Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 10
646
Views

කලක් නිහඬව සිටි ජනප්‍රිය බොලිවුඩ් නිළි කන්ගනා රනවුත්ගේ  දැවැන්ත රංගනයක් සහිත කාන්තා චරිතක් වටා ගොනු වී ඇති අති දැවැන්ත සිනමාපටයක් මේ මස අවසානයත් සමඟ තිරගත වීමට නියමිතව තිබෙනවා..ඒ  ඉන්දියානු ඉතිහාසයේ විරෝදාර රණකාමී  සැලකෙන ජාන්සි රැජිණගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ මනිකර්ණිකා නමැති සිනමා වෘතාන්තයයි . කන්ගනා මෙම සිනමාපටයේ ජාන්සි රැජිණගේ අතිශය සංකීර්ණ චරිතය නිරූපණය කරන බව දැනටමත් ලොව පුරා කතාබහට ලක්වී තිබෙනවා. රාධා ක්‍රිෂ්ණ අධ්‍යක්ෂණය කරන මේ දැවැන්ත සිනමා නිර්මාණයේ තිර පිටපත විජයෙන්ද්‍ර ප්‍රසාද්ගෙනි.

උත්තර ප්‍රදේශයේ ජාන්සිහී රැජිණ වූ ඇය 1857 දී බ්‍රිතාන්‍යයට එරෙහිව මෙහෙය වූ පළමු නිදහස් කැරැල්ලේ නායිකාවයි. වයස අවුරුදු 14 දී ජාන්සිහී මහ රජා වූ රාජාගන්ධාර් රාඕ සමඟ විවාහ වූ ඇය එතැන් පටන් හැඳින්වුණේ රාණී ලක්ෂ්මී බායි කියලා. එකම දරුවාත් ස්වාමි පුරුෂයාත් මිය යාම සහ හදාවඩා ගන්න ගත් දරුවාට රාජ්‍යත්වය නොමැති බවට අදහස් පළවීමත් නිසා ජාන්සි බලකොටුව හැරයන්නට ලෂ්මී රැජිණට සිදු වුවත් ඇය ඊට යටත් වුණේ නැහැ. ඉංග්‍රීසි ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සියලු රැකවල් තර කළ ජාන්සි නොහොත් ලක්ෂ්මී රැජිණ මිය ගියේ අවුරුදු 22ක් තරම් තරුණ වියේදී. යුද සේනාපතියකු ලෙසින් අසු පිට නැඟී සටන් වැදුණු ඇය මිය යන්නේ ග්වාලියර් කොටුව රැක ගැනීමේ සටනේදී.

ලක්ෂ්මී රැජිණට සිංහ ආත්මයක් තිබුණ බවටත් ඉන්දියාව පුරා රාවයක් පැතිර තිබුණා. එමෙන්ම ඇයව ඉන්දියානුවන් සළකන්නේ යුද දෙවඟනක් හැටියටයි.මනිකර්ණිකා සිනමා වෘතාන්තයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළි දක්වලා තියෙනවා.මේ මස 25 වැනිදා සිට මෙම සිනමාපටය තිරගතවීමට නියමිතයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top