Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 13
600
Views
මම කරන්නේ මට ගැළපෙන චරිතයක් පමණයි...
අපි අපේ සීමාවන් වල ඉඳගෙන වැඩ කරනවා...

ශ්‍රීමාලි ෆොන්සේකා නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. නමුත් ඇය කතාබහට ලක් වූ චරිතයක් කිව්වාට වරදක් නැහැ. නිරුපනයෙන් ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රීමාලි රංගනයෙන්, නිරුපනයෙන් වගේම නිවේදිකාවක් විදිහටත් දකින්න ලැබෙනවා. ඇයගේ රංගන දිවියේ අලුත්ම තොරුතුරු ඇය පුවත්පතකට කියලා තිබුනේ මෙහමෙයි.

මේ දවස්වල ඔබ මොකද කරන්නේ?

ටෙලි නාට්‍යයක රූපගත කිරීම් වලටත් සහභාගි වෙනවා.මගේ මනාළියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයේ වැඩත් කරගෙන යනවා. ඊට අමතරව මම ගොඩක් සමාජ සේවා වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

වසර පහක් පමණ රංගනයෙහි සිටියත් ඔබ දායක වී තිබෙන්නේ සීමිත නිර්මාණ සංඛ්‍යාවකට පමණයි නේද ?
 
මම තෝරා බේරාගැනීමකට අනුවයි චරිත භාරගන්නේ. ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ ගොඩක් හිතලා මතලා මේ සමාජයේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා මම කරන්නේ මට ගැළපෙන චරිතයක් පමණයි. අපි කරන දෙයින් ප්‍රේක්ෂකයෝ අපිව මනිනවානේ.

ඔබ මෙලෙස තෝරාබේරාගෙන රගපාන්නෙ ශ්‍රීමාලි ෆොන්සේකා කියන පුද්ගල චරිතයට හානියක් නෙවෙන්නටද ?
 
අපි කරන චරිත වලින් සමාජය ආදර්ශයක් ගන්නවානේ. ඉතින් සමාජයට ආදර්ශයක් දිය හැකි චරිතයක් කරන්න මම කැමැතියි. මම මේ වෙද්දි ටෙලි නාට්‍ය හයක් රගපාලා තියෙනවා. ඒවායේ මම කරලා තියෙන්නේ වෙනස්ම චරිත හයක්.
 
ශ්‍රීමාලි සමාජ සේවිකාවක් වන්නේ ?
 
 2012 වර්ෂයෙනේ මම විවාහක රූ රැජින වුණේ. ඊට පෙර මම කිසිම සමාජසේවා කටයුත්තක නිරත වුණේ නැහැ. විවාහක රූ රැජන වුණාට පස්සේ මට අවස්ථාව ලැබුණා මාධ්‍ය එක්ක වැඩ කරන්න හා ලොකු පිරිසක් හදුනා ගන්න. එයින් මට හැගී ගියා අපිට මොන තරම් සමාජයට සේවයක් කරන්න පුළුවන්ද? ඒ දේ කරන්නේ කොහොමද කියලා. ඒ අනුව මම සමාජ සේවයට යොමුවුණා. මම මේ දේවල් ගැන ප්‍රසිද්ධ කරන්නේ නැහැ. අපි මිනිසුන්ට උදව් කරන්නේ ලෝකෙට පෙන්වන්න නෙවෙයි. මට ඕනෑ මට ලැබුණ අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් මිනිසුන්ට සේවයක් කරන්නයි.
 
රූ රැජනක් හා රංගනය ඔබට අහම්බයක්ද ?
 
මට හීනයක් තිබුණා මම කවදාහරි රූප රැජනියක් වෙන්න ඕනෑ කියලා. ඒ වගේම මිනිසුන් දන්න කෙනෙක් බවට පත්වෙන්න ආසාවක් තිබුණා. රූප රැජනක් වුණාට ලොකු පිරිසක් හදුනාගන්න නැහැනේ. නමුත් රංගනය හරහා ලොකු පිරිසක් අතරට යන්න පුළුවන්. ඒ නිසා රංගනයට මට ලැබුණ අවස්ථාවන් භාරගත්තා.
 
රූප රාජනියක් වෙන්න නම් මොනවගේ ගුණාංග දියුණු කරගත යුතුද ?
 
රූපය කියන දේ මනුස්සයකුගේ ජීවිතයේ රැකගත යුතුමයි. අපි තරුණ කාලෙනේ රූපය රැකගන්න උනන්දු වෙන්නේ. හැබැයි ජීවිත කාලයේම ලස්සනට හිටින එක වටිනවා. බියුටි කුවීන් කෙනෙක් වෙන්න රූපය විතරක් නෙවෙයි හොදින් දියුණු කරන ලද පෞර්ෂයක් ඕනෑ.
 
රූප රාජනියක් වීම නිළියක් වෙන්න සුදුසුකමක් වෙන්නේ කොහොමද ?
 
එක එක්කෙනාගේ හැකියාව අනුවයි සිදුවෙන්නේ. ගොඩක් රූප රාජිනියෝ ඉන්නවා එයාලට නිරූපනය කරන්න පුළුවන්” රගපාන්න බැහැ. තවත් රූප රැජනියන්ට රගපාන්න පුළුවන් නිරූපනයේ යෙදෙන්න බැහැ. බියුටි ක්වීන් කියන්නේ පෞර්ෂයක්. රගපෑමට ගියහම අපිට ලැබෙන ඕනෑම චරිතයක්ම රගපාන්න පුළුවන් වෙන්න ඕනෑ. මේ දේවල් හැම කෙනෙක්ටම පිහිටන්නේ නැහැ. මම දකින්නේ මේ හැකියාවන් කෙනෙක්ට සහජයෙන් එන දෙයක් කියලා.
 
ශ්‍රීමාලිගේ දිවියේ තොරතුරු මොනවාද?
 
මගේ සැමියා ඉන්නේ ඉතාලියේ. මට දුවෙක් ඉන්නවා.
 
දුවගේ වැඩත් කරගෙන මව්පියනුත් බලාගෙන හොදින් ජීවත්වෙනවා. මගේ ගම්පළාත මීගමුව. මම දැන් පදිංචි වෙලා ඉන්නේ කිරුළපන. මගේ සැමියා ගොඩක් කැමැතියි මම කලා කටයුතු වල නිරත වෙනවාට. ඔහු මට ගොඩක් උදව් කරනවා. අපි හැමෝටම සීමාවන් තියෙනවා. ඉතින් අපි අපේ සීමාවන් එක්ක මේ දේවල් කරගත්තොත් කාගෙන්වත් තහංචියක් වැටෙන්නේ නැහැ.
 
 ධම්මිකා සුරංජි පතිරණ
(දිවයින පුවත්පත)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top