Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 04
2,517
Views

මේ දිනවල අපේ රටේ දක්ෂ ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් ෆේස්බුක් දැමූ සටහනක් ඉතාමත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

ඒ තමයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා.

ඇය පසුගිය දෙසැම්බර් 21 වනදා සිය ෆේස්බුක් ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණේ “ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්” කියලායි.

එමෙන්ම එම සටහන අඩංගු ඡායාරූපයට ඇය “Poor Pandas” යනුවෙනුත් එක්කර තිබුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ තිසර පෙරේරා වීමත් විශේෂත්වයක්.

නමුත් පසුව ටාන්‍යා විසින් අදාළ ඡායාරූපයේ එම පැන්ඩා යන නාමය ඉවත් කර තිබුණා.

තිසර පෙරේරා සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන දෙදෙනාම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයනුයි.





මේ ෆේස්බුක් සටහනට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තිසර පෙරේරාගේ බිරිඳ වන ශෙරමී දිනුෂිකා පෙරේරා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා ඇත්තේ, "නරියෙක් සිංහ හමක් පොරවගත්තට කවදාවත් සිංහයෙක් වෙන්නේ නැහැ, නරියා කට ඇරියාම නරියම තමයි", යනුවෙනුයි.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top