Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
718
Views
ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් පාසල ගුරුවරියක් වූ කැත්රින් මයෝගා ඇමරිකාවේ පොලීසියක පැමිණිල්ලක් කර තිබෙනවා. 
 
2019 වසරේදී සිදු වූ බව කියන මේ සිදුවීම, ඇමරිකාවේ ලාස්වේගාස් හී හෝටලයක සිදු වූ බවටයි ඇය පවසන්නේ.

මේ චෝදනාව පිළිබඳ සලකා බැලූ ලාස්වේගාස් පොලිස් බලධාරින් DNA පරීක්ෂණයක් සඳහා DNA සාම්පල ඇමරිකාවට ලබාදෙන ලෙස ඉතාලි බලධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 
 
වරෙන්තුවක් නිකුත් කරමින් මෙම ඉල්ලීම ඉටු කර දෙන ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ. 
 
ලොව බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානේ රොනාල්ඩෝ වසර කිහිපයක් අඛණ්ඩව "වසරේ පාපන්දු ක්‍රීඩකයා" ලෙස සම්මාන දිනාගත්තා. 
 
ඇමරිකානු පුවත්පත් වාර්තා කරන්නේ රොනාල්ඩෝගේ DNA සාම්පල ඉල්ලා නිකුත් කළ වරෙන්තුව දැනටමත් ඉතාලි බලධාරින් වෙත යොමු කර ඇති බවයි. 
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ලාස්වේගාස් පොලීසිය සනාථ කළ අතර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සියලු චෝදනා රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top