Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 12
1,580
Views
කාර්යබහුල වූ අද ලෝකයේ දුම්රිය හා බස්රථ තුළ බොහෝ ලෙස දක්නට ලැබෙන  සිදුවීමක් වන්නේ දෙපා පළල් කරගනිමින් අසුන්ගෙන සිටින  පිරිමි පුද්ගලයන්ය. මෙම සිදුවීමට එරෙහිව  ලොව රටවල් කීපයක් ක්‍රියාමාර්ග ගෙන ති‍බෙනවා.

පිරිමින්ගේ මෙම ක්‍රියාව නැවැත්වීමට ඇමරිකාව හා ස්පාඤ්ඤය ඇතුලු රටවල් කීපයක් මේ වනවිට විවධ වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.


ස්පාඤ්ඤයේ මැඩරිඩ් අගනුවර ප්‍රවාහන අමාත්‍යංශය මේ පිරිමින්ගේ පහත් ක්‍රියාවට එරෙහිව පෝස්ටර් මුද්‍රණය කර බස් රථයන් තුළ සෑම අසුනකම ප්‍රදර්ශනය කර ඇත.

මෙම පෝස්ටරයේ නිරූපිත වන්නේ දෙපා පළල් කරගෙන අගපසඟ පෙනෙන අයුරු දැක්වෙන පුද්ගලයෙකුගේ රූපයකි.

තවද මේ වනවිට ඇමෙරිකාවේ නිවියොර්ක්  නුවර බස් රථ තුළද මෙම පෝසටර් ව්‍යාපාරය ප්‍රසිද්ධ ලෙස ක්‍රියාත්මක වී ඇත.

මෙලෙස පිරිමින් පෞද්ගලික වාහන වල දෙපා පළල් කරගෙන අසුන්ගෙන සිටින  අවස්ථාවන්හි කාන්තාවන් ඔවුනට බැණවදිමින් ආරවුල් ඇති වන නිසාවෙන් ඒවා වැළැක්වීමට පිළියමක් ලෙස මෙම රටවල් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(පුවත් පතක පල වූවක් ඇසුරෙන්..)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top