රටම ආදරය කරන ජනප්‍රිය ගායකයන් දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සිදුකළ අමුතුම වැඩක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හැමෝම කතාවෙනවා.
සිය 20 වන සැමරුමට සමගාමීවයි ඔවුන් මේ අපූරු වැඩේ කරන්නේ.
බොහෝදෙනෙකුට අමතක කරන්න බැරි සංවේදී මතකයන් එක්ක ජීවත්වන ගම්මානයක් තමයි සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාව ඉන්න ගම්මානය.
මේ සුපිරි තරු යුගළ පසුගියදා මේ නව ගම්මානයට යන්නේ සුවිශේෂ ආරාධනාවක් අරගෙනයි.
එහිදී ඔවුන්ට බාල මහලු හැමෝගෙන්ම ලැබෙන්නේ නොසිතූ උණුසුම් පිළිගැනීමක්.
තම 20 වන සංවත්සරයට සමගාමීව කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත "ඔබ නිසා" ප්‍රසංගයට එන්න ඒ ගමේ හැමෝටම ඔවුන් විශේෂ ආරාධනා පත්‍රයක් ලබාදුන්නේ සියල්ලන් මවිතයට පත්කරමින්.
ආදරය කරපු හැමෝගෙන්ම වියෝ වූ දුක දරා සිටින මේ ගම්මානයේ මිනිසුන්ට මොහොතකට හෝ කලකට අමතක නොවන අවස්ථාවක් ඉදිරියේදී උදාවනු ඇත.
මේ පිළිබඳව භාතිය-සන්තුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ විශේෂ සටහනක් පහතින්.