Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 18
620
Views
රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  තීරණය කර  ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව සඳහන්ය‍.

මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව  වැඩි  වශයෙන් මත් ද්‍රව්‍යට ඇබ්බැහි කරවිමට , ලිංගිකත්වයට, එහි භාවිත වන අසභ්‍ය වචන  ප්‍රචණ්ඩකාරී මානසිකත්වය පෙළඹවීමක් ඇති කරනු බව පුටින් පවසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය දිනෙක රුසියානු රැප් ගායකයකු වන  හුස්කිගේ ප්‍රසංගයක් වළැක්වීම නිලධාරීන් කටයුතු කිරීමෙන් පසු  එහිදී ඇති වු ගැටළුවකින් පසු හුස්කි  පොලිස් අත්අඩංගුවට පත්විය.  ඔහුට දින 12ක කාලයක් සිරගතවී සිටීමට ද සිදු විය.

ඒ හේතුවෙන් ඔහුගේ ප්‍රසංග ගණනාවක් අවලංගු කිරිමට සිදු  බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

( බීබීසී ඇසුරෙනි )
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top