Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 08
1,475
Views
ඉතිහාසයේ පුරාවටම රජමලිගාවන් වල වගේම සමාජයේ විවිධ තල වල විවිධ ලිංගික ආශාවන් සහිත පුද්ගලයින් ජීවත්වී තිබීම අරුමයක් නොවේ.19 වන සියවසේ අග භාගයේ පටන් නුතන සමාජය දක්වා කාලය තුල ඔවුන්ගේ ආශාවන් සම ලිංගික ද්වි ලිංගික සහ විෂම ලිංගික යනාදී වශයෙන් හැදින්වෙනවා. අතීතය තුලදී තමන්ගේ ලිංගික ආශාවන් නිසාවෙන්ම සමාජය සමග ගැටෙන්නට සිදුවූ චරිත අතර සිටි රාජකීය සමාජිකයින් පිළිබදව තනි දැන් කියන්න යන්නේ .

දෙවෙනි එඩ්වර්ඩ් රජු




ලන්ඩන් බලකොටුවේ සහ එයින් පිටත වූ මති මතාන්තර වලට අනුව දෙවෙනි එඩ්වර්ඩ් රජු සහ ඔහු ගේ ප්‍රියතම දේශපාලන මිත්‍රයකු වන පියස් ගැවෙස්ටන් අතර ආදර සම්බන්දතාවයක් පැවත්වුනා කියල විශ්වාශයක් පැතිරී තිබුනා . නමුත් මධ්‍යදන යුගයේ ඉතිහාසඥයින් ඒ පිළිබදව වූ සත්‍ය කතාව නිරතුරුවම දොරට පසුපස තබා අගුල්ලන්නට කටයුතු කලා .

ඉතිහාසඥයින් විසින් ඔවුන් අතර පැවුතුනු මෙම සම්භන්ධතාව විශේෂිත මිත්‍ර සම්බන්දතාවයක් බවට පමණක් බව පවසනවා .සරණපාවා ගත් සහෝදරයින් ලෙස හැදින්වුණු පියස් සහ එඩ්වර්ඩ් පළමුවෙන්ම හමුවන්නේ 1297 වර්ෂයේදීය. එදා පටන් ඔවුන් අතර ආදර සම්බන්දතාවයක් පවතින බවට පැවසෙනවා . කෙසේනමුත් දෙවෙනි එඩ්වර්ඩ් හැදින්වෙන්නේ එංගලන්තයේ සිටි වඩාත් අසාර්ථකම රජෙක් හැටියටයි .ඔහුගේ රාජ්‍ය කාලය ප්‍රශ්න වලින් පිරි ගිය යුගයක් ලෙස හැදින්වෙනවා . ඒවගේම එඩ්වර්ඩ් ට කිසිම දවසක අනියම් භාර්යාවන් නොසිටි රජෙක් ලෙසට ප්‍රකටයි . එඩ්වර්ඩ් රජු 1308දී විවාහ කරගත් බිරිද වුනු ප්‍රංශයේ ඉසබෙලා රැජිණටත් වඩා තමන්ගේ සමලිංගික සහකරුවා සහ පෙම්වතා වුනු ගවස්ටන් පිළිබදව අවධානය යොමුකළ බවට රජමාලිගය තුල ප්‍රකට කරුණක් වුනා .එඩ්වර්ඩ් රජු පියස් ට ලබා දුන් ගරු නම්බුනාම සහ සැලකිලි පිළිබදව රජ පවුලේ සහ මහජනයා තුල පැවතුනේ ඉතාමත් පිළිකුලක් .එඩ්වර්ඩ් ගේ මේ සමලිංගික ඇසුර පිළිබදව නොඉවසු ඉසබෙලා රැජිණ සිය සැමියාගේ රාජධානිය පැහැරගැනීමට කටයුතු කරන්නෙත් ඇයගේ ප්‍රියතමයකු වූ වංශාධිපති රොජර් මොටිමර් සමග එක්වීමෙනි. 1327 දී සිය 14 හැවිරිදි පුත්‍රයා වුනු තුන වන එඩ්වර්ඩ්ට රජකම බාර දී කිරුළ අත්හරින ලෙස එඩ්වර්ඩ් ට බලකෙරෙනවා .එවැන්නක් එංගලන්ත රාජකීය ඉතිහාසය තුල ඇතිවුයේ ප්‍රථම වතාවටයි .කෙසේනමුත් 1327 සැප්තැම්බර් 21 වැනිදා ගුධ මාර්ගයට රත් වූ යකඩ කූරකින් ඇන එඩ්වර්ඩ් රජු සහාසික ලෙස ඝාතනය කර තිබුනා .

පළමුවැනි සහ හයවන ජේමිස් රජු



හය වන ජේමිස් ලෙස ස්කොට්ලන්තයටත් පළමුවන ජේමිස් ලෙස එංගලන්තයට සහ අයර්ලන්තයට රජු වූ ජේමිස් රජු 1625 ඔහු මියයන තුරුම මෙම රාජධානියෙහි රජකම් කරනවා. සිය ජිවිත කාලය පුරාම පිරිමි පාර්ශවයට පමනක් පෙම් කල ජේමිස් රජු සිය පෙම්වතුන්ට නිරතුරුවම වංශවත් නම්බුනාම සහ බලතල ප්‍රධානය කල රජෙක් ලෙසට ප්‍රකටයි .එකල විසු බලවත් පවුල් සිය පුත්‍රයින් රජුගේ ආදරය දිනා ගැනීමට රාජසභාවට එවීමට කටයුතු කර තිබුනේ බල ලෝබය නිසාවෙන්මයි. ජේමිස් ගේ පළමු පෙම්වතා වුනු එස්මේ ස්ටුවර්ට් හමුවන විට ජේමිස් 13 වියෙහි පසුවුනා . එවකට 37 වියෙහි පසුවුණු එස්මේ තරුණ වියේදීම රජුවුන ජේමිස්ට උපදේශකවරයෙක් වූ බවට පැවසෙනවා .කෙමෙන් මහලු වියට පත් වන විට ජේමිස් රජු තමන්ට උපදේශක තනතුරට තබාගත හැකි තරුණ කඩවසම් ශක්තිමත් පිරිමින් කෙරෙහි ආකර්ෂණය වෙනවා. ජේමිස් විවාහ වෙන්නේ ඩෙන්මාර්ක් හි ඈන් කුමරිය සමගින්. රජුගේ මෙම විවාහය අසාර්ථක විවාහයක් ලෙස හැටියටයි සැලකෙන්නේ .ජේමිස්ට 1614දී ජෝර්ජ් විලර්ස් හමුවෙනවා .බිෂොප්වරයකු වූ ගොඩ්රිෆි ගුඩ්මන් පවසන පරිදි ජෝර්ජ් විලර්ස් එංගලන්ත සිටි කඩවසම් සිරුරක් සහ මනහර චරිත ස්වභාවයක් සහිත පුද්ගලයෙක් .රජුගේ අනුග්‍රහයට පාත්‍ර වුනු විලර්ස් ට බකින්හම්හි ආධිපාදවරයකු ලෙස බලවත් මිනිසෙක් බවට පත්වෙන්නට හැකියාව ලැබුන .කෙසේනමුත් 1625 දී ජේමිස් රජු පාචනය රෝගය වැලදී මියයනවා. එවනතුරුම ඔහු පිරිමින් සමග විවිධ සම්බන්දකම් පැවැත්වූ බවට සදහන් වෙනවා.

පළමුවන චාල්ස් රජු



ජේම්ස් රජුගේ පුතනුවන් වුනු පළමුවන චාල්ස් රජු කෙරෙහි තමාගේ බලය යොදවන්නට ජෝන් විලර්ස් සමත් වෙනවා. හම්ප්ටෝන් රජ මැදුරේ තිබෙන ඇපලෝ සහ ඩයනා නම් වූ සිතුවෙමෙහි පළමුවන චාර්ල්ස් රජු සහ ජෝර්ජ් විලස් ද දැක්වෙනවා. එම සිතුවමට අනුව පළමුවන චාර්ල්ස් සහ ඔහුගේ බිරිද වූ හෙන්රිටා මාරියා රැජින අසුන්ගෙන සිටිනවා .අනික් පසින් බකින්හම් හි ආධිපාදවරයකු වුනු විලර් ස සහ ඔහුගේ බිරිද හිදගෙන තිබෙනවා .සිතුවමට අනුව තමන්ගේ බිරින්දෑ වරුන්ට දක්වනවාට වඩා සෙනෙහසකින් ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස බල සිටිනවා .මෙය ඔවුන්ගේ බැදීම් පිලිබදව කදිම සාක්ෂියක් ලෙස සැලකෙනවා .

ඈන් රැජින



ඈන් රැජිනට ඇයගේ සමීපතම සහ විශ්වෂවන්තම මිතුරිය වුනු සාරා චර්චිල් හමුවෙන්නේ කුඩා අවදියේමයි. එකිනෙක තුල ලියන ලද ලිපි තුලදී මිසිස් ෆිමන් සහ මිසිස් මොලී ලෙස තම තමන් ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඈන්ගේ අදහසක් අනුව බව පැවසෙනවා .දිගු කෙස් සහ නිල් ඇස් සහිත සාරා නිරතුරුවම ආත්ම අභිමානයෙන් යුතු මදක් කෝප ගන්න චරිතයක් ලෙස හැදින්වෙනවා .1702 දී රැජිණිය බවට පතු වූ ඈන් සාරාට දැඩිව ආදරය කල නිසාවෙන්ම මාලිගාව තුල බලතල සහ තනතුරු රැසක් යට ප්‍රධානය කල බවට සැලකෙනවා .කෙසේනමුත් සාරාගේ ඉහවාහ ගිය ආත්ම අභිමානයෙන්ම ඇයගේ විනාශයට හේතුවන බවත් සදහන් .සාරාගේ නෑ සහෝදරයකු වූ අභිගෙල් මාෂම් වෙත ආකර්ෂණය වන්නට වූ ඇන් රැජින කෙමෙන් සාරාව නොසලකා හරිනවා .අභිගෙල් ඉතාම මුදු භාවාත්මක චරිතයක් . ඈන් රැජිනට අවශ්‍ය වන්නේ එවන් බැදීමක් එනිසාවෙන් ඔවුන් එකිනෙකාට දැඩිව ආලය කරන්නට දැඩිව පෙළඹෙනවා. නමුත් මෙම සම්බන්දතාවය නිසාවෙන්ම ඉතාමත්ම කෝපයට පත්වූ සාරා ඈන්ගේ විශ්වාසය බිදදමමින් ඇය පිලිබදව හෙළිදරවු කරන්නට කටයුතු කරනවා සාරාගේ ලේකම්වරයා වූ ආතර් රැජිනට එරහිව දේශපාලන පත්‍රිකාවක් බෙදාහැරින්න්නට ඈ කටයුතු කලා . රැජිනගේ ප්‍රේම සම්බන්දතාවයන් බලතල ප්‍රධානයන් පිළිබදව රාත්‍රී කාලයේදී ඇගේ ජීවිතය පිළිබදවත් එහි සදහන් වුනා . එවකට බිරිදක් සහ මවක් වූ ඈන් රැජිණ දුර්වල සෞඛ්‍ය තත්වය හේතුව නිසාවෙන් පිඩා විදිමින් සිටි කාලයක්. බොහෝ වාරයක් ගැබ් ගත්තත් ඒ ගැබ් ගැනීම් ගබ්සා වීම් සහ මළදරු උපත් ලෙසට අවසන් වී තිබුනා . කෙසේනමුත් සාරාගේ හෙළිදරුවුව නිසාම එන්සින්ටන් මාලිගාවේ රැජිනගේ පෞද්ගලික කාමරය තුල රැජින සහ සාරා අතර දරුණු වාදයන් පැනනැගී තිබුණු අතර ඉන් අනතුරුව කිසිම දිනක රැජින සහ සාරා එකිනෙකට කතා නොකළ බවත් සදහන් වෙනවා .

ඇරබෙලා හන්ට්



දෙවන මේරි රජිනයට සහ ඈන් රැජිනියට සංගීතය ඉගැන්වූ දක්ෂ සංගීතඥයකු වූ ඇරබෙලාගේ හඩ ගී ගායනය කුරුල්ලෙක් තරම්ම මනහර වූ බව ඉතිහසඥයින් පවසනවා. සුන්දරව විනා වයන්නියක ලෙස සාමාන්‍ය ජනයා අතර වඩාත්ම ප්‍රසිද්ධ වූ ඇය 1680 දී ජේමිස් හ්වාර්ඩ් නම් පුද්ගලයකු සමග විවාහ වෙනවා ඔවුන් විවාහ වී මස 6ක් පමණ ගත වන තුරු ඇරබෙලගේ මවගේ නිවසේ එකට ජිවත් වෙනවා. කෙසේනමුත් ජේමිස් යනු පිරිමි ඇදුමින් සැරසී සිටි ඇම්පොල්ටර් නම් වූ කාන්තාවක් බවත් ඒ වනවිටත් මෙම කාන්තාව ආතර් පොල්ටන් නම් වූ මිනිසකු සමගින් විවාහ වී සිටිබවටත් පැවසෙනවා .කෙසේනමුත් පසුව ඇරබෙලා සහ ද්වි ලිංගික කාන්තාවක් වූ ඇමි අතර සිදුවූ විවාහය අවලංගු කරන්නට කටයුතු කර තිබුනා . ඇරබෙලා වගේම රජමැදුරේ සිටි තවත් සේවකයින් අතරත් සාමාන්‍ය ජනයා අතරත් ඈත අතීතයේ පටන් සම ලිංගික ද්වි ලිංගික සහ විෂම ලිංගික බැදීම් තිබී ඇති බවට ඉතිහාසය තුලින් කියවෙනවා එකල එවැනි බැදීම් නිත්‍යනුකුළ නොවුණු නිසාම ඒවා දොරටු පිටුපසින් සගවා තබන්නටත් ඉතිහාසඥයින් උනන්දු වූ බවට පැවසෙනවා
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top