Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

ALL GOSSIP
GOSSIP
574
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ඉදුනිල් අන්ද්‍රමාන්න දැඩි ලෙස රෝගාතුර වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. ඉදුනිල් අන්ද්‍රමාන්නට කලක් තිස්සේ පවතින රෝගී තත්ත්වයක් නැවත මතුවී රෝහල් ගත වීමට සිදුව ඇති බවයි. දැනගන්නට ලැබෙන්නේ. ඔහුගේ රෝගී තත්ත්වය ගැන විවිධ පුද්ගලයින් මඩ ප්‍රචාරයන් ගෙන යන බව පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම පවසයි. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ෆේස්බුක් පිටුව යැයි සදහන් කර ඇති ව්‍යාජ ෆේස්බුක් පිටුවක සදහන් මඩ ප්‍රචාරයක් පහතින් දැක්වේ.
අන්දරමානට නැවතත් පර්පල් රේන්ජ් හැර යාමට සිදු වෙයි.නැවතත් සුපුරුදු පරිදිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හැදෙන්න අවස්ථාව දුන්නා හැදුනේ නෑ පරණ පුරුදු ආයෙත් කලා ඒව නතර කරන්න අවවාද දුන්නා ඇහුවෙ නෑ කණ්ඩායමක් එක්ක යනකොට විනය අවශ්‍යම සාධකයක් ඔහුගේ පවුලේ අය විසින් නැවත වතාවක් පුනරුත්ථාපන කිරීම සදහා මාස 6කට ඉදුනිල් කදවුරක් වෙත යොමු කලා මේ වන විටත් ඔහු ප්‍රතිකාර ලබමින් එහි සිටිනවා. ඉතින් මට සිදු වුනා මේ තීරණය ගන්න හැමෝම අහන්න ගත්තා ඉදුනිල්ට මොකද උනේ කියලා හැමදාමත් සගවා ගෙනම ඉන්න බෑ එයින් සිදු වන්නේ මා වගේම මාගෙ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයනුත් අපහසුතාවට පත් වන එකයි.ඉදුනිල් ඉවත් කිරීමට සාමාජිකයන් කිසිවකු සම්බන්ධයක් නොමැත ඔහුගේම අතින් සිදු වූ වරදින් මෙය සිදු විය සුබ ගමන් ඉදුනිල්
GOSSIP
157
කලා ලෝකයේ කවදත් තම ජනප්‍රියත්වය එක ලෙස පවත්වා ගනිමින්, නිරන්තර ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියන ජනප්‍රිය තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද්. කලා ජීවිතේ තොරතුරුත් පෞද්ගලික ජීවිතේ තොරතුරුත් ගැන රිවිසරසියට දොඩමළු වෙන්නයි ඇය අප හා එක්වුණේ.

මේ පාර නත්තල ජයටම සමරලා තිබුණා නේද?
ඔව්, මේ නත්තලට මට ගෙදර අයත් එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. හරියටම අවුරුදු තුනකට විතර පස්සේ තමයි මට ගෙදර අයත් එක්ක නත්තල් සමරන්න පුළුවන්කමක් ලැබුණේ. මොකද වෙන අවුරුදුවල මම ටීවී ‍ප්‍රෝග්‍රෑම්වලනේ ඉන්නේ. අපි අලුත් ගෙදරකට ආවා. ඉතින් අලුත් ගෙදර අපි පස්දෙනාම එකතු වෙලා ජයටම නත්තල සැමරුවා.

මොනවාද ඔබව අලුත් අවුරුද්දේ දකින්න ලැබෙන නිර්මාණ?
මේ දවස්වල ‘කොන් කළ දෝණි’ රූපගත වෙනවා. ඒ වගේම ‘බටහිර අහස’ හරහාත් ඉදිරියේදී ‘සිහිනයට මං ආදරෙයි’ ටෙලි නාට්‍යය හරහාත් මාව දැකගන්න අවස්ථාව ලැබෙයි. පසුගිය වසරේ සිනමා නිර්මාණ තුනකට සම්බන්ධ වුණා. මේ වසරේ ඒ සිනමා නිර්මාණ හරහාත් මාව රිදී තිරයෙනුත් දකින්න අවකාශය ලැබේවි.

දැන් අක්කට වඩා නංගි ජනප්‍රියයි නේද?
ඔව්. අනිවාර්යයෙන්ම. ශනු දැන් ගොඩක් ජනප්‍රියයි. මේ දවස්වල එයා ‘සමල්කා’ නිසා තවත් ජනප්‍රිය වෙලා. ඉතින් ශනුගේ අක්කා විදිහට මට ගොඩක් සතුටුයි. ඇය උපරිමව මිනිසුන්ගේ ආදරය ලබනවා, විඳිනවා
.
ඇයගේ හැකියාව ගැන මොකද හිතෙන්නේ?
රංගනයට විතරක්ම ‍නෙවෙයි ශනු ඉගෙනීමටත් ගොඩක් දක්ෂයි. උසස් පෙළ හොඳ ප්‍රතිඵල අරගෙන එයා එයාගේ දක්ෂකම හැමෝටම පෙන්නුවා. ඒ වගේම ශනු කොහොමත් චූටි කා‍ලේ ඉඳන්ම අපි දෙන්නටම වඩා ගොඩක් ඉස්සරහින් හිටපු කෙනෙක්. ඉතින් එයාගේ අක්කා හැටියට මම මගේ නංගි ගැන ගොඩක් ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා
.
ඔබ නිර්මාණ තෝරා බේරාගෙනද රඟපාන්නේ?
එහෙම ලොකු තේරීමක් කරන්න තරමටම නම් ආරාධනා ලැබෙන්නේ නෑ. ලැබෙන ආරාධනා අනුව ඒ ලැබෙන චරිතයට මම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් මෙගා නාට්‍යයක රංගනයේ යෙදෙනකොට ලැබෙන ගොඩක් නිර්මාණ මගහැරෙන අවස්ථාත් තියෙනවා. ඒ හැම එකකම මම ඉන්න ඕනයි කියන තැන ‍නෙවෙයි මං ඉන්නේ.

නිවේදනය ගැනත් කතා කරමු?
දැනට අවුරුදු තුනක විතර කාලයක ඉඳන් මම ඩයලොග් මෙගා වාසනා වැඩසටහන නිවේදනය කරනවා. ඒ වගේම පසුගිය වසරේ දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් වැඩසටහන නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොට නම් තවම නිවේදනයට ආරාධනාවක් ලැබිලා නැහැ. ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. මොකද නිවේදනය කියන්නේ මගෙන් අතහැරෙන දෙයක් ‍නෙවෙයි.
නිවේදනයද රංගනයද පහසු?
නිවේදනයයි රංගනයයි කියන්නේ ක්ෂේත්‍රයන් දෙකක්. එතැනදි නිවේදනයට නම් අපි දවසින් දවස යාවත්කාලීන විය යුතුයි. රංගනයත් ඒ වගේ. මතුපිටින් බලන කෙනෙක්ට හරි පහසු දෙයක් වගේ පෙනුණට නිවේදනය, රංගනය කියන්නේ පහසු දේවල් ‍නෙවෙයි. නමුත් අපි ආසාවෙන්, ආදරෙන් මේ වෘත්තීන්හි නියැළෙනවා නම් ඒ අපහසුව දැනෙන්නේ නෑ.
GOSSIP
241
පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීම අසාධාරණ බව කියමින් ප්‍රකට නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු අද  නීතිය හමුවට ගොස් තිබේ.

කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට පවතින අයිතිය අවලංගු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඔවුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් පෙන්වා දෙන්නේ අදාළ ගැසට් නිවේදන, කාන්තාවන්ට සමාන ලෙස
සැලකීමට ගත් පියවරක් බවත් අවලංගු කිරීමෙන් තමන්ගේ මූලික අයිතීන්ට පහර වැදුණ බවයි.
GOSSIP
809
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් එවා තිබුණි. නමුත් ඒ ලිපිය ලැබීමෙන් පසුව විකාශය වුනු රූපවාහිනී වැඩසටහනකදී වික්ටර් රත්නායගේ පුතුණුවරු වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක දෙදෙනාම තම පියාගේ ගීත ගායනා කර තිබුනේ අරියාදුවට මෙන්ය.

වික්ටර් රත්නායකගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරියේදී ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද යන ගැටලුවක් මතුව තිබෙන අතර මෙතෙක් හෙළිනොවූ රහසක් හෙළි කරමින් ජයන්ත රත්නායක ඒ ගැන මෙලෙස ප්‍රකාශ කර තිබුණා. ‘එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ. ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.
1   |   2   |   3      »      [460]
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top