Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
1,122
Views


දැන් අපි කියන්නේ ලෝකයම කම්පනය කරපු සහාසික එඩ් ගේන් නම් මිනීමරුවා පිළිබදවයි .1960 වර්ෂයේදී සයිකෝ ලෙස හදුන්වන චිත්‍රපටියක් තිරගත වුනා .බෙට්ස් මොටෙල් කියන ටෙලි කතා මාලාව නිර්මාණය වුනේ මෙම චිත්‍රපටියට අනුකුලවයි. සයිකෝ චිත්‍රපටියේ ප්‍රධානතම චරිතය නිර්මාණය කර තිබෙන්නේ එඩ්ගේන් ගේ චරිතය ඇසුරිනි.

එඩ්ගේන් උපත ලැබුවේ 1906 වර්ෂයේ අගෝස්තු 26 වැනිදායි. ඒ ඇමෙරිකාවේ විස්කොන්සින් වල ලාකොස් කියන නගරය තුලයි. ඒවගේම ඔහුගේ මව දුෂ්ඨ ගති පැවතුම් වලින් යුත් පිස්සුවෙන් මෙන් ආගම අදහපු කාන්තාවක්. එම නිසා කුඩා කල සිටම ඔහු හිරකරුවකු සේ හැදී වැදුණු අතර ඔහුගේ මව වියරුවෙන් මෙන් පාපය සහ තෘෂ්ණාව පිලිබදව පවසන දේවල් අසා ගෙන සිටීමට සිදු වුනා .

හුදකලාවෙම ළමා කාලය ගෙවපු ඔහුට මිතුරන් දෙදෙනකු හෝ තුන්දෙනකුට වඩා සිටියේ නැහැ. ගෙන් ගේ පවුලේ අය ගොවිපලක නිවසක් වෙත ගිය නිසා ඔහු තවත් හුදකලා වුනා. ඔහුගේ මව දැඩිව කටයුතු කලත් ගෙන් ඇයට ඉතාමත්ම ආදරය කලා. මව ඔහුට සැම විටම පවසා සිටියේ වෙනත් කාන්තාවන් සමග සම්බන්දයක් පවත්වන එක බරපතල පාපයක් බවයි. ඒවගේම තමන් හැරෙන්නට අනිකුත් සියලුම කාන්තාවන් ගණිකාවන් බවත් ඔවුන් ඇසුරු කිරීම යක්ෂයා ඇසුරු කිරීමට හා සමාන බවට ඇය ගේන් ට පවසා තිබුනා .

හැදෙන වයසේ කුඩා දරුවකුගේ මනසට ඇතුල් කරපු එම අදහස යහපත් එකක් නොවෙයි. එම කාලය වන විට ගේන් ගේ පියා හදිසියේම මරණයට පත් වුනා. එම නිසා ඔහු සහ මව පමණක් ඉතුරු වුනා. නමුත් ඔහුගේ මවත් හදිසියේම රෝගාතුර වුන නිසා ඇයව රැකබලාගැනීමට රැකියාවක් කිරීමට ඔහුට සිදු වුනා. එම කාලයේදී ඔහු පොත් පත් කියවීමට පෙළඹුනා.

නමුත් නාසි වරුන් සහ මිනි මස් කන්නන් පිළිබද පොත් පත් කියවීමට තමයි ඔහු වැඩිපුරම උනන්දුවක් දැක්වුයේ. අවසානයේදී ඔහු මෙළොව තනිකරමින් 1945 වර්ෂයේදී ඔහුගේ මවත් මරණයට පත් වුනා. වසර කිහිපයක්ම ඔහු සාමාන්‍ය පරිදි ගොවිපලේ සහ රැකියා කටයුතු කල අතර ඉන් පසුව ඉතාමත්ම අමුතු දෙයක් ඔහුගේ විනෝදාංශය බවට පත් වුනා.

එනම් ඔහු ඔහුගේ මව ලෙස හැසිරීමට පෙළඹීමයි. එය ඔහුගේ සියලුම සහාසික ක්‍රියාවන් වල ආරම්භය ලෙස හදුන්වන්නට පුළුවන්. 1957 වර්ෂයේදී හදිසියේම එම ප්‍රදේශයේ විසු බර්නිස් වොර්දන් නමැති කාන්තාවක් අතුරුදහන් වුනා. එම කාන්තාවගේ පුතා පොලිසිය වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ අවසාන වතාවට මව එඩ්ගේන් සමග සිටි බවයි.

ඔහුව වහාම අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ගොවිපලද පරික්ෂාවට ලක්කරා. එහිදී වෙඩි තබා ඝාතනය කල බර්නිස් වොර්දන් ගේ සිරුර සතෙකු මෙන් එල්ලා තිබුනා. වාර්තා වෙන විදිහට ඇයගේ සියලුම ශාරීරික ඉන්ද්‍රියයන් ගලවා ඉවත් කර තිබුණු අතර හිසේ සිට දෙපතුල දක්වාම සිරුර විකුර්ති කර තිබුනා. එම දසුන සියසින්ම දුටු පොලිස් නිලදාරියකු කකුල් වල තිබු බල නහරය කපා දමා ඒ අතරින් කම්බියක් යවා තිබු බව සහ පහතට එල්ලමින් තිබුණු සිරුරේ හිස කදින් වෙන් කර තිබු බවටයි පැවසෙන්නේ. ඇයගේ හිස පසුව ගෝනි මල්ලක තිබී හමුවුණා.

නමුත් ඔහුගේ නිවාස තුලට ඇතුල්වූ පසුව ඊටත් වඩා භයානක දෙයක් දුටුවා. එනම් කාන්තා හිස් 5ක් සහ හිස් කබල් 4කි. නමුත් ඉතාමත්ම පිළිකුල් සහගත දේනම් වෙස් මුහුණක් ලෙස පැළදිය හැකි ලෙස කපාගත් මුහුණේ සම්පුර්ණ සම කොටස් කිහිපයක් ද හමු වී තිබිමයි. මොකද එම වෙස් මුහුණු පැලදීම ඔහුගේ විනෝදංශයයි. ඇසින් දුටු අය පවසන්නේ එම වෙස් මුහුණු වල තොල් ආලේපන පවා තිබුණු බවයි. එම මියගිය කාන්තාවන් ඔබ හදුනනවානම් එම මියගිය කාන්තාවන්ගෙන් සෑදුනු වෙසමුණු දිහා බලා ඔවුන්ව හදුනාගන්නට හැකියාව තිබුණු බවට වැඩිදුරටත් සදහන් වෙනවා . එපමණක් නොවෙයි ඔහුගේ නිවසේ තිබී තවත් බොහොමයක් වූ භායනක දේවල් ඔවුන්ට හමුවී තිබෙනවා .මිනිසුන්ගේ සමෙන් හදපු ලාම්පු මුවාවන් , පුටුකවර සහ කුණු කූඩ ද ඒ අතර තිබුනා කිවුවොත් නිවැරදියි.

ඒ වගේම ඔහුගේ මුළුතැන්ගෙය තුල තිබි හිස් කබල් වලින් හදපු භාජනද හමුවුනා . තවද කාන්තා මිනිස් සමෙන් හදපු ඇදු මක්ද හමුවුනා . එය ඔහු නිර්මාණය කරන්නට ඇත්තේ තමන්ගේ මව සිහිපත් කිරීමටයි. එසේ නොමැති නම් එය පැළඳ ගෙන ඔහුගේ මව බවට පත් වීමටයි. ඔහු විසින් නිපදවූ පිළිකුල් සහගත දේවල් මෙතකැයි කියන්නට බැහැ. මොකද කාන්තා තනපුඩු වලින් හදපු බෙල් පටියක්, කාන්තා නසයක් සහ යෝනි මුඛයන් ගෙන් යුත් එකතුවක්ද හමුවුනා. ඒ සියලුම දේවල් නිර්මාණය කිරීමට අදහස වුයේ ඒවා පැළඳ ඔහුට කාන්තාවක් වීමට තිබු අදහසටයි. එසේත් නොමැති නම් අම්මා බවට පත් වීමටයි. මොකද ඔහුම එය පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු ඉහත කල සියලු නිරමාණ කර තිබෙන්නේ ඔහුගෙන් ඝාතනය වූ කාන්තාවන්ගෙන් පමණක් නොවෙයි. මිනි වලවල් වලින්ද ඔහු කොටස් එකතු කර ගෙන තිබෙනවා. අධිකරණය හමුවේදී ඔහු මානසික රෝගියෙක් බවට සිතීමට වැඩි කාලයක් ගියේ නැහැ. ඔහු පෙනහළු පිළිකාවකින් 1984 වර්ෂයේදී මරන යට පත් වුනා.

ඒ මානසික රෝහලක් තුලයි. ඔහුගේ සිරුර බ්ලෙන්ෆිල් ව භූමදානය කර අතර පසුව සිරුරේ කොටස් අතුරුදහන් වී තිබෙනවා. එකට හේතුව ඇමරිකා ඉතිහාසයේ සහාසික මිනීමරුවා ගේ ශරීරයේ කොටසක් සිහිවටනයක් ලෙස තබාගැනීමට කැමැත්තකින් පසු වීමයි.

චමිත් කුලරත්න 














































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top