Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
253
Views
හොර රහසේ ඝාතනය කර හාලිඇළ කන්දේගෙදර “ සාර්නියා වත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට එළවළු කොටුවක වළදමා ඇතැයි කියන 9 හැවිරිදි ගැහැනූ ළමයෙකු මෘත දේහය සොයා හාලිඇළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ .

මේ සම්බන්ධයෙන් සැකපිට  එම දැරියගේ 28 හැවිරිදි මව සහ ඇගේ අනියම් සැමියා බව කියන 31 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ(6)  සවස අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලීසිය පවසයි .

වවුනියාවේ සෙට්ටිකුලම් පදිංචි  සැකකාරිය  සැමියාගෙන් වෙන්වීමෙන් පසු මෙම සැකකරු හා  කන්දෙගෙදර සාර්නියා වත්තට පැමිණ  ජීවත්වී තිබේ .

ඝාතනයට ලක්වු   මහේන්ද්‍රන් ඩිලානි නමැති මෙම  දැරිය  වයස අවුරුදු 4 දී   සැකකාරිය විසින් තමාට  භාරදී  ඇය ගෘහ සේවිකා රැකියාව සඳහා විදේශ ගත වූ බවත්  ,

වසර 5කින් නැවත පැමිණ  තම භාරයේ සිටි දියණිය රැගෙන ගිය බවත් මරණකාරියගේ සහෝදරියක් විසින්  පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ .

දින 3 කට  තමා  මෙම නිවසට පැමිණි අවස්ථාවේ දියණිය නුදුටු නිසා විමසූ විට  ඇය  නුවරඑලියේ කොන්වන්ට් එකකට ඇතුලත් කරඇති බ ව පැවසූ නමුත්  විපරම් කිරිමේදි ඥතියෙක් විසින් තමාට  මේ අපරාධය පිළිබදව  අනාවරණය කිරිමෙන් පසු පොලිසියට පැමිණිලි කළ බවද ඇය සදහන් කර තිබේ .

මීට වසරකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වු බවද පොලීසිය සඳහන් ක රයි.

විමර්ශන සිදුකරන  හාලිඇළ පොලිසිය  දැරියගේ මිණිය වලදමා ඇතැයි සැක කරන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු වාර්තා කර තිබේ .

ලබන බදාදා  බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදරියේ මිණිය ගොඩගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළේය .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top