Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 08
502
Views


අද වනවිට Facebook කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. විශේෂයෙන්ම කලාකරුවන්ට තමන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා Facebook අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. Facebook හින්දා මටත් නරක දේවල් වගේම හොඳ දේවලුත් සිදුවෙලා තියෙනවා. මාව Music Music Video වලට එහෙම නැත්නම් නිර්මාණවලට අවශ්‍ය වූ අවස්ථාවල සමහර අධ්‍යක්ෂවරු Facebook හරහා තමයි මුල් කා‍ලේ මාව හොයාගත්තේ. ඒ වගේම දෙස් විදෙස් රසික පිරිසක් වගේම විශාල හිතවතුන් පිරිසකුත් Facebook හරහා හඳුනා ගන්න මට පුළුවන්කම ලැබුණා.

හැබැයි ඉතින් Facebook හින්දා නරක අත්දැකීම් වලට මුහුණ දෙන්නත් මට සිදුවෙලා තියෙනවා. Facebook සැරිසරන විකෘති මානසික මට්ටම්වල අයගේ නොයෙක් විදියේ අමුතු යෝජනා Facebook හරහා එන එක තමයි මම මුහුණ දෙන ලොකුම හිසරදය. ඒ වගේ අවස්ථාවල මම කරන්නේ ඒ අයව Block කරන එකයි. ඒත් ඉතින් අනවශ්‍ය යෝජනා, අනවශ්‍ය ඡායාරූප විවිධ ලින්ක් හරහා එවන ගොඩක් අය ඒ දේවල් කරන්නේ තමන්ගේ Facebook ගිණුමෙන්ද කියලා නම් කියන්න මම දන්නේ නැහැ. මේ වගේ අසහනයෙන් පෙළෙන පුද්ගලයන්ට Facebook ගිණුම් කීපයක්ම තියෙනවා.

අපි අත්‍යවශ්‍ය දේ සඳහා Facebook භාවිතා කළාට මේ වගේ අයගේ ප්‍රධාන රාජකාරිය දවස පුරාම Facebook සැරිසරමින් තමන්ගේ මානසික අසහනයට පිළියම් හොයන එකයි. ඒ හින්දා ඒ වගේ කරදරකාරියන්ව ගණන් ගන්නේ නැතිව නිකම්ම ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ.
මට තියෙන්නේ එක Facebook ගිණුමක් විතරයි. ඒ වගේම එකම එක Fan Page එකයි.  ඒත් මුහුණු ‍පොතට ගියාම ගණන් කරන්න බැරි තරම් ටීනා ෂනෙල්ලා  ඉන්නවා. Fan Page මහ ගොඩක් තියෙනවා. හැබැයි ඒ විදියේ ව්‍යාජ Facebook ගිණුම්  පවත්වාගෙන යන අය කරන දේවල් බැර වෙන්නේ මගේ ගිණුමටයි. මුලදී මම මේ වගේ දේවල් ගැන පැමිණිලි කරලා ඒ වගේ ව්‍යාජ ගිණුම් කීපයක්ම Block කළා. ඒත් එකක් Block කරද්දී තව දහයක් හැදිලා. මේ වගේ හොරු පසුපස පන්නන්න ගත්තොත් අපිට වෙන කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් ඔය වගේ දේවල් ඒ තරම් ගණන් ගන්නේ නැහැ.

මේ වගේ ව්‍යාජ ගිණුම් වලට රැවටෙන රසිකයන්ට කියන්න තියෙන්නේ තමන් යම් නළුවෙකුට හෝ නිළියකට chat කරනවා නම් ඒ අය කියන දේ තුළින් මේ සැබෑම නළුවද නිළියද කියලා තේරුම් ගැනීම ඉතා වැදගත් බවයි. ඒ වගේ පුංචි දෙයක්වත් තේරුම් ගන්න බැරිනම් තමයි අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්නේ. මොකද මේ විදියට ව්‍යාජ ගිණුම් තුළින් පිරිමි ළමුන්ට chat කරපු බොරු ටීනා ෂනෙල්ලා ඒ අයගෙන් විවිධ දේවල් ඉල්ලලා තියෙනවා. සමහරු ඒ ඉල්ලපු දේවල් දීලත් තියෙනවා. මේ කියන දේවල් අතර රුපියල් ශත විතරක් නමෛයි ෆෝන් එකට දාපු රී ලෝඩුත් තියෙනවා.

හැබැයි ජනප්‍රිය කෙනෙක් ඔය විදියට නාඳුනන අයට chat  කරලා රී ලෝඩ් දාන්න කියන්නෙවත්  සල්ලි ඉල්ලන්නෙවත් නැති බව මේ රටේ ජනතාවත් තේරුම් ගන්න ඕනේ.
මුහුණ ‍පොත හින්දා මම අත් විඳපු තවත් අත්දැකීමක් තියෙනවා. එක දවසක් මගේ මිතුරියක් උදේ පාන්දර මට call කරලා ඇහුවා. “අද Photo Shoot එකකට කොළඹින් ඈත යනවද” කියලා. එයා කිව්වේ කොළඹින් බොහොම දුර තැනක්. මම Photo shoot වලට වැඩි දුර යන්නේ නැහැ. අනික ඒ කියන දවසේ මම Photo shoot එකක් දාගෙන හිටියෙත් නැහැ.

“අලුතින් මොඩ්ලිං කරන්න ආපු මම අඳුනන නංගී කෙනෙකුට Facebook හරහා එන Photographer කෙනෙක් කතා කරලා. එයා අද ඒ ළමයට ඔය කියන තැනට එන්න කිව්වලු Photo shoot එකකට. ඒ කියන විදියේ Photographer කෙනෙක් ගැන අපි අහලා නැහැ. ඒ ළමයා මුලදී “බැහැ” කියලා. ඒ වෙලාවේ අර මනුස්සය කියලා තියෙනවා මේ Shoot එකේ ටීනා ෂනෙලුත් ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ ළමයා කැමති වෙලා. දැන් එයා එතැනට යන්න ලෑස්ති වෙන බව මට කිව්වා. කෝකටත් හරියටම දැන ගන්නයි මම ඔයාට කතා කළේ ....”

මගේ යෙහෙළිය එහෙම කිව්වම මට අර කියන අලුතින් ක්ෂේත්‍රයට ආපු නිරූපණ  ශිල්පිනියට ඒ වෙලාවේම කතා කළා.

“නංගී ඕක බොරුවක් .... ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ .... ඔය ගමන යන්න එපා ....”

මම ඒ ළමයට එහෙම කිව්වට පස්සේ ඒ ළමයා ඒ ගමන නැවැත්තුවා. එහෙම නොවුණා නම් සමහර විට ඒ ළමයා මොන වගේ අත්දැකීමකට මුහුණ දෙයිද කියලා කියන්න මමවත් දන්නේ නැහැ.

ආරියවංශ කුලතිලක



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top