Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
738
Views

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන හර්ඩික් පාන්ඩ්යාට සහ කේ.එල් රාහුල්ට එක්දින ක්‍රිකට් තරග දෙකක තහනමක් පැනවීමට නිර්දේශ කර තිබෙනවා.

එරට ක්‍රිකට් පාලනය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පත් කළ පරිපාලන කමිටුවේ සභාපති විනෝද් රායි විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ප්‍රකට රූපවාහිනී වැඩසටනක් වන කොෆී විත් කරන් වැඩසටහනේ ද ඔවුන් දෙදෙනා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම තහනම පැනවීමට නිර්දේශ කර ඇති බව සදහන්.

කාන්තාවන් සම්බන්ධයෙන් සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔවුන් අදාළ වැඩසටහනේ දී පල කළ අදහස් කිහිපයකට බොහෝ පාර්ශවවලින් දැඩි විවේචන එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් පසුව හර්ඩික් පාන්ඩ්යා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් තබමින් සමාව ද ඉල්ලා සිටියා.

ඔවුන් දෙදෙනාට තරග තහනම ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන අවසන් අනුමැතිය මෙතෙක් හිමිව නැහැ.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top