Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL GOSSIP - Page 837
GOSSIP
738
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ සන්ධානයේ මහලේකම්වරයා පවසන්නේ අදාළ ෆේස්බුක් ගිණුම සන්ධානයේ නමින් නැවත ස්ථාපිත කළ යුතු බවයි. 
කෙසේ වෙතත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිකමක් පවතින බවයි.
 එසේම තනි පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත්, එය හිමි කරගැනීමට කටයුතු කරනවා නම් ඒ සඳහා උත්සාහ කරන ලෙසත් රාජිත සේනාරත්න මහතා පවසයි. 
[1]      «      836   |   837   |   838      »      [890]
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top