Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
637
Views
"බොහෝ දෙනෙක් කාලෙකින් නිරෝෂ්ව දැකල තිබුණේ නැහැ..."

"දෙන්නෙක් විවාහ වෙලා කාලයක් ගත වුණාට පස්සේ මෙහෙම දේවල් වෙද්දී සතුටුයි.."

මහාචාර්ය සනත් නන්දසිරි හා මල්කාන්ති නන්දසිරි යුවළගේ එකම ආදරණීය දියණිය අනුරාධා ගැන අලුත් ආරංචියක් අපට ලැබුණා. ඒ අනුරාධා ආපසු සැරයක් විවාහ වුණා කියලා. මේ ආරංචියත් එක්කම අපි අනුරාධාට කතා කළා. මේ අනුරාධා ඒ ගැන කියන කතාව ගැනයි.

ඇත්තද මේ ආපසු විවාහ වුණා, ඒ වගේම හොඳ පින්තූර ටිකක් එහෙමත් ගත්තා කියන කතාව?
'ඇත්තටම මේක මඟේ හොඳම මිතුරිය ගයනා අපි දෙන්නට ලබා දීපු ලොකුම තෑග්ගක්. එහෙමත් නැත්නම් පුදුමයට පත් කරන තෑග්ගක් හැටියට තමයි මම සලකන්නේ.'
'ඇය 'මීසුකී' නමින් සැලොන් එකක් පවත්වාගෙන යනවා. ඉතිං දවසක් ඇය මට කිව්වා නිරෝෂ් එක්ක එන්න මට ආසයි ඔය දෙන්නව ලස්සනට අන්දලා පින්තූර ටිකක් ගන්න කියලා.

නිරෝෂ් මෙහෙම මංගල පින්තූර ගන්න බවක් දැන ගෙන හිටියෙත් නැද්ද?
නැහැ. එයා මුලදී එන්නත් බැහැ කිව්වා. ඒත් ගයනා හින්දා එන්නම් කියලා පස්සේ ආවා. මොකද අපි දෙන්නා මීට අවුරුදු 17කට කලින් විවාහ වෙද්දී ගයනා වගේම මගේ බාප්පගේ දියණිය තමයි හොඳම යෙහෙළියන් හැටියට හිටියේ.

කොහොමහරි ඉතිං අපි ඇගේ සැලෝන් එකට යද්දී ශාන්ත මාබටුවන කියන ඡායාරූප ශිල්පියත් හිටියා. අපි ඉතිං ඇයට වුවමනා විදියට මංගල ඇඳුම්වලින් සැරසුණා. මෙන්න ඊළඟට මම දැක්කා මගේ ගෝල බාලයෙක් වන අංජුලා වගේම මිතුරියක් වන නදීශාත් දෙවැනි මනාලියන් ලෙස හැඩ ගැන්වී සිටිනවා.

පින්තූර ටික දැක්කම මොකද හිතුණේ?
නිරෝෂ් නම් කිව්වා මංගල පින්තූරවල ඉන්නවට වඩා එයා මේ පින්තූරවල ලස්සනට ඉන්නවානේ කියලා. හැබැයි ඒ කිව්වේ ඇත්ත කියලා මටත් හිතුණා.

ඇත්තටම අවුරුදු 17කට කලින් අපි විවාහ වෙද්දී අපිට අන්දවපු ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි හැරිස් විජේසිංහ මාමා අපිව එදා ලස්සනට හැඩ ගැන්වූවා. ඒකත් මේ වෙලාවේ අපි මතක් කළ යුතුයි.

ඇයි ඔබේ අතිජාත මිතුරිය ගයනාට මෙහෙම තෑග්ගක් ඔබට දෙන්න හිතුණේ?
අපේ 17 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් තමයි ඇය මේ දේවල් සේරම අපිටත් නොකියා සංවිධානය කර තිබෙන්නේ. මගේ පුංචිත් (නිරංජලා සරෝජනී) මේ දේවල් දැනගෙන ඉඳලා තිබෙනවා. ඇත්තටම මේ පින්තූර මුහුණු පොතේ මුලින්ම දකින්නට ලැබෙද්දී හැමෝම ඒ ගැන අවධානය යොමු කර තිබෙන බවක් මට දැනුණා.

සමහර අය හිතුවා මම ආපසු වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා කියලා. මොකද බොහෝ දෙනෙක් කාලෙකින් නිරෝෂ්ව දැකල තිබුණේ නැහැ. එයාගේ වෙනස් පෙනුම නිසා අපේ ගොඩක් අය ඒ ඉන්නේ නිරෝෂ් කියලා හඳුනගෙන නැහැ.

ඒ නිසාම ඉතිං ප්‍රශ්න ගොඩයි. හැබැයි මට හිතෙන්නේ ඉතිං ඒකත් හොඳයි කියලා. මොකද ආපසු ගොඩක් දෙනා අපට කතා කළානේ.

අනෙක මට හිතුණා අපේ පෙනුම වුණත් වරදක් නැහැ. විවාහයට අවුරුදු 17ක් ගත වී තිබුණත් වයසට ගිහින් නැහැනේ කියලා.

මංගල ඇඳුම් පිටින් ගෙදර ආපු වෙලාවේ සිද්ධ වෙච්චදේත් කියන්න කෝ?
අම්මෝ... ඒක නම් කියන්න ඕන.

මේ විදියට අන්දලා පින්තූර ගන්න එක ගැන ලොකු විස්තරයක් අපේ අම්මා තාත්තා දෙන්න දැනගෙන හිටියේ නැහැ. මම වැඩිපුර කිව්වෙත් නැහැ.

කොහොම හරි ගයනා අපි දෙන්නව හැඩ කළාට පස්සේ අපිට හිතුණා අර යෙහෙළියො හැටියට සිටින දෙන්නා එක්කම අපේ ගෙදරට එන්න. ඉතිං ආවා.

එහෙම ඇවිත් කාර් එකෙන් බහිනකොටම මගේ අම්මා කෑගහන්න පටන් ගත්තා. ඇයට ඇත්තටම හිතා ගන්න බැරි වුණා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා.

අම්මා කෑ ගහගෙන අපි ළඟට දුවගෙන ඇවිත් පුදුමයෙන් වගේ බලා හිටියා. මම දැක්කා ඇගේ මුහුණේ තිබුණු සතුටු කඳුළු.

ඊළඟට තාත්තා ආවා. තාත්තාගේ මුහුණේ විශ්මය වගේම සතුට පිරිලා තිබුණා. ඒ දෙන්නම ඉතිං අපි දිහා බලලා සතුට ප්‍රකාශ කළේ දැඩි උද්දාමයෙන් බව අපට දැනුණා.

ගයනා අපි දෙන්නව පුදුම කළා. අපි අම්මවයි තාත්තවයි පුදුම කළා.

ඇත්තටම මම හිතනවා මේ වගේ දේවල්වලින් හැමෝගෙම හිත්වලට එන සතුට කොයි තරම් විශාලද කියලා. දෙන්නෙක් විවාහ වෙලා කාලයක් ගත වුණාට පස්සේ මෙහෙම දේවල් ඉදිරියේ ලොකු සතුටක් ලබන බව නම් ඇත්තක්. ඒ සතුට අපට ලබා දුන්නේ මගේ අතිජාත මිතුරිය ගයනායි. ඇයට ඊට හුඟාක් දෙනෙක් උදවු කර තිබෙනවා. ඉතිං ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top