Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
688
Views



විවාහය කියන සංකල්පය ආරම්භ වුනේ මිට බොහෝ කාලයකට පෙරය. ලොව ප්‍රථම විවාහය සිදුවී තිබෙන්නේ ක්‍රි.පු 2350 දී මෙසපොතේනියාව තුලයි. එකල විවාහය තුල ආදරයට වඩා තිබුනේ යම් කාන්තාවක් මුළු ජිවිත කාලය පුරාම එක පුද්ගලයකු විසින් අත්පත්කරගැනිමකි. එම කාන්තාව අදාල පුරුෂයා සමග පමණක් දරුවන් සැදිය යුතුයි. පැරණි ග්‍රීසියේ විවාහ උත්සවයක් සිදු වන විට මනමාලියගේ පියා විසින් සුවිශේෂී පොරොන්දුවක් ලබා දෙනවා. එනම් මම මගේ දියණිය ඔබ වෙත දරුවන් බිහි කිරීම සදහා භාර කරන බවයි. නමුත් අද නම් සිවිල් විවාහ, දෙමවුපියන් විසින් පිළියෙළ කර දෙන විවාහ, පොදු නිතිය යටතේ සිදුවන විවාහ, සහ සමලිංගික විවාහ යනුවෙන් විවිධ වූ විවාහ රාශියක් තිබෙනවා.

ඒවගේම අද පෙම්හමු මෙන්ම විවාහය සදහා තාක්ෂනය විශාල වශයෙන්ම භාවිත වෙනවා. අන්තර්ජාලයෙන් පෙම්වතියක් සහ පෙම්වතෙකු සොයා ගැනීම සදහා වෙන්වූ වෙනම වෙබ් අඩවි තිබෙන බවට ඔබ දන්නවා ඇති. නමුත් පෙම් හමු සහ හුරතල් බස් නැතුව කෙලින්ම මංගල පුවරුවට යන්න ඍජු ක්‍රමයක් අන්තර්ජාලයේ නැද්ද. අද අපි කතාකරන්නට යන්නේ අන්තර්ජාලයෙන් මනමාලියක් ඇනවුම් කරන්නට පුලුවන්ද යන්න පිලිබදවයි.

අද අන්තර්ජාලය හරහා ඇනවුම් කරන්නට බැරි දෙයක් නැහැ . සිල්ලර බඩු , පොත් ,ගෘහ භාණ්ඩ වැනි ඕනෑම දෙයක් අන්තර්ජාලය මගින් ඇනවුම් කරන්නට පුළුවන්. නමුත් මනමාලියක් ඇනවුම් කරන්නට පුළුවන් වේවිද.. mail order bride කියන සංකල්පය ආරම්භ වූනේ 19 වන සතවර්ශයේදීය. එහි අර්ථය නම් යම් කාන්තාවක් තම කැමැත්තෙන්ම නාමාවලියකට නම ඇතුලත් කොට කැමති පිරිමියෙකුට තමන් මනමාලිය ලෙස තොර ගැනීමට ඉඩ ලබාදීමයි. එය දියුණු වෙමින් පවතින රටවල් වල සිටින කාන්තාවන්ට සංවර්ධිත රටවල්වලින් පිරිමියෙක් සොයා ගැනීම සදහා මහගු පිටුවහලක් වුනා.

නමුත් 20 වැනි ශතවර්ෂය වන විට ක්‍රියාවලිය ප්‍රදාන වශයෙන්ම සිදු වුයේ අන්තර්ජාලය හරහායි. අන්තරජාලය පරික්ෂා කරන විට අපිට හමු වන yourbride.com යන වෙබ් අඩවිය මගින් mailorderbride වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ලැයිස්තු ගත කර තිබෙනවා. එම වෙබ් අඩවි ලැයිස්තු ගත කර තිබෙන්නේ පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර සහ අදහස් පදනම් කර ගෙනයි. එහි හොදම වෙබ් අඩවි 10යේ වැඩියෙන්ම සිටින්නේ යුක්රේනය, ජෝර්ජියාව , තායිලන්තය ,වියට්නාමය , චීනය සහ පිලිපීන කාන්තාවන් . ඒ වගේම එම වෙබ් අඩවි වල කාන්තාවන් 7000කට වඩා වැඩි පිරිසක් සිටින අතර ලියාපදිංචි වූ සාමාජිකයින් ගණන 55000ක් පමණ වෙනවා.

ඒ අතර ඇති ඇතැම් වෙබ් අඩවි වල නොමිලේ ලියාපදිංචි වීමට හැකි වුනත් ඇතැම් වෙබ් අඩවි වල ලියාපදිංචි වීමට මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම තමයි එම වෙබ් අඩවි හරහා මනමාලියන් ඇනවුම් කිරීමට නියමිත ක්‍රමවේදයක් තිබෙනවා. අපි හිතමු ඇමෙරිකාවේ සිටින පුද්ගලයෙකුට මනමාලියක් ඇනවුම් කරන්නට අවශ්‍යයි කියා. පළමු පියවර ලෙස වෙබ් අඩවියක් තොර ගෙන ගිණුමක් ආරම්භ කර තමන්ට ගැලපෙන මනමාලියව තෝරාගත යුතුයි. ගැලපෙනම මනමාලිය තෝරාගත් පසු දෙවැනි පියවරට යන්නට පුළුවන්. ඉන්පසුව අදාල කාන්තාව සම්බන්ද කර ගත යුත්තේ වෙබ් අඩවියේ කොන්දේසි අනුගමය කරමිනුයි . පෙම්හමු වෙබ් අඩවි වගේම email සහ කෙටි පණිවුඩ තුලින් එකිනෙකා අතර අදහස් හුවමාරු කිරීමේ හැකියාවද තිබෙනවා. දෙදෙනාම හොදින් ගැලපෙනවා නම් වෙබ් අඩවියේ ගාස්තුව ගෙවා විවාහයට සුදානම් වෙන්නට පුළුවන්. ඉන්පසු ඔබ විවාහ වෙන්නේ කොහෙද කවදද යන්න තීරණය කොට ඇයට පුරවැසි භාවයද ලබා ගෙන නිත්‍යානුකුලව විවාහයට සුදානම් විය යුතුයි .

ඇමරිකාව වගේ රටක නම් මේ සදහා තිබෙන්නේ ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ලංකාවේ නම් එය එතරම්ම ආපසු වෙන එකක් නැහැ.. ඉතින් අන්න ඒ විදහට තමයි අන්තර්ජාලය හරහා මනමාලියක් ඇනවුම් කරන්නට ඉඩ තිබෙන්නේ . දැන් අපි සොයා බලමු එලෙස විවාහ වී තිබෙන යුවලකගේ විවාහ ජීවිතය මොනවගේද කියල.

2015 වර්ෂයේදී රෙඩිට් සමුහය තුල සිදු වූ කතිකාවතක අපි උදාහරණයට ගමු

ත්රෝයෝ බෝට් ලෙස තමන් හදුන්වාගත් රෙඩිට් පරිශීලකයකු පවසා සිටියේ ඔහු බලාපොරොත්තු නොවූ තරම් එම විවාහය අතිශයින්ම ව්‍යාජ එකක් බවයි. අන්තර්ජාලයෙන් ඇනවුම් කල මනමාලිය තුල කිසිදු ආදරණිය හැගීමක් නොතිබුණු බවත් ඇය සැමවිටම අපහසුතාවයෙන් පසු වූ බවට ඔහු වැඩිදුරටත් පවසා තිබුනා. බිරිදකට වඩා ඇය තම රාජකාරිය ඉටු කරන ස්වභාවයක් තමයි එහි දකින්නට තිබුනේ. එතින් පෙනෙන විදියට නම් අන්තර්ජාලයෙන් ඇනවුම් කරන මනමාලියෙක් සමග ගෙවන යුග දිවිය සාර්ථක එකක් නොවෙයි. මෙවැනි වෙබ් අඩවි ඇත්තටම සිදු කරන්නේ ව්‍යාපාරයක් ඔවුන් මෙයින් විශාල වශයෙන් මුදල් උපයනවා. ඒවගේම තමයි මේ වගේ වෙබ් අඩවි වලට හසු වීමෙන් මුදල මෙන්ම ජිවිත ද පවා නැතිවෙන්නට පුළුවන්. ඔබ හිතෙන විදියට අන්තර්ජාලයෙන් ඇනවුම් කරන මනමාලියෙක්ගෙන් මුළු ජිවිතයටම ඔබ අපේක්ෂා කරන ආදරය ලැබේවිද. ඔබේ අදහස අපටද පවසන්න.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top