Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 12
854
Views

ගීතා කාන්ති ජයකොඩි කියන්නේ කලා ක්ෂේත්‍රයේ අංශ රැසකින් දස්කම් පෑ නිළියක්.
ගුවන් විදුලිය, වේදිකාව, ටෙලි නාට්‍යය වගේම සිනමාව තුළිනුත් ඇය තමන්ගේ රංගන කුසලතාවය පෙන්නුම් කළා.
ගීතා කාන්ති ඇයගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සංදීපනී එක්ක කලකට පසු කරන්න සූදානම් වෙන අලුත් වැඩක් ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

කාලෙකට පස්සේ ඔබයි, ඔබේ දුව පබෝදයි මව සහ දුව විදියට රඟපාන බව ආරංචියි?
ඔව්. ඒ ආරංචිය ඇත්ත. අවුරුදු 31කට පස්සේ තමයි දෝණියි මමයි අම්මයි දුවයි විදියට කලා නිර්මාණයක රඟපාන්නේ. “ගාමිණී” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ අලුත්ම චිත්‍රපටය වන “ශ්‍රී සද්ධා” චිත්‍රපටයේ තමයි අපි දෙන්නා මේ විදියට එකට රඟපාන්නේ. ඒ 1940 දශකයේ ඈත ගමක ජීවත් වූ ගැමි ගැහැනියක හා ඇගේ දුව විදියටයි. මීට කලින් අපි දෙන්නා අම්මටයි දුවටයි රඟපෑවේ. “යශෝරාවය” ටෙලි නාට්‍යයේ රඟපානකොට දෝණිට වයස අවුරුදු පහයි.

පුංචි තිරයේ ඔබව දැන් දකින්නට ලැබෙන්නේ හුඟක් අඩුවෙන්. මොකක්ද ඊට හේතුව?
ඉස්සර වගේම මට තවම ආරාධනා ලැබෙනවා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මම බාරගන්නා නිර්මාණවලට ලැබෙන ප්‍රචාරය අඩු කමයි.
මේ දවස්වල මගේ අලුත් ටෙලි නාට්‍ය එකක්වත් විකාශය වන්නේ නැහැ.

ටෙලි නාට්‍යය හදලා පෙන්නාගන්න විදියක් නැතුව ඉන්නවා කියන චෝදනාව අද නිතර ඇහෙන එකක්. මෙගා ටෙලි නාට්‍ය හා හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍යය හින්දා මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙන බවයි බොහෝ අය කියන්නේ. ඒ ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?
ඒ කතාව වැරදි නැහැ. කොටස් 500, 1000 ටෙලි නාට්‍යය විකාශය වෙද්දී තවත් ටෙලි නාට්‍යය රැසක්ම ‍පෝලිමේ ඉන්න වෙනවා.
අපි ඒ කා‍ලේ හුරු වෙලා හිටියේ කොටස් 40-50 නාට්‍යවලට. මේ වගේ අනවශ්‍ය විදියට නාට්‍ය දිග්ගස්සන්න ගියාම ඒ නාට්‍යය වුණත් මිනිස්සුන්ට එපා වෙනවා.
හඬ කවලා පෙන්වන නාට්‍ය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකයි.

ඔබත් විදෙස් ටෙලි නාට්‍යවල හඬ කැවීමට එක්වන ශිල්පිනියක්. එහෙම තියෙද්දී ඔබ කොහොමද මේ වගේ විරෝධයක් දක්වන්නේ?
තාලයට අත්පුඩි ගහන එකත් කලාවක්. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය වගේම විදෙස් නිර්මාණවලට හඬ කැවීමත් කලාවක්.
මම රංගන ශිල්පිනියක්. මම හිතන විදියට රංගන ශිල්පීන්ට ඔය හැමදෙයක්ම කළ හැකි විය යුතුයි. විදෙස් නාට්‍ය හඬ කවා පෙන්වීමට එරෙහිව මට තනිවම යමක් කරන්න බැහැ. එය සීමාවක් නැතුව සිදු කරනවා නම් ඊට සීමා පැනවිය යුත්තේත් වගකිව යුත්තන් තමයි.

කලා කටයුතුවල කාර්ය බහුලත්වයත් එක්ක ඔබේ සාමාන්‍ය ජීවිතය ගෙවී යන්නේ කොහොමද?
දෝණිගේ පුංචි පුතාට දැන් වයස 5යි. දෝණි ආයෙම රඟපාන්න යන හින්දා පුතාගේ කටයුතුවලට උදව් කරන්න දෝණිගේ ගෙදර යනවා. ඒ හැරුනාම ජීවිතය සාමාන්‍ය විදියටම ගෙවිලා යනවා.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top