Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 05
1,202
Views
"නිරුවත් දර්ශන සහිත නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.."

"හිත රිදුණු වාර අනන්තයි.."

චමත්කා ලක්මිණි කියන්නේ නිරූපනයේදී අඩනිරුවත් වෙන්න දෙපාරක් නොහිතන ශිල්පිනියක් කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ නිසාම ඇය විටින් විට කතාබහට ලක් වුණා. දැන් ඇය සිනමා රංගනයටත් අවතීර්ණ වෙලා ඉන්නවා. ඒ ගැන වගේම ඇය ගැන කියන්නේ මෙහෙමයි.

චමත්කා කොහොමද මේ දිනවල ඔබේ කලාකටයුතු සිද්ධවෙන්නෙ?
මියුසික් වීඩියෝ කිහිපයක රංගනයේ යෙදුණා. ඒවත් එක්ක ටිකක් බිසී වුණා. ඒ අතරේ සරුංගල් චිත්‍රපටයෙන් ප්‍රමෝෂන්වලට සහභාගි වෙනවා.

සරුංගල් චිත්‍රපටයේ අසංකි වූ අන්දම සඳහන් කළොත්?
අධ්‍යක්ෂ නාලක විතානගේ අයියාමයි මට කතා කළේ. ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලායි මාව ඔහු චරිතයට තෝරා ගත්තේ.

සිනමාව, ටෙලිනාට්‍ය සහ රූප රචනා යන මාධ්‍යන් අතරින් ඔබව වඩාත් ගැළපෙන්නෙ?
පළමුව සිනමාවට. ඊට පස්සෙ මියුසික් වීඩියෝවලට එහෙමයි මං හිතන්නෙ.

ටෙලිනාට්‍ය ඔබ ප්‍රතික්ෂේප කරනවා වගෙයි?
ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි මට බැහැ ටෙලිනාට්‍යවලට ගිහින් හිරවෙන්න. ඊට වඩා නිදහසේ රංගන කාර්යයේ යෙදෙන්න පුළුවන් සිනමාවේ. මියුසික් වීඩියෝවලදිත් එහෙම පුළුවන්. මං ඒකයි කිව්වේ ඒ වගේ නිර්මාණවලට තමයි මාව වඩාත් ගැළපෙන්නෙ කියලා.

ඔබ මේ වනවිට වෘත්තිය නිළියක්ද?
වෘත්තියත් මේකයි විනෝදාංශයත් මේකම තමයි.

ඔබේ ඉලක්කය වුණේ ඒකද?
මං මේ වනවිට මගෙ ටාර්ගට් සම්පූර්ණ කරගත්තා. සිනමා නිළියක් වෙන්නයි වුවමනාව තිබුණේ. ඒත් මෙච්චර ඉක්මනින් එහෙම වෙන්න පුළුවන් වේවි කියලා හිතුවෙ නැහැ.

ඔබෙ රූපෙට අනුව ඔබ ටිකක් ආඩම්බර පාටයි?
ඒක එහෙම නැහැ. මං පොඩ්ඩක්වත් ආඩම්බර නැහැ.

චමත්කා ලක්මිණි කියන්නෙ මොනවගේ චරිතයක්ද?
අන් අයත් එක්ක බොහොම සුහදශීලිව වැඩකරන කෙනෙක්. ඒ වගේම මං තීරණයක් ගත්තොත් ඒක වෙනස්කරන්නේ නැහැ. කිව්වොත් කිව්වාමයි.

ටිකක් හිතුවක්කාරියක්?
ඔව්.

හිතුවක්කාරකම් කරන්න ගිහින් ජීවිතේ වැරදිලා නැද්ද?
තවම නැහැ. හිතුවක්කාර වුණත් මං ගන්නෙ හරි තීරණ කියලා මං දන්නවා.

නිරුවත් දර්ශන තිබෙන චිත්‍රපටයකට කතා කළොත් මොකද කරන්නෙ?
පිටපත හොඳින් අධ්‍යයනය කරනවා. ඒක ෂූට් කරන්නේ කොහොමද කියලා බලනවා. නිෂ්පාදන කණ්ඩායමේ අවුල් සහගත කෙනෙක් නැතිනම් සහ එම චිත්‍රපටයට දායකවීම තුළින් මගෙ ජීවිතයට හානියක් නොවේනම් මං ඒ චරිතය බාරගන්නවා.

චමත්කා ළඟදි විවාහ වෙනවා කියලා ආරංචියි.
ඔව්. මේ අවුරුද්දෙ මුලදි විවාහ වෙනවා.

ඔහු කලාවට සම්බන්ධයිද?
නැහැ.

චමත්කාගෙ පදිංචිය?
බොරලැස්ගමුව.

ඉගෙනගත් පාසල?
ලින්ඩ්සේ බාලිකාව.

උපන් දිනයත් සඳහන් කළොත්?
පෙබරවාරි විසි එක.

ප්‍රසාද් සමරතුංග



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top