Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 11
594
Views
සිරුරේ කැපුම් තුවාල 63ක් ඇති බව අනාවරණය වෙලා 
 
මරණයට හේතුව සොයා පොලීසිය සිදු කළ මෙහෙයුම 
 
දිවුලපිටිය කැලැපිටිමුල්ලේ පදිංචි නන්දන බස්නායක මීට දෙවසරකට පමණ පෙර සිය ජීවන සහකාරිය ලෙස දුලිකා සංජීවනී සිය නිවෙසට කැඳවාගෙන ආවේ බලාපොරොත්තු රැසක් ඇතුවයි. 
 
මෙතෙක් සිය ජීවන ගමනේ සිදු වූ අඩුලුහුඬුකම් සියල්ල මෙතනින් අවසන් වනු ඇතැයි ඇගේ සැමියා එතැන් පටන් හිතුවා. 
 
ආදරණීය කැදැල්ලක සතුටින් දිවි ගෙවූ මේ යුවළට එකම හීනය වුණේ දරුමල්ලන් ලැබ ජිවිතේ හීන බොහෝමයක් හැබෑ කර ගැනීමයි. 
 
පොතේ හැටියට නම දුලීකා සංජීවනී වුණත්, ඇගේ සැමියා ඇයව ආමන්ත්‍රණය කළේ ‘‘නිම්මි‘‘ යන ආදර නාමයෙන්. 
 
නිම්මි ඔහුගේ සතුට දෙගුණ තෙගුණ කරන්නට සමත් බිරිඳක් වුණා.

සැමියා නිවසෙන් පිටව ගිය පසු නිම්මි නිවසේ හුදකලා වුණා. එම කාලය ඇය ගත කරන්නේ රූපවාහිනියේ යන චිත්‍රපට නාට්‍ය බලමින්. 
 
පසුගිය හතරවැනිදා උදේ දහය පහුවෙද්දි ඇගේ සැමියා අවශ්‍යතාවයක් සඳහා මීගමුව බලා පිටත් වුණේ නිම්මි තනිවම සිටියදී. 
 
සැමියා නිවසින් ගිය පසු ඇය රූප පෙට්ටිය ඉදිරියේ අසුන් ගන්නේ තමා ආස කරන වැඩසටහන් නැරඹීමේ අරමුණින්. 
 
උදේ ගිය නන්දන නැවත නිවසට ආවේ දහවල් 1.45ට පමණ. 
 
නිවසට පැමිණි නන්දන දුටුවේ සාලයේ බිම කිහිප පොළක ලේ තැවරී ඇති අයුරුයි. 
 
බිරිය මිදුල සුද්ද කරන්නට අවශ්‍ය බව කී නිසා පසුගිය දිනෙක ගෙනවිත් දුන්නු උදැල්ලට අත පය තුවාල කරගන්නට ඇතැයි නන්දන හිතුවා. 
 
දොරටුවෙන් ඇතුළු වන ඔහුට රූපවාහිනියේ හඬත් ඇහුණා. 
 
‘‘නිම්මි නිම්මි....‘‘ කියා බිරිය ඇමතුවත් සේයාවක් හෝ හඬක් ඇහුණේ නැහැ. 
 
ඔහුට කිසියම් සැකයක් ඇතිවුණා. ඔහු වහාම ගෙට ගියා. 
 
නිදන කාමරයේ ඇඳ ළඟ බිරිය බිම වැටී සිටිනු ඔහුට දකින්නට ලැබුණා. ඇය වැටී සිටියේ උඩුබැලි අතටයි. සිරුරෙන් අඩක් නග්න වන අන්දමින් ඇඳුම්ද විසිරී තිබුණා. 
 
‘‘ක්ලාන්තයක් දාලා වෙන්නැති...‘‘ ඔහු හිතුවේ එහෙම. 
 
මුහුණේ තිබූ රෙදිකඩ ඉවත් කළ නන්දන නිම්මි කියා කතා කළත් ඇය නිහඬවම හිටියා. ඇගේ සිරුරේ කැපුම් සලකුණු කිහිපයක් නන්දන දුටුවේ එවිටයි. 
 
සාහසික යමක් සිදුවී ඇතැයි සිතූ නන්දන අසල්වාසීන්ට කතා කර තම බිරිය රෝහල්ගත කරන්න පියවර ගත්තා. 
 
එහෙත් ඒ වන විටත් සියල්ල සිදුවී අවසන් වෙලා තිබුණා. 
 
සිද්ධිය දිවුලපිටිය පොලීසියට වාර්තා වූයේ ඉන් අනතුරුවයි. 
 
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ජයපත්ම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒකනායක ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. 
 
සංජීවනීගේ සිරුරේ තුවාල රැසක් දක්නට ලැබුණා. 
 
මහේස්ත්‍රාත් පරීක්ෂණය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා විසින් සිද්ධිය වූ පොලිස් ස්ථානයේදී පවත්වනු ලැබුවා. වෛද්‍ය නිලධාරි කේ.විජේවර්ධන මහතා මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මරණකාරියගේ සිරුරේ කැපුම් තුවාල 63ක් ඇති බව එහිදී අනාවරණය වුණා. ඉන් 44ක් බරපතල ඒවා වූ අතර ගෙලෙහි සියුම් කැපුම් තුවාල ඇතුළු වෙනත් තුවාල නිසා ඇගේ මරණය සිදු වී ඇති බව වෛද්‍යවරයා නිගමනය කළා. 
 
ඊට අමතරව බරපතලම සිදුවීම වූයේ මිය යන්නට පෙර ඇය අතවරයකට ලක්ව ඇති බව හෙළිවීමයි. අතවරය සිදු වී ඇත්තේ ඇගේ කැමැත්තෙන් තොරව බව ද වෛද්‍ය නිගමනය වුණා. 
 
නිවසේ කිසියම් හෝ වටිනා දෙයක් නැති වී හෝ අතුරුදහන් බවටද තොරතුරු නොලැබුණු නිසා මෙම මරණයට හේතුව කුමක්දැයි හෙළි කරගැනීම විශාල අභියෝගයක් වුණා. 
 
එහෙත් පොලීසිය උත්සහය අත්නෑරම මේ පිටුපස ලුබු බඳිමින් සිටියා. නිලධාරින් සංජීවනිගේ නිවස ආසන්නයේම වෙසෙන තිස්පස් හැවිරිදි පියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සංජීවනිට තුවාල සිදු කළ පිහිය මෙන්ම ඇඳ සිටි ලේ තැවරුණු ඇඳුම් ආදිය ද සොයා ගැනීමට හැකි වුණා. 
 
සැකකරු වසර හතක් පමණ කාලයක් තිස්සේ විදේශ රැකියාවක නිරත බවද ඔහුගේ දරුවන් නව හැවිරිදි හා සිව් හැවිරිදි වියේ පසුවන බවද හෙළි වුණා. 
 
සිද්ධිය වූ දින රාත්‍රී ඔහු සිය බිරිය හා දරුවන් දෙදෙනා සමඟ රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී වැඩිමහල් දරුවා පියාගෙන් අල්ලපු ගෙදර මරණයක් සිදුවී ඇති බවට කළ විමසීමකදී සැකකරු භීතියට පත් වූ බවද ප්‍රශ්න කිරීම් වලදී හෙළි වුණා. 
 
නන්දන නිවසින් පිටව යනු බලා සිටි සැකකරු සංජීවනි සමඟ පැවති අමනාපයක් නිසා ඇගෙන් පළි ගන්නට නිවෙස වෙත ගිය අවස්ථාවේ මේ සිදුවීම ඇති වූ බව පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර තිබෙනවා. 
 
සිද්ධිය වූ දින උදේ නන්දන ද නිවසේ සිටින අවස්ථාවේ සැකකරු මෙම නිවසට ගොස් කිසියම් දුරකථන අංකයක් ඉල්ලාගෙන පැමිණ තිබූ බවද අනාවරණය වී තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top