Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 19
515
Views
ඔහු නමින් බෙන් ලෙකොම්ටේ ය. 51 වැනි වියෙහි පසු වුව ද ඔහු සන්තානයේ පැවතියේ අපූරු ආත්ම ශක්තියකි.ප්‍රංශ ජාතිකයෙකු වූ මුත්  ඔහු ජීවත් වූයේ ඇමෙරිකාවේ ය. ‍පළමුවරට පැසිෆික් සයුර තරණය කිරීමේ අදහස  ඔහුගේ සිතට පැන නැඟුනේ  වසර 6 කට පෙරාතුව ය. ඔහු සාගරයට පණ මෙන් ආදරය කළේ ය. පිහිනීම ඔහුගේ විනෝදාංශය විය.  

දිනෙන් දින සාගර දූෂණය ඉහළ යන විට දී ලෝකයේ මිනිසුන් ගේ අවධානය ගැනීම සඳහා  යමක් කළ යුතු යැයි ඔහු සිතුවේ එක් වරක් දෙවරක් නොවේ.  ඒ අනුව ජපානයේ චෝෂි සිට ඇ‍මෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර දක්වා පිහිනීමට ඔහු තීරණය කළේ ය.

ඒ 2018 ජුනි මාසයේ 5 වන දාය.  ඔහු දිනකට පැය 8 බැගින්  පිහිනීමට අරමුණු කරගත්තේ ය. ඒ අනුව දිනකට ආවරණය කර ගත හැකි වූයේ සැතපුම් 30 කි. මෙසේ යා යුතු මුළු දුර වූයේ කිලෝ මීටර් 9100 කි .

ඒ අතර හමා ආ විවිධ ආන්තික පරිසර තත්ව කුණාටු හා උෂ්ණත්ව වැනි කිසිදු තත්වයක්  ඔහු ගේ  ආත්මාභිමානන කඩතොලු කිරීමට සමත් නොවිණ. එහෙත් පිහිනීමේ  අතරවාරයේ දී ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සිතූ බලධරයින් ඔහු හට කුඩා ඩිංගි බෝට්ටුවක්  සපයා දුන් අතර වෙනත් කණ්ඩායම් කිහිපයක් යෙදවීමට පියවර ගත්තේ ය.

ඔහුගේ දිගු දුර ගමන පිළිබඳ අවධානයෙන් සාගර විද්‍යායතන හා නාසා ආයතනය වැනි ආයතනයන්හි පර්යේෂකයන් ද සිටීම විශේෂ සිදුවීමක්  විය. ඔහු මෙම දිගු පිහිනුම සිදු කරන විට දී විනාඩි 3ක් ඉක්ම යාමටත් පෙර සාගර ජලය මතුපිට ප්ලාස්ටික් හා විවිධ අපද්‍රව්‍ය පාවීම සිදු වූ බව පැවසේ. එමෙන්ම පැය භාගයකටත් වඩා අධික කාලයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය  100 ක් එකතු කළ බව කියැවේ.

ඔහු හුදෙක් ලෝක වාර්තාවක් සිදු කිරීමට නොව ලෝකයේ විශාලතම සාගර පෘෂ්ටයේ අනවතරව සිදුවන සාගර දූෂණය පිලිබඳ තතු  ලොවට හෙළි කිරීම සඳහා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම  භාවිත කළේ ය. එසේ යනෙන අතරවාරයේ හමහු වූ සියලු අපද්‍රව්‍ය එක් කර ක්‍රමවත්ව බැහැරකරලීම සඳහා කුණු එකතු කිරීමේ කණ්ඩායම් වෙත ලබා දුන්නේ ය. එතෙක් නොනැවතුණු ඔහු සාගරයේ අපූරු සුන්දර ස්ථාන පිලිබඳ දසුන් ද සිය ‍මිතුරු මිතුරියන් සමඟ බෙදා ගැනීමට අමතක නොකළේ ය. මෙම අසහාය මිනිසා සාගර පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා  මේ වන විට විවිධ සමාජ කටයුතු සිදු කරමින් සිටියි.
 
උත්පලා ප්‍රබුද්ධිකා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top