Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 18
665
Views
නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට තබා තිබූ කෝටි 70 ක්‌ පමණ වටිනා කිලෝ 65 ක බරින් යුත් දඹරන් පිළිමය කොල්ලකා පලාගොස්‌ සිටි සැකකරුවන් හය දෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මඟින් ඉකුත් 13 දින අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් සමඟ එකී කොල්ල කෑ දඹරන් පිළිමය සහ දුර්ලභ ගණයේ වාලම්පූරියක්‌ සහ වටිනා අත් පළඳනාවක්‌ ද කොල්ලකෑමට යොදාගත් කළුපාට ඩිෆෙන්ඩර් රථයක්‌ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම කොල්ලකෑමේ මහ මොළකරු වන‍ෙමහරගම බේබ නොහොත් නිශාන්ත නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයකු ද හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්‌ මෙලෙස අත්අඩංගුවට පත් වී තිබිණි. මෙම සැකකරුවන් 20 සහ 43 යන වයස්‌වල පසුවන්නන් වේ.

මාතර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්‌ථානයක තිබූ මෙම කිලෝ 65 ක්‌ බරැති දඹරත් පිළිමය සොරකම් කර අලෙවි කිරීම සඳහා එම ප්‍රදේශයේ ස්‌වාමින් වහන්සේ නමක්‌ පොලිස්‌ කොස්‌තාපල්වරයකු සහ තවත් කිහිප දෙනකු එක්‌ වී නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසකට රැගෙනවිත් තිබිණි. එකී නිවස අයත්ව තිබුණේ ද ස්‌වාමින් වහන්සේ නමකට බවත් පොලිසිය පවසයි.

එම දඹරන් පිළිමය මිලට ගැනීමට යෑයි පවසමින් පැමිණි පුද්ගලයන් හය දෙනකු පසුව තමන් පොලිසිය යෑයි පවසමින් බියගන්වා එම පිළිමය ද එකී නිවසේ සිටි ස්‌වාමින් වහන්සේ ඇතුළු පිරිසට ද කොල්ලකරුවන් පැමිණි කළුපාට ඩිෆෙන්ඩර් රථයට නංවාගෙන ගොස්‌ තිබිණි. අනතුරුව නුගේගොඩ උඩහමුල්ල, බොරලැස්‌ගමුව යන ස්‌ථානවල මෙම පිරිස කොටස්‌ වශයෙන් බස්‌සවා පිළිමය සහ එක්‌ අයකු පැළඳ සිටි අත් පළඳනාව කොල්ලකා පලාගොස්‌ තිබිණි.

අනතුරුව පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත මෙහි ප්‍රධාන සැකකරු මහරගම බේබිව අත්අඩංගුවට ගෙන ඔහුට අයත් මහරගම තෙමහල් නිවසක සඟවා තිබූ දඹරන් පිළිමය සහ අත් පළඳනාව ද ජංගම දුරකථනයක්‌ සහ නීතිවිරෝධී අයුරින් සන්තකයේ තබාගෙන සිටි දුර්ලභ ගණයේ වාලම්පුරිය අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව කොල්ලකෑමට පැමිණි ඩිෆෙන්ඩර් රථය මත්තේගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබිණි. එහි ප්‍රධාන සැකකරුගේ මඟපෙන්වීම මත සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සොර කණ්‌ඩායමේ සිටි හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කොල්ලයට පැමිණ ඇත්තේ ද පොලිස්‌ නිල ඇඳුමින් බවත් පොලිසිය පවසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top