Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
1,068
Views
දියකිදුරියන් යනු මනක්කල්පිත සත්වයෙක් බවට බොහෝ දෙනෙක් සිතා සිටියත් ඇතැම් අප්‍රිකානු රටවල්වල නම් දියකිදුරියන් වෙසෙන බවට තදින්ම විශ්වාශ කරනවා .මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයක්ම ඒ සදහා විශාල ලෙස හේතු සාදක වුනා.



ගංගාවක් වෙත ගවයින් දක්වා ගෙන යන ළමයින් 3 දෙනෙක් හදිසියේම විශාල මත්සයෙක් දැක තිබෙනවා. ඒ අතරින් දෙදෙනකුම මත්සයාව අතින්ම අල්ලාගැනීමට ජලාශයට පැන්නත් ඔවුන්ට හමුවෙලා තිබෙන්නේ විශාල මත්සයකු නම් නොවෙයි. ඔවුන් පවසන අන්දමට එහි සිට තිබෙන්නේ දියකිදුරියක් හෝ ජල රකුසෙකි.

ජලයෙන් මතුවූ එම දිය කිදුරිය දරුවන් දෙදෙනාම දිය යටින්ම ගං ඉවුර වෙතට රැගෙන ගොස් තිබෙනවා එම සියල්ලම බලාගෙන සිටි අනික් කුඩා දරුවා දැඩි භීතියට පත් වී දෙමවුපියන් වෙත දිව ගියා. දෙමවුපියන් එහි පැමිණ බලන විට දරුවන් දෙදෙනා හමුවුනත් ඔවුන්ට බරපතල ලෙස තුවල් වී තිබුනා. නමුත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක නැවතත් දියකිදුරිය ජලයෙන් මතු වී එම දරුවන් දෙදෙනා නැවත ඇදගෙන ගොස් තිබෙනවා. එම සිදුවීම එහි පැමිණි දෙමවුපියන්ද සියසින්ම දැක තිබෙනවා. අන්තර්ජාතික මාධ්‍ය පවා මෙම පුවත වාර්තා කර තිබෙන අතර එම සබැදිය අපි ඔබට පහතින් ලබා දෙන්නම්.

ඉහත සිදුවීම මෙන්ම සිම්බාබ්වේ හි මෙවැනිම සිදුවීමක් සිදු වී තිබෙනවා. තවත් කුඩා දරුවන් දෙදෙනකු ඉහත ජලාශයේම මාළුවෙකු ගේ හැඩයකින් යුත් කාන්තාවක් දුටු බවට පවසා තිබෙනවා . ඊට දින කිහිපයකට පෙර ඒ අතරින් එක් දරුවෙක් මිය ගොස් තිබියදී හමු වී තිබෙනවා .

දියකිදුරියන් පහර දුන් බවට තවත් බොහෝ සිදුවීම් රැසක් සිම්බාබ්වේ රටෙන් වාර්තා වී තිබෙනවා. දිනක් 45 හැවරිදි ගුරුවරියක් තම නිවාස බල පයින් සිටින අවස්ථාවේදී කෙටි මර්ගයක් යොදා ගෙන තිබුණු අතර එම මග ඉහත ජලාශය හරහාම වැටි තිබුනා. කෙසේනමුත් මෙම සිදුවීම් නිසාම බොහෝ දෙනෙක් එම මග භාවිත කරන්නේ නැහැ.නමුත් ඉහත ගුරුවරිය එම අවධානම අරගෙන ඒ හරහා පැමිණ සිටියදී දිය කිදුරියක් සහ දිය කිදුරෙකු ඇයට පහර දී තිබෙනවා . නමුත් වාසනාවකට ඇය කෙසේ හෝ ඇගේ ජීවිතය බේරා ගැනීමට සමත් වී තිබෙනවා. එහෙත් ඇයගේ අත් පා දරුණු ලෙස තුවාල වී තිබෙනවා. ඇය වහාම ඒ සම්බන්දයෙන් බලධාරින් දැනුවත් කල අතර ඇය පවසා තිබෙන්නේ ඔවුන්ගේ රුපය සිත් වශී කරන තරම් අලංකාරවත් බවත් .



ඉන් දින කිහිපයකට පසු 32 හැවිරිදි පුද්ගලයකුටත් එවැනිම පහරදීමක් සිදුවුණා. දිගින් දිගටම වාර්තාවෙන අන්දමට මෙම පහරදීම් නිසා පොලිස් නිලදාරීන් ඇතුළු බොහෝ මිනිසුන් දිය කිඳුරියන් සෑබැ ලෙසම ජිවත් වන බවට විශ්වාශ කර තිබෙනවා. එම ජලාශය පරික්ශා කිරීමට යාමේදී තමන්ගේ ජිවිත ද නැතිවෙයි කියන බියෙන් ඔහු පසු වුනා. මෙවැනි පහර දීම් අතුරුදහන් මෙන්ම මියයාම් සතවර්ෂ ගණනාවක් මුළුල්ලේම සිම්බාබ්වේ රටෙන් වාර්තා වෙනවා. දියකිදුරියන් වැනි ජීවින් කොටසක් එහි ඇත්තටම වාසය කරනවා ඇද්ද ? සමහර විට ඔවුන් දියකිදුරියන් බව සිතා වෙනත් සත්ව කොටසකට බය වෙන්නත් පුළුවන්. නමුත් එම අත්දැකීම් වලට මුහුණ දුන් අය නම් පවසා සිටින්නේ මුහුණ අතුළු උඩුකය මිනිසාට හාත්පසින්ම සමන බවයි. ඒ වගේම මෙය මාසිස්ස්ටෙරියා ලෙස හදුන්වන මානසික තත්වයක් වීමටද ඉඩ කඩ තිබෙනවා. එහෙමත් නැතිනම් මොවුන් අවධානය දිනාගැනීමට බොරු කිවා වෙන්න බැරිද ? නමුත් ඉහත විස්තර කරනු ලැබූ අතුරුදහන් මරණයන් සහ පහරදීම් ඇත්තටම සිදු වූ ඒවා නිසා අනිවාර්යයෙන්ම යම් දෙයක් තිබිය යුතුයි. මේ සම්බන්දයෙන් ඔබේ අදහසද අපට කීමට අමතක කරන්නට එපා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top