Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 13
1,318
Views

උදා වූ 2019 වසර බොලිවුඩ් සිනමාවට සුවිශේෂී වසරක් වන බව නම් නොඅනුමානය. මෙම වසර තුළදී සිනමා නිර්මාණ ඔස්සේ කරළියට පැමිණීමට නියමිත නවක රංගන ශිල්පීන් මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන්ද සිටී. ඒ හේතුවෙන් 2019 වසරේ මුල් මාස 06ක කාලය තුළ බොලිවුඩ් සිනමා නිර්මාණ තුළින් කරළියට පැමිණෙන රංගන ශිල්පීන් මෙසේය.

 

Yami Gautam

2019-01-09-ent-196

‘Fair and Lovely’ වෙළෙඳ දැන්වීම ඔස්සේ බොහෝ ප්‍රසිද්ධියට පත් රංගන ශිල්පිනියක් වන යාමි ගෞතම් මෙවර කරළියට පැමිණෙනු ලබන්නේ ‘Uri: The Surgical Strike’ චිත්‍රපටය ඔස්සේය. ජනවාරි 11 වැනිදා එළිදැක්වීමට නියමිත මෙම චිත්‍රපටය ඉන්දියාවේ ඉතිහාසය තුළ පවතින කතාවක් ඇසුරෙන් නිර්මාණය වේ. නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ කතාබහට ලක් වූ ඇය මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තිබේ.

 

Radhika Apte

2019-01-09-ent-195

බොලිවුඩ් සිනමාවේ සරාගී රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන රාධිකා අප්තේ මෙම වසරේදී චිත්‍රපට 04ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. එයින් එක් චිත්‍රපටයක් වන ‘Bombairiya’ නම් චිත්‍රපටය මෙම මස 18 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. ඊට අමතරව ‘The Ashram’ නම් ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහාද ඇය රංගනයෙන් දායක වේ. තවද ඇය දමිළ චිත්‍රපටයක් වන ‘Chithiram Pesuthadi 2’ සහ ඉංග්‍රීස චිත්‍රපටයක් වන The ‘Wedding Guest’ චිත්‍රපටයද මෙම වසරේදී රංගනයෙන් දායක වෙයි.

 

Kangana Ranaut

2019-01-09-ent-197

ඉන්දියානු සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියෙකු වන කන්ගනා රනාවුත් මෙම මස 25 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති ‘Manikarnika: The Queen of Jhansi’ චිත්‍රපටය ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම ඇය තවත් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වේ. ‘Mental Hai Kya’ නම් එම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු තවමත් සිදුවෙන අතර, එම චිත්‍රපටය මාර්තු මාසයේ එළිදැක්වීමට සූදානමින් පවතී.

 

Sonam Kapoor

2019-01-09-ent-198

සිනමා ලෝකයේ කැපී පෙනෙන චරිතයක් වන සෝනම් කපුර් මෙම වසරේදී කරළියට එනුලබන්නේ ‘Ek Ladki Ko Dekha Toh Aisa Laga’ නම් චිත්‍රපටය ඔස්සේය. මෙම චිත්‍රපටය පෙබරවාරි 11 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණද එම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු තවමත් සිදුවන බවට වාර්තා වේ. එම චිත්‍රපයට ජුහී චවුලා සහ සෝනම්ගේ පියා වන අනිල් කපූර්ද රංගනයෙන් දායක වේ. කෙසේවුවත් ඇය ‘The Zoya Factor’ නම් චිත්‍රපටය ඔස්සේද නැවත දැක බලාගැනීමට හැකියාව තිබේ.

 

Nargis Fakhri

2019-01-09-ent-199

නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් නාර්ගිස් ෆක්රි මේ වනවිට ඉන්දියානු සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වී හමාරය. 2019 වසරද ඇයට සුවිශේෂී වසරක් වන්නේ ඇය විසින් රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව ඇති හෙයිනි. ඇය රංගනයෙන් දායක වන ‘Amvas’ නම් චිත්‍රපටය පෙබරවාරි 01 වැනිදා එළිදැක්වීමට නියමිත අතර, ඇය රංගනයෙන් දායක වන ‘Torbaaz’ චිත්‍රපටයේ රූගත කිරීම් තවමත් සිදුවෙමින් පවතී.

 

Alia Bhatt

2019-01-09-ent-200

රසික ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක වන ආලියා භාත් පෙබරවාරි මාසයේ එළිදැක්වීම නියමිතව ඇති ‘Gully Boy’ චිත්‍රපටය ඔස්සේ දැකබලා ගැනීමට හැකියාව තිබේ. මෙම චිත්‍රපටයේ ඇය සමග ප්‍රධාන රංගනයෙන් රන්වීර් සින්ග් දායක වේ. ඉන්දියානු සිනමාවේ නමක් දිනාගත් ආලියා බාත් මේ වනවිට සම්මාන ලාභී නිළියක්ද වෙයි. 2019 වසර තුළ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට 03ක් තිරගත වීමට නියමිතය. එම චිත්‍රපට මේ වනවිට නිෂ්පාදනය මට්ටමේ ඇති චිත්‍රපට වේ.

 

Madhuri Dixit

2019-01-09-ent-201

ඉන්දියානු සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස හැඳින්වෙන මධුරි ඩික්සිත් බොහෝ කාලයක් නිහඬව සිටි අයෙකි. 2014 වසරෙන් පසු ඇය සිනමා නිර්මාණයක් සඳහා දායක වන්නේ 2018 වසරේදී තිරගත වූ ‘Madhura Sane’ නම් චිත්‍රපටය සඳහාය. වසර 04 නිහැඬියාව බිඳ දමමින් සිනමාවට පිවිසි ඇය මෙම වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වෙයි. ‘Total Dhamaal’ නම් එම චිත්‍රපටය පෙබරවාරි මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. ඊට අමතරව ඇය ‘Kalank’ නම් චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක වේ.

 

Parineeti Chopra

2019-01-09-ent-202

බොලිවුඩ් සිනමාවේ ආදරණීය රංගන ශිල්පිනියක් වන පරිනීති චොප්රා රංගනයෙන් දායක වන චිත්‍රපටයක් වන ‘Sandeep Aur Pinky Faraar’ නම් චිත්‍රපටය මෙම වසරේ මාර්තු 01 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. බොලිවුඩ් සිනමාව තුළ විශාල ප්‍රසිද්ධියක් උසුලන ඇය සමාජ මාධ්‍ය ඔස්සේද නිතර කතාබහට ලක්වන චරිතයකි. මෙම වසරේදී ඇය රංගනයෙන් දායක වන තවත් චිත්‍රපට දෙකක් වන ‘Kesari’ සහ ‘Jabariya Jodi’ නම් චිත්‍රපට දෙක තිරගත වීමට නියමිතව තිබේ.

 

Taapsee Pannu

2019-01-09-ent-203

නවක නිළියක් ලෙස රංගන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින තපසී මෙම වසරේදී සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබේ. 2018 වසරේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට 07ක් තිරගත වූ බව සඳහන් වේ. නවක නිළියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට බොලිවුඩ් සිනමාවේ ආදරණීය චරිතයක් වී හමාරය. මෙම වසරේදීද ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට 04ක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ අතරින් ‘Badla’ නම් චිත්‍රපටය මාර්තු මාසයේ 08 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ.

 

Rakul Preet Singh

2019-01-09-ent-204

දමිළ සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන ඇය රාකුල් ප්‍රීත් සින්ග් මෙම වසරේ හින්දි සිනමා නිර්මාණයක් ඔස්සේ කරළියට පැමිණේ. ඒ ‘De De Pyaar De’ නම් හින්දි චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටය ඇයගේ තෙවැනි හින්දි සිනමා නිර්මාණය වන අතර, මාර්තු මස 15 වැනිදා මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබේ. ඊට අමතරව මෙම වසරේදී ඇය රංගනයෙන් දායක වන දමිළ චිත්‍රපට තුනක් සහ තෙලිඟු චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

 

Sonakshi Sinha

2019-01-09-ent-205

බොලිවුඩ් සිනමාවේ සම්මානලාභී නිළියක ලෙස හඳුන්වන සෝනක්ෂි සින්හා ‘Kalank’ චිත්‍රපටය ඔස්සේ මෙම වසරේ දැක බලාගැනීමට හැකියාව තිබේ. මෙම චිත්‍රපටය අප්‍රේල් 19 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර, ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට 04ක්ද මෙම වසරේ නිෂ්පාදනය වෙමින් පවතී. සිනමාව ඔස්සේ කතාබහට ලක් වූ ඇය රූපවාහිනී රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරයි.

 

Kriti Sanon

2019-01-09-ent-206

නවක රංගන ශිල්පිනියක් වන ක්‍රිතී මේ වනවිට වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරයි. මෙම වසරේ මැයි මාසයේ 03 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති ‘Arjun Patiala’ නම් චිත්‍රපටය ඔස්සේ ඇය කරළියට පැමිණෙන අතර, 2019 වසරේ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට 05ක් තිරගත වීමට නියමිතව තිබේ.

 

Tabu

2019-01-09-ent-207

හින්දි සිනමාවේ ප්‍රවීණ නිළියක් වන තාබු රංගනයෙන් දායක වන ‘Bharat’ චිත්‍රපටය ජුනි මස 05 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම වසරේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වේ. ප්‍රවීණ රංගන ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයක් වන ඇය මේ වනවිට සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top