Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 14
1,337
Views
"ඒ මුදල ගැන මම කතා කරන්න කැමති නැහැ.."

"ඊළග විවාහය එංගලන්තයේ දැවැන්තයෙක්ගේ එකක්.."

නර්ථනය කියන්නෙත් භාවනාවක්. ඒ භාවනාව ප්‍රේක්ෂයින්ට සමීප කරමින් ශ්‍රී ලාංකීය නර්තනය ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනෙක් හැටියට චන්දන වික්‍රමසිංහ හදුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල චන්දන ගැන වැඩිපුරම කතාකරනවා. ඒ ලෝකයේම අවධානය යොමු වූ ලෝකයේ ධනවත් පුද්ගලයෙක් වූ අම්බානිගේ ආදරණිය දියණියගේ විවාහයට නර්තන අධ්‍යක්ෂණය ඔහු අතින් සිදුවීම නිසා. ඒ ගැන චන්දන කියන්නේ මේ විදිහටයි.

චන්දන ඔබට අගනා අවස්ථාවක්  හිමි වෙනවා ලෝකේ ධනවත් පුද්ගලයෙක් වූ අම්බානිගේ දියණියගේ විවාහ උත්සවවල නර්තන අධ්‍යක්ෂණය කරන්න. එවැනි අවස්ථාවක් ලැබීම ගැන මොකද හිතෙන්නේ කියලා මුලින්ම කියමු..?
මම මේ වෙනකොට ප්‍රසංග සදහා නර්තන කණ්ඩායම එක්ක රටවල් 76 ක විතර සංචාරය කරලා තියෙනවා. ලෝකේ පුරාම යන්න මට අවස්ථාව හිමි වෙලා තියෙනවා. නමුත් අම්බානිගේ දියණියගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂ විදිහට හා අපේ කණ්ඩායමට නර්ථනය සදහා ආරාධනා කිරීම ගැන මට පුදුමයි. එවැනි දෙයක් මම නම් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. කොහොම නමුත් ලැබුණු ආරාධනාව පිළිගත්තා. ඔවුන්ට අවශ්‍ය විදිහට එහි වැඩකටයුතු සකස් කර දුන්නා. ඇත්තටම කිව්වොත් මට ඒ ගැන හුගක් සතුටුයි. මොකද මේ සදහා සම්බන්ධ වුනේ ලෝකේ ඉන්න බලවත් ජනප්‍රිය පිරිස. අපි සතුටු කළේ ඔවුන්වයි.

එවැනි දැවන්තයෙක්ගෙන් ආරාධනාවක්ලබන්න විශේෂ හේතුවකුත් ඇති..?
අම්බානි හා ඔහුගේ දියණිය විවාහ වූ මනාලයාගේ පාර්ශවය මම දැනහදුනාගෙන සෑහෙන කාලයක් වෙනවා. ඒ හැදුනුම්කම මට මෙවැනි ආරාධනාවක් ලැබුනා කියන්න පුළුවන්. ඒ වගේම අපේ නර්තන කණ්ඩායමේ වෙනසත් ඒ ආරාධනාවට හේතුවක් කියන්න ඕන. මොකද මේ සදහා මට ආරාධනා කළේ මිට මාස හතරකට පමණ පෙර. ඔවුන් කිව්වේ කොපියක් නෙමෙයි ඕන නැවුම් දෙයක් කියලා. අපි කළ සියළුම නර්තන අංග ඒ නිසා අලුතින් නිර්මාණය වූ ඒවා. 

විවාහ මංගල්‍යයේ අවසාන උත්සවය තිබුනේ ඊයේ. ඒ සදහා සියලු නර්තන අංග ඉදිරිපත් කළේ ඔබේ කණ්ඩායම නේද..?
ඔව්. අපි ඊයේ උත්සවයට නර්තන අංග 7ක් කළා. සියලුම නර්තන අංග අලුත්. උත්සවය ආරම්භ කළේ අපේ සංස්කෘතික අංගයකින්. ඒ වගේම අවසන් නර්තනය ලංකාවේ පැරණි අලුත් බයිලා ගීතවලට නිර්මාණය කළ නර්තන අංග කිහිපයකින්. ඒත් එක්කම තමයි අලුත් මනාලිය හා මනමාලයා අලුත් නිවසට කැදවාගෙන ගියේ. තේමාව වුනේ සයුර. ඒ වගේම හින්දි ගීත සදහාත් නර්තයේ යෙදුණා. ඊයේ දිනයේ ආරාධනා ලබලා හිටියේ 300ක පිරිසක්. ඒ සියලුම දෙනා ලෝකයේම ඉන්න සුප්‍රසිද්ධ හා බලවත් අය. 

නර්තනය සදහා අවශ්‍ය ගීත තෝරාගැනීමේ නිදහස ඔබ සතුව තිබුණද..?
ඒ සදහා සංවිධායකවරු පත් කර තිබුනා. ඔවුන්ගේ  උපදෙස් ලැබුනා. මොකද ඒ අය ගීතවල පද රචනයේ අර්ථය වගේම සංගීතය ගැන ඉතාමත් සැලකිලි වුණා. ඒ නිසා ඔවුන්ගේ උපදෙස් මත තමයි අපි අපේ වගකීම ඉටු කලේ.

ඔබේ වටිනාකමට ඉහල මිලක් නියම කරන්න ඇති..?
මගේ වෘත්තිය නර්තනය. එතැනදී මගේ වටිනාකමට සරිලන මුදලක් මම අය කරනවා ඕනෑම තැනකදී. මේ සදහා ලැබුණු මුල්‍ය වටිනාකම ගැන මම කියන්න එතරම් කැමැත්තක් නැහැ.

ඔබ වසර 22ක් ශ්‍රී ලාංකීය නර්තන ක්ෂේත්‍රයට අතිශයින් මෙහෙවර කළ කෙනෙක්, ඊලග පිම්ම මොකක්ද..?
ලබන අගෝස්තු මාසේ මේ වගේම දැවැන්තයෙක්ගේ විවාහ උත්සවයක් සදහාත් ආරාධනා ලැබුනා. ඒ එංගලන්තයෙන්. ඒ විවාහයත් කතාබහට ලක් වෙන එකක් වෙයි. 

හර්ෂණී වීරරත්න








Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top