Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
1,388
Views
අද අපි ඔබට කියන්න යන්නේ ඔබ කවදාවත් අසා නොතිබෙන ඇසුවත් පුදුම හිතෙන නීතියක් පිලිබදවයි. හිතන්න ඔබ යම් කාන්තාවක් දුෂණයට ලක්කරනවා. නමුත් ඔබ එම දුෂණයට ලක් කරපු කාන්තාව නිත්‍යානුකුලව විවාහ කර ගත්තොත් ඔබ එම වරදින් නිදොස් කොට නිදහස් වෙනවා. විශ්වාස කරන්නත් බැහැ නේද? නමුත් ඇත්තටම මෙවැනි නීති සහිත රටවල් ඕන තරම් තියෙනවා.

මෙම අමුතු නීතිය මෑතකදී කරලියට පැමිණියේ පලස්තීනය නම් රටෙනි. එරට ජනපති එරට තිබෙන ව්‍යවස්ථාවෙන් එම නී තිය අවලංගු කිරීමත් සමගම තමයි මෙම සිද්දීන් නැවතත් ලෝකයට අසන්නට ලැබුනේ. පලස්තීනය විසින් ගත් මෙම තීරණයෙන් පන්නරය ලැබූ අසල්වැසි රටවල් කිහිපයක්ම එම නිතිය ඉවත් කරගෙන තිබුන. නමුත් එම නීතිය විවිධ වූ ස්වරුපයන්ගෙන් බලාත්මක වූ රටවල් අදටත් තිබෙනවා. එම රටවල් අතරින් බහුතරයක්ම පිහිටා තිබෙන්නේ මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල් වලයි.




දූෂකයව විවාහ කරන නිතිය අද බොහොමයක් රටවල් වලින් තුරන් වී තිබෙනවා. පර්යේෂකයින් පවසන විදිහට එම නිතිය ආරම්භ වනුයේ 1810 දී ප්‍රංශ නීතියකින්. එම නීතියට අනුව කාන්තාවක් පැහැරගනු ලැබූ පුද්ගලයා එම කාන්තාව විවාහ කරගැනීමට කැමති නම් නීතියෙන් එම පුද්ගලයාව අපරාධ කරුවෙකු සේ සලකන්නේ නැහැ. ඒ වගේම දුෂණය ලක්වූ තරුණිය සමග අදාල අපරාධකරුවා යම් කාලයක් විවාහ වී සිටිනවානම් ඔහුටද එම අපරාධය වූ දඩුවමින් නිදහස් වෙන්නට පුළුවන්.



1911 වර්ෂයේදී එම ප්‍රංශ නීතිය ඔටෝමන් අදිරජ්‍යයාගේ නීති පොතටද ඇතුලත් වුනා . ඒවගේම ලොව බොහොමයක් රටවල් වලට එම නිතිය ඇතුලත් වුනේ බටහිර අධිරාජ්‍යවාදීන් එම නිතිය යටත් විජිතයින්ට හදුන්වා දුන් නිසයි. ප්‍රංශය විසින් ජනපද පිහිට වූ උතුරු අප්‍රිකාවේ, ලෙබනනයේ මෙන්ම ඇතැම් දකුණු අප්‍රිකානු රටවල් ද මෙයට උදාහරණයක් ලෙස හදුන්වන්නට පුළුවන්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඔවුන් විසින් යටත් කරගත් මුස්ලිම් රටවල් වලට ඔවුන්ගේ නිතිය හදුන්ව නොදී ඔටෝමන් නීතිය හදුන්වා දීමද එම නිතිය මැද පෙරදිග මුස්ලිම් රටවල් වලට ඇතුළු වීමට එක හේතුවක් ලෙස කියන්නට පුළුවන්.

ප්‍රංශය එම නීතිය 1994 වර්ෂයේදී අවලංගු කල අතර එය අනුගමය කරමින් ඩෙන්මාර්කය සහ ඉතාලිය වැනි අනිකුත් රටවල් ද එම නිතිය අවලංගු කිරීමට උත්සහ කලා . ඒ සමගම මැදපෙරදිග සහ අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම එම නීතිය හකුලාගෙන තිබෙනවා. එම නිතිය පැවති කාලය තුලදී ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව ඉහල ගොස් තිබුණු අතර ස්ත්‍රී දුෂකයින්ට දඩුවම් කරන්නට හැකියාව තිබුනේ නැහැ.

එකල එම නීතිය බිහිවුනේ කාන්තාවන් පිරිමියාගේ දේපලක් බව සිතන ලද සමාජයක් තිබුණු නිසයි. මොකද කාන්තාවකගේ කන්‍යාභාවය අහිමි වුන විටක එම කාන්තාවට කිසිම වටිනාකමක් නැතිබවටයි බොහෝදෙනෙකුගේ අදහස වූනේ. 2012 වර්ෂයේදී සිදුවූ එක්තරා සිදුවීමක් අදටත් උදාහරණයක් ලෙස ගන්නට පුළුවන් .




එනම් 16 හැවරිදි අමිනා ෆිලාලි කියන තරුණියට ඇයගේ දුෂකයව බදින්නට සිදුවුණු නිසා ඇය විසින් සියදිවි හානි කරගැනීමයි. ඇයට ඔහු සමග විවාහ වීමෙන් පසුවත් නිරන්තරයෙන්ම ඔහුගෙන් ලිංගික වද හිංසා සිදු වී තිබෙනවා. නමුත් මෙම සිදුවීම නුතනයේ සිදුවූ එවැනි සිදුවීම අතරින් එක සිදුවීමක් පමණයි. එම නිතිය වසර සියගණනක් පැරණි නීතියක් වූනත් එය විවධ ස්වරුපයන්ගෙන් අදටත් පවතිනවා. උදාහරණයක් ලෙසට පිලිපීනය ඇල්ජිරියව සහ බහරේන් යන රටවල නීතියට අනුව ස්ත්‍රිදුෂකයකු ගෙන් දුෂණයට ලක්වුණු එම කාන්තව විවාහ කරගන්නවා නම් ඔහුට එම අපරාධයෙන් නිදහස් වෙන්නට පුළුවන්.

ලොව තවත් රටවල් කිහිපයකම මෙම නිතිය විවිධ ස්වරූප කිහිපයකින්ම පැවතෙනවා. සිංගප්පුරුව රොමේනියාව තායිලන්තය තුර්කිය උදාහරණයක් ලෙස ගතහොත් දුෂණයට ලක්වූ තැනැත්තිය දුෂකයට සමව දෙනවනම් අදාල තැනැත්තාට වරදින් නිදහස් වෙන්නට පුළුවන්. ඊට අමතරව දුෂණයට ලක්වූ තැනැත්තියගේ පවුලේ අය සමග එකගතාවයකට පැමිණිමෙනුත් ස්ත්‍රී දුෂණ වරදින් නිදහස ලබන්නට පුළුවන් රටවල් තිබෙනවා.

ඒවගේම විවාහයක් තුල සිදුවන ස්ත්‍රී දුෂණ සිදුවීම් වරදක් සේ නොසලකන රටවලුත් තිබෙන බවට මතක තබාගන්න. ඉතින් මේ ඉහත නීති වලින් ස්ත්‍රී දුෂකයින්ට ඉහත කල වරදින් පැනයාමට විශාල උදවුවක් ලැබෙනවා. එය හරියට දුෂණයට ලක් වූ කාන්තාව මුළු ජිවිතයම දුෂණය කිරිමට දුෂකයට ලැබුණු අතිරේක වාසියක් වැනි දෙයකි. නමුත් කාන්තාවන් පිරිමින්ගේ දේපලක් බව සිතන සමාජයක් තිබෙන තුරු මෙම නිතිය විනාශයට පත්වන්නේ නැහැ. මොකද එක පවුලක් තරුණියක් තවත් තරුණයකු විසින් දුෂණය ලක් වූ විට එම දෙමවුපියන් සමාජ අවමානයෙන් බේරීමට එම දියණිය සරණ පවා දෙනවා. අඩුම තරමේ නීතියේ පිහිට පතන්නේවත් නැහැ . ඉතින් රටක නිතිය ස්ත්‍රී දුෂකයන්ට දඩුවම් ලබා දෙන මට්ටමක තිබුනත් එරට මිනිසුන් සිතන්නේ ස්ත්‍රිය මිනිසුන්ගේ ලිංගික භාණ්ඩයක් කියා නම් ස්ත්‍රී දුෂකයින්ට දැඩි නීති පනවා තිබුනත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top