වැස්සත් එක්ක ආපු ගංවතුර ජීවිත වගේම තවත් හුගක් දේ උදුරගෙන ගියා. මහන්සියෙන් හරිහම්බ කරපු ගේදොර, යානවාහන හැම දෙයක්ම ඒ ගංවතුරට ගහගෙන ගියේ හැම කෙනාගෙම හිත්වලට දුකක් එකතු කරමින්.
මේ හැමදේම අස්සේ කාගෙත් හිතට සංවේගී හැකීමක් එන පුංචි දුවෙකුගේ ඡායරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.