Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 12
645
Views
"නැවුම් පළතුරු හෝ ස්වභාවික පළතුරු යුෂ වීදුරුවක් බොන්න පුරුදු වෙලා ඉන්නවා..."

"ඇගේ බර අඩු කරගන්න නම් වතුර ගොඩක් දෛයිනිකව පාවිච්චි කරන්නම  ඕනෙ..."

නදිනි ප්‍රේමදාස කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්. දරු දෙදෙනෙකුගේ මවක් වුවත් ප්‍රසංග වේදිකාවේදී දකින ඇය තවමත් සුරූපීය. ව්‍යාපාරික පවුල් පසුබිමක සිටියත් වෘත්තියෙන් ගායිකාවක් ලෙසින් නියැළෙන ඇය ලස්සනට ඉන්නේ කොහොමද කියලා කියන්නේ මෙහෙමයි.

දරුවෝ දෙන්නෙකුගේ මවක් වුණත් ඔබ තමාත් හරිම ලස්සනයි. දරු දෙදෙනෙකුගේ මවක් ලෙසට කියන්නවත් බැහැ?
දරුවන් ලැබුණ අවදියේ දී ශරීරයේ බර වැඩි වීමක් සිදු වුණා. නමුත් මම ශරීරයේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් නිසා ශරීරයේ බර නියමාකාරයෙන් තියාගන්න ගොඩක් උත්සාහ ගත්තා. සාමාන්‍යයෙන් මම පුරුද්දක් විදියට සතියකට දින 3 ක් දිනකට පැයක කාලයක් ව්‍යායාමවල නිරත වෙනවා. පැයක කාලයේදී නිරත වෙන්නේ තරමක් සංකීර්ණ ව්‍යායාම. අනෙක් ප්‍රධානම කරුණ තමයි කෑම බීම පිළිබඳ සැලකිලිමත්වීම. ඇගේ  හැඩය ලස්සනට තියාගන්න වගේම නිරෝගී කම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මම තෙල් සහිත ආහාර, පිටි ආහාර සහ සිනි අඩංගු ආහාර ගන්නේ හරිම අඩුවෙන්.

පෝෂ්‍යදායි හොඳ ආහාරයක් සෑම ආහාර වේලකටම යොදා ගන්නවා. උදේ 10 හවස 4 වගේ කෙටි ආහාරයක් අවශ්‍ය වෙලාවට නැවුම් පළතුරු හෝ ස්වභාවික පළතුරු යුෂ වීදුරුවක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. බොහෝ පිරිසක් කෙටි ආහාර වේල් වලට කේක්, බිස්කට් හෝ පිටි අඩංගු ආහාර ගැනීමට පුරුදු වී සිටිනවා. නමුත් එවැනි ආහාර වලින් සිදුවන්නේ ශරීරයේ බර වැඩි වීම. දිනකට වතුර ලීටර් 4 ක් පාවිච්චි කරනවා. ඇෙඟ් බර අඩු කර ගන්න නම් වතුර ගොඩක් දෛයිනිකව පාවිච්චි කරන්නම  ඕනෙ.

හම ලස්සනට තියා ගන්න මොකද කරන්නේ?
කාර්යය බහුල භාවයත් සමග ලොකු වෙලාවක් ආලේපන වර්ග ගැල්වීමට මට කාලය අඩුයි. නමුත් ඉඩක් ලැබෙන වෙලාවට ස්වභාවිකව ලබා ගත් කෝමාරිකා පිත්තක ජෙල් එක ශරීරයේ ආලේප කර ටික වේලාවක් ඉඳලා සෝදා හරිනවා. ඊට අමතරව දේශීය උෂ්ණත්වයට ඔරොත්තු දෙන ස්වභාවිකව නිෂ්පාදනය කළ මුහුණ සේදුම් කාරක ආලේපන, රාත්‍රී මුහුණු සත්කාර ආලේපන, සමේ තෙතමනය ආරක්ෂා කෙරෙනා ක්‍රීම් වර්ගයක් භාවිතා කරනවා.

ඔබට වඩාත් ගැළපෙන විලාසිතාව මොකක් කියල ද හිතන්නේ?
ශරීරයේ හැඩය ලස්සනට තියා ගන්න නිරතුරුවම වෙහෙස වෙන නිසා  ඕනෑම ඇඳුමක් මගේ ඇඟට ලස්සනයි. නමුත් ටී ෂර්ට් එකටයි ජීන් එකටයි ඇෙඟ් හැඩය ලස්සනට පේනවා කියලා දකින අය කියනවා. ලස්සනට අඳින්න මම කොහොමටත් කැමති කෙනෙක්.

මවක්, බිරිඳක් ලස්සනට ඉඳීම තුළ පවුලෙන් ලැබෙන අගය කිරීම කෙබඳු ද?
මගේ ස්වාමියා නිරතුරුවම මා අගය කරනවා. මම ලස්සනට ඉන්න එක ගැන වඩාත්ම සතුටු වන්නේ එයා.

ඔබ ලස්සන දකින්නේ කොහොමද?
ලස්සනට හැමෝම හරිම කැමතියි. ලස්සන හරිම සුන්දර දෙයක් ලෙසට මා දකින්නේ. සමහර විට ලස්සන බලන විදිහ අනුව විවිධ වෙන්න පුළුවන්.

කොහොම නමුත් රූපය වගේම ගති ගුණත් ලස්සනට තියා ගන්න අපි උත්සාහ දැරිය යුතුයි.

ලස්සනට ඉන්න ඇත්තටම ඔබ මොකද කරන්නේ?
ලස්සනට ඉන්න හැමදාම උන්නදු විය යුතුයි කියා මගේ හැඟීම. අපි අපේ ගැන උනන්දු නම් ලස්සනට ඉන්න උත්සාහ ගන්නවා නම් අපිට ගොඩක් ආදරෙයි නිවසේ අය වගේම, මගේ හඬට ආදරය කර අය. ඔයා ගොඩක් ලස්සන වෙලා. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා හිතන්නවත් බැහැ කියලා කවුරු හරි කියන කොට ලොකු නිහතමානී සතුටක් දැනෙනවා. එතකොට තවත් ලස්සනට ඉන්න  ඕනේ කියලා නිකම්ම හිතෙනවා.

වෘත්තියක රැඳෙන්න කෙනෙකුගේ ලස්සන වැදගත් ද?
නැහැ. ලස්සන විතරක් මදි. වෘත්තිකයින් ඉදිරියට යන්න කැපවීම, උනන්දුව, නිපුණත්වය අවශ්‍යයි. පවුල් ජීවිතයත් රැක ගෙන වෘත්තියක නිරත වෙන්න කාන්තාවක් සෑම විටම උත්සාහ දැරිය යුතුයි.

පවුල් ජීවිතයක් සාර්ථක වන්නට බිරිඳකගේ ලස්සන වැදගත්ද?
ලස්සන බිරිඳකට ස්වාමියා කැමතියි. ඒත් සාර්ථක පවුලකට අඩිතාලම වැටෙන්නේ ආදරය, විශ්වාසය, කැප කිරීම, අන් අයට සවන් දීම, ගරු කිරීම ආදී කරුණු කිහිපයක එකතුවක්.
කොහොමත් ගෙදරක සියලූ වගකීම්, යුතුකම් කරන අම්මා ලස්සනට ඉන්නවාට ස්වාමියා වගේම දරුවොත් හරිම කැමතියි. දෛයිනිකව මා ඉතාම කාර්ය බහුලයි. උදෑසන නිවසේ කටයුතු නිසාත් දරු දෙදෙනාගේ කටයුතු නිසා කාර්ය බහුලයි. හැමදාම උදේ පාන්දර 5 ට අවදි වෙනවා. ස්වාමියා උදෑසනම ව්‍යාපාර කටයුතුවලට සහභාගි වන නිසාම මමත් උදෑසනම අවදි වෙලා රාජකාරි ආරම්භ කරනවා. බොහෝ වෙලාවට ව්‍යායාම කිරීමට කාලය යොදා ගන්නේ උදෑසන කාලය.

අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top