Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 08
483
Views

 2015 සහ 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට හෙළිදරව් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් ජනාධිපති කාර්යාලයට කරන ලද නියෝගය  ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

2017 වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළද අවස්ථා දෙකකදී ජනාධිපති කාර්යාලය එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එම ඉල්ලීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අදාල තීරණය පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන කර ඇති බවයි සඳහන් වන්නේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top