Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 12
1,057
Views
"අසභ්‍ය දර්ශන පෙන්නලා වැසිකිළිය ඇතුළේ අතවර කරලා.."

"කාටහරි කිව්වොත් මරණ බවට තර්ජනය කරලා.."

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දරුවන් බලා ගැනිමේ රැකියවක් කළ ශ්‍රී ලාංකිකයෙක් අවුරුදු 7ක් වූ දරුවන් දෙදෙනෙක්ට ලිංගික අපයෝජනය කිරිම හේතුවෙන් වසර පහමාරක සිර දඬුවමක් නියම වි ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

දයන්තන් ස්ටැන්ලි මොහාන්රාජ් නැමැති 19 හැවැරිදි පුද්ගලයෙක් ට මෙසේ සිර දඬුවම් නියම වී ඇති බවයි සදහන් වෙන්නේ.

පළමුව දරුවාට අසභ්‍ය වීඩියෝ දර්ශණ පෙන්වා ඔහුව  වැසිකිළියක් තුළදී අපයෝජනයට ලක්කර ඒ බව දෙමාපියන්ට දැන්වුවහොත් ඝාතනය කරන බවට තර්ජන කර ඇති බවත් අනෙක් දරුවා ක්‍රීඩා කාමරයේදී අපයෝජනයට ලක්කර ඇති බවත් පසුව දෙදෙනාටම සැකකරු පහරදී ඇති බවත් එය රහසක් ලෙස තබා ගන්නා ලෙසත් දැනුම් දී ඇතැයි බටහිර ඔස්ට්‍රේලියා දිසා අධිකරණයෙදී හෙළිව තිබෙනවා. 

මොහාන්රාජ් 2012 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඔවුගේ පවුල ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය ඉල්ලුවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්  ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top