Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 08
503
Views

අපේ රටේ ඉන්න ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙක් මේ මසදී විවාහ වන බවට පසුගියදා මුළු රටේම කතාබහට ලක්වුණා.ඒ වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහෙමත් නැත්නම් “චිචී” ගේ විවාහයයි.

මේ වන විට ගායකයෙක් ලෙසින්ද කාගෙත් හිත් දිනාගෙන සිටින රෝහිත රාජපක්ෂගේ ආදරණීය පෙම්වතිය තමයි ටට්යානා කියන්නේ.

ඉතින් මේ දෙන්නා මේ මස 24 වන දින තංගල්ලේදී විවාහ වන බවට දැක්වෙන විවාහ ඇරයුම්පතක්ද සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙන්න පටන් ගත්තා.

කොහොමවුණත් මෙහෙම පැතිරෙන ආරංචිය බොරුවක් කියලා රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් පවසා තිබුණා.

තමන් ජනවාරි 24 වැනිදා යුගදිවියට ඇතුළත් වන බවට පැතිරයන පුවත සමග ප්‍රසිද්ධියට පත්කර තිබෙන ආරාධනා පත්‍රයද ව්‍යාජ එකක් කියලායි ඔහු කියලා තිබුණේ.

කොහොමවුණත් මේ ගැන ඇත්ත මොකද්ද කියලා ඔහු විසින් පවසන ලද්දේ “මේ ආරාධනා පත්‍රය බොරුවක්. දැන් ලංකාවට මගේ වෙඩින් එකට එන්න බලන් ඉන්නවා කියලායි “.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top