Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 09
145
Views
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර ඇතිව තිබෙනා මතගැටුම පසුගිය දිනවල අතිශය කතාබහට ලක්විය.

 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සමඟ සටන් විරාමයක් පැවැත්වීමට තමා අදහස් නොකරන බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මාධ්‍යයට පවසනවා.

මෙම වචන ප්‍රහාරය සඳහා තමා මෙතෙක් පරිහරණය කළේ සුළු අවි බවද, බර අවි පරිහරණය කිරීමට තවම අදහසක් නැති බවද කී පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මත ගැටුම නතර කරන ලෙස තමාට මෙතෙක් ආණ්ඩුවේ ඉහළින් දැනුම්දීමක් නොලැබුණු බවද පවසා තිබේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා, 

"මං මොකටද කාටත් දෙවැනි වන්නේ. මං මේ විරෝධය  දිගටම කරගෙන යනවා. මට මඩ ගහන්න ආවොත් මම මඩ නාවනවා. මගේ සටන් විරාමයක් නැහැ. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා ප්‍රශ්නය දිගටම ගෙනියන්න එපා කියලා කවුරුහරි මට අවවාද කරලා ඇති කියලා. මම නම් ලොකු තැන්වලට ගිහින් අනේ මට මඩ ගහනවා කියලා පැමිණිලි කරන්න යන්නේ නැහැ." යනුවෙන්ද ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top