Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 13
455
Views
මගේ දෙමව්පියන් මං ගැන බලාපොරොත්තු අත්හැරලා හිටියේ 
 
එකම හීනේ වුණේ පයිලට් කෙනෙක්ගේ යුනිෆෝම් එකක් අඳින එක
මේ කතාව Ankita නම් වූ ඉන්දියානු ගුවන් නියමුවරියක් ගැනයි. 

ඈ ඇය ගැනම කියපු ඒ කතාව සියලුදෙනා විමතියට පත් කළ අපූරු කතාවක් වුණා. 

අද වනවිට මුළු ලෝකයක්ම මේ ළාබාල ඉන්දියානු ගුවන් නියමුවරිය ගැන කතාබහ කරන්න පටන් අරන්. 

මේ ඇගේ කතාවේ සිංහල පරිවර්තනයයි.

“මම මගේ දෙමව්පියන්ට කිවාවාම මට පයිලට් කෙනෙක් වෙන්න ඕන කියලා, මගේ තාත්තා ඒ ගැන හිටියේ දෙගෙඩියාවෙන්. ඒ පාඨමාලාව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ වීමත් ඒ සඳහා ලක්ෂ 25ක් වැයවීමත් නිසා. ඒත් මගේ මව මා වෙනුවෙන් සටන් කළා. අවසානයේ තාත්තා ණය මුදලක් ලබාගත්තා. ඔහුගේ ආශිර්වාදය මට හිමිවුණා.."
 
"මගේ පුහුණුවෙන් පස්සේ, මම මෙතැන රැකියාව සඳහා ඉල්ලුම් කලත් මට එය ලබා ගන්නට බැරිවුණා. අවුරුදු දෙකක්ම මම හිටියේ නිවසට වෙලා, සිත් තැවුලෙන්. මගේ නෑදෑයන්ගේ වචන වලින් මට සැනසිල්ලක් ලැබුණෙත් නැහැ. ඔවුන්ගෙන් සමහරක් කිව්වා මාගේ දෙවම්පියන් ඔවුන්ගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමාණයට වඩා මුදල් වියදම් කළා කියලා. තවත් සමහරු කිව්වා ඔයාලට තිබුණේ ඇයව දොස්තරවරියක් කරන්න කියලත්. එහෙම කියද්දී මාත් එක්තරා තැනකදී ඔවුන් කියන දේ සත්‍යයි කියල විශ්වාස කරන්න පටන් ගත්තා. මේ තත්ත්වය ඉතා පහත් අඩියකට මාව සීමා කරලා තිබුනත් මට නිවසට වෙලා ඉන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඉතිං මම ඕනෑම රැකියවක් සඳහා සිත හදාගත්තා. මම හතරවරක්ම ගුවන් සේවිකාවක් වීමට ඉල්ලුම් පත්‍ර දැම්මා. ඒත් මම තේරුනේ නැහැ. මම උත්සාහය අතහැරියේ නැහැ. මම ඒ ගැන නිතරම සිතමින් සිටියා. පස්වන උත්සාහයේදී මට එය කල හැකි වුණා.."
 
"මම රැකියාවෙන් මුදල් උපයන්නටත් ජාත්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන්නටත් පටන් ගත්තා. එත් ඒක නොවෙයි මගේ අරමුණ වෙලා තිබුණේ. මගේ සිහිනය වුනේ පයිලට් කෙනෙක්ගේ යුනිෆෝම් එකක් අඳින්නයි. මම දැනගෙන හිටියා ගුවන් සේවිකාවක් වීම ඉක්මනින්ම අවසන් වන බව. මට පයිලට් කෙනෙක් වන්නට විභාග 5කට මුහුණ දිය යුතුව තිබුනා. ඒ නිසා මම ග්‍රවුන්ඩ් ස්ටාෆ් තනතුරකට අයැදුම් කලා. ඒකෙන් මට විභාගය සඳහා සූදානම් වීමට කාලය ලබාගැනීම සඳහා."
 
"මට තිබුනේ පැය 12ක වැඩමුරයක්. රැකියාවට යෑමට පැය 3ක් ගමන්කල යුතුව තිබුනා. මට හිතාගන්න බැරිවුනා දවසකට පැය 15ක් රැකියාව කරමින් දවස මුලුල්ලේම විභාගය සඳහා සූදානම් වන අය සමඟ තරඟ කරන්නේ කෙසේද කියලා. නමුත් මා එය සිදුකල යුතුව තිබුණා. මම ඇත්තටම පාඩම් කලේ දුම්රියේ, බසයේ, රෙදිසෝදන කාමරය තුළ සහ මම ආහාර ගන්නා අතරතුරයි. මා ඒ සියල්ල කලේ තමන්ගේ බෝඩින් කාඩ් එක මාවෙත විසිකරන කරදරකාරී ගුවන් මගීන් සමඟ රාජකාරී සිදුකරන අතරතුරයි."
 
"එය දැන්ම නොකළ හොත් කිසිදා කල නොහැකි බව මා දැන සිටියා. වසරකට පයිලට්ලා දෙදෙනක්ට පමණක් අවස්ථාව ලැබුනු නිසා මා එය මඟහැරගත නොයුතුව තිබුණා. අවසානයේ මම පයිලට් එක්සෑම් එකට මුහුණ දුන්නා. මට මතකයි මම විභාග ප්‍රථිපල බලාපොරොත්තුතුව සිටිය හැටි. මට එතකොට වයස අවුරුදු 27යි. මගේ ගිණුමේ සන්තකයට තිබුනේ රුපියල් 600යි. පුහුණුව සඳහා මාහට වැයවුන ලක්ෂ 20ක මුදල මා විසින් සොයාගත යුතු ආකාරය ගැන කිසිම අදහසක් මට තිබුණේ නැහැ. මගේ දෙමව්පියන් ඒ ගැන බලාපොරොත්තුව අතහැරලා තිබුණා. ඔවුන් මා හට විවාහ වීම සඳහා තරුණයෙක් සොයමින් සිටියා. ඔවුන්ගේ ඉතිරිකිරීම් මගේ විවාහය සඳහා වැයකිරීමට ඔවුන්ට උවමනා වී තිබුණා.."
 
"ඔබ මෙයට කුමක් කියනු ඇතිදැයි මම දන්නේ නැහැ. සමහරවිට එය ප්‍රාතිහාර්යයක් වෙන්න ඇති. සමහර විට එය ස්වභාවධර්මතාවය වෙන්න ඇති. මම එම විභාගය සඳහා මුහුණ දුන් ඉන්දියානුවන් අතර ප්‍රථමයා වුණා. මාහට පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවුනා!"
 
"අවසානයේදී, අවුරුදු 7ක කාලයකට පස්සේ මට පුලුවන් වුණා ඒ යුනිෆෝම් එක අඳින්නට. මම මුලින්ම පියාසර කලේ බරෝඩා වලට. කාන්තා පයිලට්වරියක් දැකීමෙන් විමතියට පත්වෙලා සිටින මිනිසුන් මම දුටුවා. එක් කුඩා දැරියක් මාගේ අත්සන ගැනීමට පවා පැමිණියා. ඇය සිතුවා මම තමයි ගුවන් යානයේ කපිතාන් කියලා! ඇත්තටම මම එය කලේ කොහොමද? ඒක සරලයි. අපගේ ප්‍රධානම පුහුණුව තිබුණේ හදිසි අවස්ථාවන් සඳහා මුහුණදීමටයි. හැමදේම වැරිදි ආකාරයෙන් සිදුවෙලා, එන්ජිමේ ක්‍රියාකාරීත්වය නතරවුනාම පරිස්සමින් ගුවන්යානය ගොඩබැස්විය යුත්තේ කෙසේද?"
 
"ඒ ආකාරයෙන්ම, සියල්ල මා අවට විනාශවී යත්දී, මම මටම කිව්වා “මම එය ඉතාම පරිස්සමට කරනවා. මම පරිස්සම් සහිතව ගොඩබානවා“ කියලා. මට අවශ්‍ය වෙලා තිබුනේ සංසුන්ව එය කල යුත්තේ කෙසේදැයි සිතීමයි. ඉතිං මම එය කලා."
 
-Chathurika Danielle-

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top