Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 11
2,265
Views
64 හැවිරිදි කාත්තාවක් සාහසිකව මරා දමාලා 
 
ඇගේ ඝාතන දැලට තමන්ගේම සොහොයුරියත් හසුවේ 
 
 
තම ආත්ම තෘප්තිය වෙනුවෙන් සහ සතුට වෙනුවෙන් මිනිසුන් ඝාතනය කිරීම විනෝදාංශයක් බවට පත් කරගත් තරුණියක් ගැන එංගලන්තයෙන් වාර්තා වනවා. 
 
ඇය නමින් Joanna Dennehy. විශේෂත්වය වන්නේ ඇය දැඩි කාම ආශාවකින් යුක්ත, සමලිංගික සම්බන්ධතා ප්‍රිය කරන තැනැත්තියක් වීමයි. 
 
ඝාතන වැලකට හිමිකම් කියන ඇය අතින් පිරිමින් හා කාන්තාවක් බොහෝමයක් ඝාතනය වී ඇත්තේ ඉතාමත් අමානුෂික අන්දමිනුයි. 
 
මෑතක ඇය ගැන කතාබහ ඇතිවන්නේ ඇය විසින් 64 හැවිරිදි කාන්තාවක් සාහසිකව ලෙස මරා දැමීමත් සමඟයි. 
 
එහිදී ඇය තමන්ගේ විනෝදාංශය පිළිබඳව පාපොච්චාරණයක නියැලෙන අතර තමන් විසින් බොහෝ දෙනෙකු ඝාතනය කළ බවද ඇය පිළිගනු ලබනවා.

මෙසේ ඈ අතින් ඝාතනය වූවන් විවිධ සමාජ මට්ටම් නියෝජන කළ පිරිස් වුණා. මෙහි සුවිශේෂිතම සිදුවීම වන්නේ, ඇය තමන්ගේ සොහොයුරියවත් ඝාතන දැලට එකතු කරගෙන තිබීමයි. 
 
තමා සමඟ මිත්‍ර වී විවාහ ගිවිසගන්නට සිටි Hayley නම් සමලිංගික තරුණිය තමාගේම සොයුරිය හා හාද වී විවාහ වීම Dennehyට ඉවසුම් නොදෙන්නක් වුණා. 
 
ඇය ඒ වෙනුවෙන් තමන්ගේම සොයුරියගේ ජිවිතය බිල්ලට ගත්තේ ඉතාමත් අමානුෂික අන්දමින්. 
 
නිතර සමාජ ජාලවලට තමන්ගේ ජායාරූප එකතු කරන ඇය, එම ජායාරූපවලට පෙනී සිටියේද පිහි වැනි අවි ආයුධ අත තබාගෙනයි. 
 
ඇය මේ වන විට කොතරම් ප්‍රසිද්ධියක් ලබනවාද කිවහොත් Berry-Dee නම් කතුවරියක් ඇගේ කතාව පොතක් ලෙස ලිවීමට සුදානම් වන වගත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
 
තමන්ට නිතරම සතුටින් ඉන්න අවශ්‍ය බව කියන ඈ මේ සියල්ලම තමන්ගේ තෘප්තිය වෙනුවෙන් සිදු කළ බව පොලීසියට පාපොච්චාරණය කරමින් කියා තිබෙනවා. 
 
එමෙන්ම විවිධ අන්දමේ අසාමාන්‍ය ලිංගික චර්යාවන් ද ඇය විසින් අනුගමනය කරනවා. 
 
56 හැවිරිදි JOHN CHAPMAN ඇය විසින් ඝාතනය කරන්නේ පිහි පහර එල්ල කරමිනුයි. එසේ මිය ගිය ඔහු නාවිකා හමුදාවේ සේවය කළ අයෙක්. 
 
ඇය අතින් ඝාතනය වූ තවත් තරුණයෙකු වූ LUKASZ SLABOSZEWSKI මිය යනවිට 31 හැවිරිදි වියේ පසුවුණා. 
 
ඇගේ තවත් ගොදුරක් බවට පත් වූ KEVIN LEE දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. 
 
අවසානයට මරා දැමුණු පුද්ගලයාගෙන් පසු ගෙවී ගිය පැය විසි හතරෙන් පසු ඇය තවත් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පහත ජායාරූපයන්හි සිටින්නේ Joanna Dennehy.. 
ඇය විසින් සමාජ මාධ්‍යයට බොහෝ විට මුදා හරින ජායාරූපවල ඈ පෙනී සිටින්නේ පිහි වැනි අවි ආයුධ අත තබාගෙනයි.
 
 
ඇය විවාහ වන්නට සිටි Hayleyගේ ජායාරූපයක්. (ඇයද සමලිංගික තරුණියක්.)
 
 
Hayley 27 වැනි වියේදී....
 
 
ඇය විසින් අවසානයට ඝාතනය කරනු ලැබූ 64 හැවිරිදි කාන්තාව..
 
 
Dennehy විසින් ඝාතනය කළ LUKASZ SLABOSZEWSKI. ඔහු මිය යන විට 31 හැවිරිදි වියේ පසුවුණා.
 
 
ඇගේ පිහි ප්‍රහාර හමුවේ ජිවිතයෙන් වන්දි ගෙවූ JOHN CHAPMAN.
 
 
KEVIN LEE නම් වූ පුද්ගලයාද එසේ ඇය අතින් ඝාතනය වූ තවත් එක් පුද්ගලයෙක්...
 
 
ඇය පාපොච්චාරණයේ යෙදෙමින්..
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top