බමුණු ආරච්චිගේ දුමින්ද නොහොත් මොහොමඩ් සල්මාන් රිල්වාන් නොහොත් පප්පා යන නම්වලින් හඳුන්වන සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
28 හැවිරිදි වියේ පසුවන ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී අපරාධ රැසකට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මාලිගාවත්ත ඛෙත්තාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 340ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වර්ෂයේ ජූලි මාසයේදී ජම්පටා වීදිය ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් ඝාතන රැසකට මෙම පප්පා යන පුද්ගලයා සම්බන්ධ බවටයි පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.