Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
261
Views
කිලෝ 50ක් පමණ බරැති දැවැන්ත පිඹුරන් දෙදෙනෙක් යොදාගෙන සත්ව උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරයකයන්ට සම්භාහනය ලබාදෙන ස්ථානයක් පිළිබඳව පිලිපීනයෙන් වාර්තා වනවා.

පිලිපීනයේ දාවෝ නගරයේ ඇති මෙම සත්ව උද්‍යානයේ මෙම දැවැන්ත පිඹුරන්ගෙන් සම්බාහනය ලබාගැනීමට තරුණියන්ද උනන්දුවෙන් ඉදිරිපත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇඟ පුරා පිඹුරා ගමන් කිරීම නිසා ලැබෙන සම්භාහනය නිසා සිරුරට නව ජීවයක් ලැබෙන බවයි මේ අත්දැකීම ලබාගත් අය පවසන්නේ. මේ සදහා යොදාගන්නා එක් පිඹුරෙක් ඇලි නොහොත් දුලබ ගනයේ සතෙකු වීමද විශේෂත්වයක්.

මෙම සත්ව උද්‍යානයේ පිඹුරෙක්ගෙන් සම්බාහනය ලබාගැනීම සදහා ඇමරිකානු ඩොලර් 1.4ක මුදලක් අය කරනවා. මේ අත්දැකීම ඇතැම් අයට නැවුම් අත්දැකීමක් වන අතර ඇතැම් අයට මෙය දැකීමත් අප්‍රසන්න අත්දැකීමක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top