Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 02
2,075
Views
"සමලිංගිකයකු බව මං හංගන්නේ නෑ.."

"මම සමලිංගිකයෙක් වුණේ අවුරුදු 16දී.."

සමලිංගිකත්වය කියන්නේ තවමත් ආසියාතික රටවල පවා එළිපිට කතා කරන්නට පැකිලෙන මාතෘකාවක්‌. දැන් ඉස්‌ලාමික නීති රීතිවලින් පාලනය වෙන අරාබිකරයේ රටවල්වලට "සමලිංගිකත්වය"කියන්නේ තහනම් මාතෘකාවක්‌. ලෝකයේ අරාබි රටවල අතිශය සාම්ප්‍රදායික සමාජයත් එක්‌ක සමලිංගිකයන්ටත්, සංක්‍රාන්තික ලිංගිකයින්ටත් එළිපිට ජීවත්වීම පවා ඒ තරම් පහසු දෙයක්‌ නෙවෙයි. 1951 අවුරුද්දේදී ජෝර්දානයේ සමලිංගිකත්වය අපරාධයක්‌ විදිහට නොසලකන බව ප්‍රකාශ වුණත්, ජෝර්දානයේ සමලිංගිකයින්ට ජීවත් වෙන්න සිද්ධ වුණේ මුළු ගැන්නිලා වගෙයි.

 කටාරය, සුඩානය, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල සමලිංගිකත්වය නීතියෙන්ම තහනම්. සවුදි අරාබියේ සමලිංගිකත්වය කියන්නේ කසපහර හෝ මරණ දඬුවම ලැබිය හැකි වරදක්‌.

අරාබි ලෝකයේ රටවල් අතරින්, සමලිංගිකත්වයට වෙනස්‌ ආකාරයෙන් සලකන රටක්‌ ඇතිනම් ඒ ලෙබනනය විතරයි. ලෙබනනයේත් සමලිංගිකත්වය කියන්නේ නීතියෙන් තහනම් දෙයක්‌. නීතියෙන් වෙනසක්‌ සිදුවෙලා නැතත් සමලිංගික ක්‍රියාකාරිකයන් තමන්ගේ අයිතීන් උදෙසා කරපු වැඩකටයුතු නිසා ලෙබනන සමාජය ක්‍රම ක්‍රමයෙන් සමලිංගිකත්වය පිළිකුල් නොකරන තැනට වෙනස්‌ වෙලා. සමලිංගිකත්වය කියන්නේ ප්‍රතිකාර කළ යුතු මානසික අක්‍රමිකතාවයක්‌ නෙවෙයි කියලාත් මනෝ චිකිත්සකයෝ පවසලා තිබෙනවා.

කොහොම නමුත් මේ ප්‍රගතියේ තවත් පියවරක්‌ ඉදිරියට තියන්නට ලෙබනන සමලිංගිකයන්ට 2017 වසරේ හැකිවුණා. ඒ තමයි "Beirut Pride Week" ඉතිහාසයේ පළවැනි වතාවට මුස්‌ලිම් රටක සමලිංගිකයන් වෙනුවෙන් වෙන්වුණ සතියක්‌. ලෙබනනයේ වීදි දිගේ පෙළපාලි නොගියත් මේ සතිය වෙනුවෙන් බොහෝ වැඩසටහන් යෙදිලා තිබුණා. නිදහස හා සමානාත්මතාවය උදෙසා වූ අරාබි පදනම කියන සංවිධානය පවත්වාගෙන යන ජෝර්ජස්‌ ආසි කියන්නේ නම් මේ වෙනස ඇති කරන්නට හේතු වුණේ සංස්‌කෘතික විවිධත්වයක්‌ ඇති සමාජයත්, නිදහස්‌ ජනමාධ්‍යයත්, සහ රාජ්‍ය නොවන සංවිධානවල පැවැත්මට ඇති නිදහසත් නිසා කියලයි.

සමලිංගිකත්ව සතියක්‌ පවත්වන්නට තරම් නිදහසක්‌ ලෙබනනයේ තිබුණත් ලෙබනන සමාජයේ සමලිංගිකයන් හා සංක්‍රාන්තික ලිංගිකයන්ගෙන් සමහර අය තවමත් ජීවත් වෙන්නේ හැංගිලා වගේ. සමහරු නම් තමන්ගේ සමලිංගිකත්වය ගැන එලිපිට කතා කරන්න තරම් ධෛර්යයක්‌ තියෙන අය. ඒ අය අතරිනුත් තවත් කොටසක්‌ අනිත් අයට හැංගිලා ජීවත් වෙන්න සිද්ධ නොවෙන තැනට සමාජය වෙනස්‌ කරන්න සමලිංගික ක්‍රියාකාරිකයන් විදිහට වැඩ කරනවා.

ජෝර්ජස්‌ ආසි කියන්නේ 38 හැවිරිදි ලෙබනන ජාතිකයෙක්‌. ජෝර්ජස්‌ අවුරුදු පහක්‌ තිස්‌සේ ඉගෙන ගත්තෙත් ජීවත් වුණෙත් ප්‍රංශයේ. නැවතත් ලෙබනනයට ආවා කියලා ඔහු තමන්ගේ සමලිංගිකත්වය අනිත් අයගෙන් වසන් කරන්න උත්සාහ කළේ නෑ. 2004 අවුරුද්දෙදී ඔහු සමලිංගික, සංක්‍රාන්තික ලිංගික හා ද්විලිංගිකයන්ගේ අයිතීන් උදෙසා ක්‍රියා කරන ලෙබනනයේ පළමුවැනි නීති උපදේශක සංගමයේ නියෝජිතයා බවට පත් වුණා. ලෙබනනය තුළ රූපවාහිනිය වගේ ජනමාධ්‍යයකින් පළමුවෙන්ම මේ මාතෘකාව ගැන කතා කරපු පුද්ගලයාත් ඔහු තමයි. ඔහු වගේම ඔහුගේ සමලිංගික සහායකයා වෙන කාර්ල් බොවු අබ්දුල්ලාහ්ත් සමලිංගිකයන් වෙනුවෙන් වැඩ කරන ක්‍රියාකාරිකයෙක්‌.

ස්‌ටෆේ පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ මේ අමුතු විශේෂත්වය ගැන හිතා බලපු යුවතියක්‌. "ගැහැණු ළමයින් ලොකු වෙලා පිරිමින්ව කසාද බඳිනවා. පිරිමි ළමයින් ලොකු වුණාම ගැහැණු අයව කසාද බඳිනවා. ඒත් ඒ වගේ අනාගතයක්‌ ගැන හිතලා බලද්දී මට පිරිමි ළමයෙක්‌ ගැන කිසිම කැමැත්තක්‌ ඇති වුණේ නෑ. ගැහැණු කෙනෙක්‌ එක්‌ක ජීවිතය පහසුවෙන් ගෙවන්න පුළුවන් කියලයි මට හිතුණේ. ඒත් මම මට හිතෙන දේ ගැන කතා කරන්නවත් බය වුණා. ස්‌ටෆේ කියනවා. දැන් ස්‌ටෆේ "නිදහස හා සමානාත්මතාවය උදෙසා වූ අරාබි පදනම" හි සම්බන්ධ කරන නිලධාරිනියක්‌. ලෙබනනය වගේ සාම්ප්‍රදායික රටක ඉඳන් සමලිංගිකයන් හා සංක්‍රාන්තික ලිංගිකයන් වෙනුවෙන් කතා කරන්න තරම් ගැහැණියක්‌ වුණු ඇයත් ධෛර්යමත් වෙලා.

ඇලෙක්‌සැන්ඩර් පෝලිකෙවිච් ලෙබනනයේ ඉන්න සමලිංගිකයෙක්‌. අවුරුදු 16 දී සමලිංගිකත්වයට නැඹුරු වුණු ඔහුට දැන් වයස 35 ක්‌. ඔහු "බලාඩි" නර්තනයට විශේෂ දක්‌ෂතා ඇති නර්තන ශිල්පියෙක්‌ සහ නර්තන රචකයෙක්‌. බලාඩි කියන්නෙ අතීතයේ දී කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන්ම ඉදිරිපත් කරපු සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායක්‌ වුණත් වර්තමානයේ දී මේ නර්තන සම්ප්‍රදාය පුරුෂයින්ව ශෘංගාරයෙන් මත් කරන්න කාන්තාවන් ඉදිරිපත් කරන නර්තනයක්‌ බවට පත් වෙලා. පළවැනි වතාවට පෝලිකෙවිච් මේ රංගනයක්‌ ඉදිරිපත් කරනකොට ඔහුට සමච්චල් කරපු ප්‍රේක්‌ෂකයෝ ප්‍රේක්‌ෂකාගාරයෙන් නැගිටලා යන්න ගියා. අද වෙනකොට ඔහු මේ රංගනයට ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙක්‌. ලෙබනනය ඇතුළු බොහෝ තැන්වල ඔහුගේ "බලාඩි" නර්තන ප්‍රසංග පැවැත්වෙනවා.

"මම සමලිංගික සමාජ ක්‍රියාකාරිකයකු නම් නෙවෙයි. ඒත් මට ශක්‌තිමත් පෞරුෂයක්‌ තියෙනවා. ඒ නිසා මම සමලිංගිකයකු බව මං හංගන්නේ නෑ. අපිට යහපත් ලෝකයක්‌ ගොඩනඟා ගන්න නම් අවදානමකට මුහුණ දෙන්නම වෙනවා.. "පෝලිකෙවිච්" පවසනවා.

ලෙබනනයේ පළවෙනි සමලිංගික සතිය වෙනුවෙන් සැලසුම් කරලා තිබුණු ඔහුගේ නර්තන අංගයක්‌ මුස්‌ලිම් උගතුන්ගේ සංගමයේ විරෝධතාවය නිසා අවලංගු කරන්නට සිදු වුණා. පෝලිකෙවිච් කියන්නේ නම් මුස්‌ලිම් සමාජයෙන් එල්ල වෙන මේ තර්ජන වලට නොබියව මුහුණ දෙන්නට ඕනෑ බවයි.

ලෙබනනයේ මේ සමලිංගික සතිය පවත්වන්න සිද්ධ වුණේ සාම්ප්‍රදායික මුස්‌ලිම් සමාජයේත්, අන්තවාදී මුස්‌ලිම් සංවිධානවලත් විරෝධය මැද්දේ තමයි. ලෙබනනයේ මුස්‌ලිම් විද්‍යාර්ථීන්ගේ ලීගයත්, සලාෆි මුස්‌ලිම් කණ්‌ඩායමකුත් මේ සමලිංගික සතියට දැන් විරෝධයක්‌ දැක්‌වූවා. ඒ නිසාම මේ සතිය වෙනුවෙන් යෙදිලා තිබුණු සමලිංගිකයන්ගේ වැඩසටහන් කිහිපයක්‌ අවලංගු කරන්නටත් සිද්ධ වුණා. කොහොම වෙතත් මේ සතිය වෙනුවෙන් සූදානම් කර තිබුණු වැඩසටහන්වලට 4000 ක පමණ පිරිසකුත් සහභාගි වුණා. Beirut Pride කියන බැනරය රැගත් ස්‌ථාන කිහිපයකම සමලිංගිකයන්ගේ සම්මන්ත්‍රණ, සාද, වැඩමුළු පැවැත් වුණා. 

2017 කියන්නේ අරාබි ලෝකයේ සාම්ප්‍රදායික ඉස්‌ලාමික සමාජය වෙනස්‌ මගකට යන ගමනක්‌ ආරම්භ කරපු වසරක්‌නේ. ලෙබනනයෙන් ඇරඹෙන මේ වෙනස අරාබි ලෝකයටම ඉදිරියේදී අත්විඳින්න ලැබෙයිද කියලා කියන්නත් බැහැ.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top