Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 08
390
Views
"එයාට බඩගිණි එන්නේ නැහැ, නින්ද අවශ්‍ය නැහැ.."

"කිසිම අනතුරකින් එයාට වේදනාව දැනෙන්නේ නැහැ.."

olivia farnsworth කියන්නේ තවමත් නමවැනි වියෙහි පසුවන හුරුබුහුටි දැරියක්. බ්‍රිතාන්‍යයේ ජිවත් වෙන ඔලිවියා මේ ලෝකේ ඉන්න හැම දරුවෙකුටම වඩා වෙනස්. ඒ වෙනස්වීම වෙන්නේ උපතින්ම ජානමය රෝගයක් තියෙන නිසයි.ඒ ඔලිවියා Chromosome රෝගයෙන් පෙලෙන නිසයි. යාන්ත්‍රික ශරීරයක් තිබෙන ඔලිවියාට දින ගණනක් වුනත් කෑම නොගෙන නින්දක් නැතිව ඉන්න පුළුවන්.

කුසගින්න කියන දේ ඇයට ඇති නොවන තරම්. සාමාන්‍ය කෙනෙකුට නම් එක වේලක් නොකා හිටියොත් කුසගිනි ඇති වෙනවා.

නොනිදා පහන් කළ හැක්කේ උපරිමයෙන් පැය 24ක්. නමුත් පුංචි සිරිමකදී වුවත් අපට නම් එන්නේ වේදනාවක්. නමුත් ඔලිවියාට මොනම හෝ අනතුරකදී කිසිම වේදනාවක් එන්නේ නැහැ. කොපමණ වැඩක් කළත් දුරකට ඇවිද්දත්, දිව්වත් මේ යකඩ කෙල්ලට නම් මහන්සියක් දැනෙන්නෙම නැති තරම්. ඒ අසාමාන්‍ය ශරීරය නිසාම ඇය ලෝකයෙන්ම වෙනස් කෙනෙක් වෙනවා. මේ පුංච් යකඩ කෙල්ල ගැන මුළු ලෝකයම මවිතයෙන් කතා කරන්න පටන් ගන්නේ ඒ නිසයි. ඇයගේ මව නිකි කියන්නේ මෙහෙම කතාවක්,

" මගේ වයස අවුරුදු 34යි. මගේ පුංචි කෙල්ල යකඩ කෙල්ලෙක් කියලයි මුළු ලෝකයම හදුන්වන්නේ. ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉදලා මම එයාගෙන් වෙනසක් දැක්කා. අවුරුදු හතරක් යනකල් එයාගේ කෙස් පවා වැදුනේ හරිම හිමින්. නමුත් ක්‍රියාශීලියි. අනෙක් දරුවන්ට වඩා වේගය වැඩියි. කන්නේ නැතුව බොන්නේ නැතුව නින්දක් නැතුව ඉන්න පුළුවන් වුනා. දවසක් අහම්බෙන් අපි රිය අනතුරකට මුහුණ දුන්නා. ඒක භයානක සිදුවීමක්. මම හොදටම භය වුනා දුවට කරදරයක් කියලා. නමුත් දුවට සීරීමක් වෙලාවත් තිබ්බේ නැහැ. කිසිම බයක් එයාගේ මුහුණේ තිබ්බේ නැහැ. එයාට අභ්‍යන්තරයෙන් හෝ තුවාලයක් වෙලා ඇති කියලයි මම රෝහලට රැගෙන ගියේ. එතැනදී තමයි දැනගත්තේ දුවට ජානමය රෝගයක් තියෙනවා. වෛද්‍ය සොයා ගැනීම් වලට අනුව මෙම ජානමය රෝගය තියෙන්නේ දුවට විතරයි කියලා. ඒ සිදුවීමත් එක්ක තමයි දුව ගැන ලෝකයම දැනගත්තේ. කොහොම වුනත් මගේ දුව ගැන මට දැන් තියෙන්නේ ලොකු ආඩම්බරයක්.."



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top