Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 14
1,043
Views
"ඔයා විවාහ වෙලා ද? කියලා මගෙන් වෙනත් අය නිතරම අහනවා.."

"ක්‍රිස්තුන්වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙලා ඉන්නේ.."

ජෙසිකා හේයස් සිය මංගල ඇඳුම, වේලය සහ මුදුව මිලදී ගත්තාය. නමුත් ඇය සිය විවාහයේ ආගමික උත්සවයට සහභාගි වෙමින් පූජකතුමා ඉදිරියේ අල්තාරය මත සිට ගත් විට අනෙක් පස මනාලයෙකු සිටියේ නැත.

ඇය විවාහ වූයේ යේසුස් ක්‍රිස්තුන්වහන්සේ සමගය.

41 හැවිදිරි ජෙසිකා හේයස් කැප වූ කන්‍යාවකි. දෙවියන්ගේ මනමාලියක් වීමේ බලාපොරොත්තුවෙන් කතෝලික දේවස්ථානය සමග බැඳීමක් ඇති කරගත් කාන්තාවෝ කැප වූ කන්‍යාවන් බවට පත්වෙති.

කැප වූ කන්‍යාවන් ගැන කතෝලික ආගමික ග්‍රන්ථවල පවා වැඩි විස්තර සඳහන් නොවේ. කැප වූ කන්‍යාවන් බවට පත් වීමේ බැඳීමට කතෝලික සභාව ප්‍රසිද්ධියේ අවසර දීම සිදු වූයේ මීට වසර 50කට අඩු කාලයකට ඉහත දී වීම මෙයට එක් හේතුවකි.

දිවිය පුරාවට කිසිදු ලිංගික හෝ ප්‍රේම සම්බන්ධතාවක් නොපවත්වන බවට මනාලියක් ලෙස සැරසුණ කාන්තාව දේවස්ථානයේ පවත්වන ආගමික උත්සවයේ දී ප්‍රතිඥා දෙන්නීය.

ක්‍රිස්තුන්වහන්සේ සමග විවාහ ගිවිසගැනීම සංකේතවත් කිරීමට එම කාන්තාව මංගල මුදුවක් ද පැළඳිය යුතුය.

"ඔයා විවාහ වෙලා ද? කියලා මගෙන් වෙනත් අය නිතරම අහනවා" යනුවෙන් මේ වසරේ දී බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහනට ඇතුළත් වී සිටින ජෙසිකා හේයස් සිය තෝරාගැනීම ගැනීම ගැන අදහස් පළ කළාය.

"මම හැම වේලාවේම කෙටි විස්තරයක් කියලා තමයි පිළිතුරු දෙන්නේ. මම කන්‍යා සොහොයුරියකට සමානයි, ක්‍රිස්තුන්වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙලා ඉන්නේ. හැබැයි මම පිටත ලෝකයේ ජීවත් වෙනවා කියා පිළිතුරු දෙනවා."

ඇය එක්සත් ජනපදයේ දැනට සිටින "ක්‍රිස්තුන්වහන්සේගේ මනාලියන්" 254 දෙනා අතරින් කෙනෙකු බව ඇමරිකා එක්සත් ජනපදයේ කැප වූ කන්‍යාවියන්ගේ සංගමය පවසයි. හෙදියන්, මනෝවිද්‍යාඥවරියන්, ගණකාධිකාරීවරියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම කාන්තා ගිනි නිවන භටයන් ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ.

ලෝකය පුරා කැප වූ කන්‍යාවන් හාරදහසක් පමණ සිටින බව 2015 දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. කැප වූ කන්‍යාවක වීම සඳහා කතෝලික සභාව සමග බැඳීම ඇතිකරගැනීම පිණිස "ලෝකය පුරා විවිධ සංස්කෘතිවලට අයත් පුද්ගලයන්ගේ හදිසි උනන්දුවක්" දකින්නට ලැබෙන බව වතිකානය පවසයි.

කන්‍යා සොහොයුරියන් මෙන් කැප වූ කන්‍යාවන් සමාජයෙන් වෙන් වී ජීවත් වන්නේ හෝ වෙනස් ඇඳුමක් ඇඟලා ගන්නේ නැත. ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස රැකියා කරමින් ලෞකික ජීවිතයක් ගත කරති.

නමුත් පුරුෂයන් සම්බන්ධයෙන් කතෝක සභාව තුළ මෙවැනි ක්‍රියාවලියක් නොපවතී.

"මම අවුරුදු 18ක් ගුරුවරියක් විදියට සේවය කරනවා. මම දිගටම ඒ පාසලේම උගන්වනවා. ඒකෙ වෙනසක් වෙන්නේ නැහැ," එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රදේශයේ වාසය කරන ජෙසිකා හේයස් පැවසීය.

"මම කැප වූ කන්‍යාවක් වෙන්න කලින් තේරුම් ගත්තා කන්‍යා සොහොයුරියක් සමාජයේ ජීවත් වන විදියට ඉන්න අවශ්‍ය නැහැ කියලා."

ඉගැන්වීම් කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවල ඇය වැඩිපුර කාලය යොදවන්නේ පෞද්ගලික යාඥා සහ ඇදහිලි සඳහාය. ඇය සභාවේ රදගුරුවරයෙකු සමග නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු අතර, සිය ආගමික අනුශාසක සමග රැස්වීම් පැවැත්විය යුතුය.

"මගේ නිවසේ ඉඳන් සැතපුම් දෙකක් දුරින් තිබෙන දේවස්ථානයකටයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ යහළුවන්ට සහ ඥාතීන්ට ඕනෑම අවස්ථාවක උදව් කරන්න මම ලැහැස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මම ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරනවා. දවසම මම මිනිස්සු සමග ගතකරන්නේ. නමුත්, ඒ මොන දේ තිබුණත් මම ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ඒ අදාළ විශේෂ කටයුතු සිදුකරනවා."

ඇය මින් පෙර ප්‍රේම සම්බන්ධතා පවත්වා ඇති නමුත්, ඒ කිසිවකින් ඇය සම්පූර්ණ යැයි නොහැඟුණ බව පැවසීය.

"මට හිතුණේ මම විවාහ ජීවිතයකට ඇතුළත් වුණා කියලා. ඒක සාමාන්‍ය මනුස්සයෙකුට එන හැඟීමක්. ඒක නිසා මමත් සම්බන්ධතා පැවැත්වූවා .... හැබැයි කවදාවත් බරපතළ සම්බන්ධතා තිබිලා නැහැ," ජෙසිකා හේයස් පැවසුවාය.

ඈත අතීතයේ ක්‍රිස්තියානි සමයේ සිට කන්‍යාවෝ සභාවේ කොටසක් වී සිටිති. එමෙන්ම, පළමු සියවස් තුනේදී බොහෝ දෙනෙකු ආගමට ඇති කැපවීම නිසා මිය ගියහ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top