, ගුවන් හමුදා භටයින් 52 දෙනෙකු ද මෙහෙයුම් කටයුතු සඳහා එක් කර තිබූ බවයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ප‍්‍රකාශ කළේ. බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද නුවරඑළිය සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ තවදුරටත් ස්ථානගත කර ඇත්තේ අවශ්‍ය වුවහොත් මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමටයි.
GOSSIP
831
ඊයේ (29) පෙරවරු 7.30ට පමණ මෙම නායයාම සිදුවුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද - මිරියබැද්ද ගම්මානයේයි. එම ගම්මානයට ඉහළින් පිහිටා තිබූ කන්ද අයහපත් කාලගුණයත් සමග මෙලෙස  නායයාමට ලක්වුණා. කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් මෙලෙස නායගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.

මෙම නායයෑමෙන් මීරියබැද්ද ගම්මානයේ පිහිටා තිබූ වතු නිවාස පේළි 7 ක් සහ නිල නිවාස දෙකක් මතට මෙම පස් කදු කඩා  වැටී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ හේතුවෙන් නිවාස 150 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි. නායයාමෙන් හටගත් අධික ශබ්දයත් සමග ඇතැම් ප්‍රදේශවාසීන් වහාම නිවෙස්වලින් ඉවත් වීමට උත්සාහ කර තිබෙනවා.
[1]      «      930   |   931   |   932      »      [965]
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top