Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 19
594
Views
අයිෆල් කුළුණේ යකඩ පඩිපෙලේ කොටසක් පසුගිය සතියේ පැරීසියේදි ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණුවේය. 

දෙවන හා තෙවන මහළ  අතර පිය ගැට පෙළට අයත් පියගැට පෙළ 25 කින්  සමන්විත මීටර් 4.3 දිගය.

මෙම කොටස වසර 1889 දී ආරම්භක ඉදිකිරීම් වලට අයත් වසර 129ක් පැරණි වටිනා කෞතුක සිහිවටනයකි. 

පැරීසියේ පිහිටි ප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන ‘ආර්ට් කූරියල් හී‘ වෙන්දේසියේදි යුරෝ 1, 69000 කට (රුපියල් තුන් කෝටි තිස්අට ලක්ෂයක් පමණ) මැද පෙරදිග ඵෙතිහාසික භාණ්ඩ එකතු කරන ධනවතෙකු විසින් මිලදී ගන්නා ලදී.

 ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටා ඇති අයිෆල් කුළුන පුදුම හතේ දැවැන්තයෙකි.

මෙම කුළුණ  ප්‍රංශයේ හදවත ලෙස ප්‍රංශ ජනතාව විසින් සලකනු ලබයි. යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුළුණ  සිටුවා ඇති සතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස මෙම නිර්මාණය බිහිවූ 1889දී ප්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප්‍රදර්ශන භූමියට ඇතුලූවන දොරටුව වුයේය. 

ප්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංජිනේරුවාගේ විස්මිත නිර්මාණයක්වූ මෙම දැවැන්ත සුන්දර යකඩ කුළුණ දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක්වූ මෙම කුලූන පරිශ්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. 

යකඩ කුළුණේ පියගැට පෙළ තරණය කරන ආදරවන්තයන්ට,ඒ  අසළින් ගලා බැස යන ශේන් නදියෙන් හමා එන සිසිල් සුළං රැලි ඔවුනගේ විඩාව සංසිදුවයි. 

1983 වසරේ අයිෆල් කුළුණේ සිදුකල නඩත්තු හා අළුත් වැඩියා ව්‍යාපෘති සිදුකෙරුණු අවස්ථාවක අයිපල් කුළුණ  මුදුනට ගමන් කිරීමට විදුලි සෝපානයක් සවි කළේය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top