Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 11
1,186
Views
"මුලදි ඕනෑම කෙනෙක් අතර පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා..."

"හිත හදාගන්න අධ්‍යාත්මික පැත්තට යොමු වුණා..."

ප්‍රශාදි රණසිංහ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. එහෙත් ඒ රූපය ඇයගේ නර්ථන විලාසය අමතකයි කියලා හිතන්න බැහැ. ඇය ගැන පුංචිම මතකයක් හරි ඇති. නර්ථනය නිසා ජාත්‍යන්තරයට පවා ගිය ප්‍රශාදි විවාහයෙන් පස්සේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියලා වගේම ඇයගේ අලුත් තොරතුරු ගැනත් ඇය කලකට පස්සේ කියන්නේ මෙහෙමයි.

නර්ථනය නිසා කාලයක් ජනප්‍රිය වෙලා හිටපු ප්‍රශාදි මෙතරම් කාලයක් නිහඩව හිටියේ ඇයි.. ඒ ගැන කියලම කතාව ආරම්භ කරමු..?
අවුරුදු තුනකට කලින් මගේ තාත්තා ජිවතුන් අතරින් සමු ගත්තා. ඒ වියෝව මට ලොකු කම්පනයක් ඇති කළා. මගේ පවුලේ අක්කා වගේම මල්ලි ඉන්නවා. නමුත් මම තාත්තාට හුගක් සමීපයි. මගේ නර්ථන ජිවිතේ මාව ඉහලටම රැගෙන යන්න ඔහු වෙහෙස ගත්තා. ඒ සියලු දේවල් එක්ක මට තාත්තා නැති වුනු එක දරා ගන්න අමාරු වුණා. ඒ නිසා ඉදහිට වැඩක් කරලා නිහඩව හිටියා.

විවාහ ජිවිතේ නර්ථනයට කිසිසේත්ම බලපෑවේ නැහැ කියලද කියන්නේ..?
ඔව්. මගේ සැමියා ඉංජිනේරුවෙක්. ඔහු ඉන්නේ විදෙස් රටක. මම විවාහ වුනු අලුතමයි තාත්තා නැති වුණේ. මගේ සැමියා තමයි මගේ හිත හදා ගන්න ගොඩක් උදව් කළේ. තාත්තා නැති වෙලා මාසයක් ගියාට පස්සේ මමත් ඔහුත් එක්ක ඒ රටට ගියා. විටින් විට ලංකාවට ආවා. ඇතැම් නිර්මාණවලට සම්බන්ධ වුණා. ඔහුගෙන් කිසිම බලපෑමක් මට නැහැ. මාව තේරුම් ගත්ත හොද පුද්ගලයෙක්ව තමයි මම සැමියා විදිහට තෝරා ගත්තේ. ඒ නිසා මට නිදහසේ ඉන්න පවා එයා උදව් කළා. අදටත් ඔහුගෙන් ලැබෙන සහයෝගය එහෙමමයි.

ඉක්මණටම විවාහ වුණා කියලා හිතෙන්නේ නැද්ද..?
කොහෙත්ම නැහැ. මම නිසිකලට විවාහ වුණා. ඒ ගැන කණගාටුවක් ඇත්තෙම නැහැ. 

ජනප්‍රිය බොහෝ පවුල් දෙකඩ වෙන අවස්ථා ප්‍රසිද්ධියේම දකින්න ලැබෙනවා. ඒ නිසාද විවාහය සදහා වෙනත් වෘත්තියක නියැලෙන කෙනෙක්ව තෝරා කරගත්තේ..?
මම හිතන විදිහට කලාවට සම්බන්ධ නොවන කෙනෙක් එක්ක විවාහ වෙන එක හොදයි. නමුත් කලාව ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අවබෝධය තේරුම් ගැනීම තමයි විවාහ ජිවිතේ ශක්තිමත් කරන්නේ. කලාකරුවන් නිර්මාණයකදී එකම කෙනෙක් එක්ක මාස කිහිපයක් වැඩකරද්දී නිතර මුණගැහෙද්දී හැගීම්බර වෙනවා.ඒ නිසයි එවැනි සම්බන්ධතා ඇති වෙන්නේ වගේම විවිධ ගැටුම් මතු වෙන්නේ. කොහොම නමුත් මම මගේ විවාහ ජිවිතේ ගැන සතුටු වෙනවා. මුලදි ඕනෑම කෙනෙක් අතර පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. තේරුම් ගැනීම එක්ක ඒදෙවල් යටපත් වෙලා පවුල් ජීවිතයේ බැදීම ශක්තිමත් වෙනවා. මගේ පවුල් ජීවිතෙත් ඒ වගේ ශක්තිමත් එකක්. 

නර්ථනය නිසා ජනප්‍රිය වෙලා හිටිය ප්‍රශාදි ඒ ජනප්‍රියත්වය අතහැරලා විදෙස්ගත වෙනවා. ඔබ ගැන මතකය දැන් කෙනෙකුට අමතක ඇති. ජනප්‍රිය කාලේ එවැනි තීරණයක් ගත්ත එක ගැන දැන් පසුතැවීමක් නැද්ද..?
ප්‍රසිද්ධිය කියන්නේ තාවකාලික දෙයක්. රූපය තියෙනකල් ඒ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය තියෙනවා. නැති වුනු දවසට කිසිදෙයක් නැහැ. ඒ නිසා මම කිසිම වෙලාවක ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මාව දකින්න නොලැබුනාට මගේ නර්තන කණ්ඩායමේ ළමයින්ව වැඩසටහන්වලට යොමු කළා. මම බය වුනා මගේ තාත්තා නැති වුනාට පස්සේ මට මගේ අම්මාවත් නැති වෙයි කියලා. ඒ නිසයි හිත හදාගන්න අධ්‍යාත්මික පැත්තට යොමු වුණේ. වැඩවලින් ටිකක් ඈත් වෙලා හිටියේ. 

ඉස්සර වගේම දැනුත්  මග තොටේදී රසිකයින්ගෙන් ප්‍රතිචාර ලැබෙනවද..?
සීයට සීයක්ම මතකයි කියන්න බැහැ. සමහර ගැහැණු ළමයි මගේ ලගට ඇවිත් අහනවා අර නටන අක්කා නේද කියලා. සමහර අයට පොඩි මතකයක් තියෙනවා. අදුරගෙන හිනාවෙනවා. නමුත් ඉස්සර තරම්ම නම් දැන් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. 

ඔබව දකින්න ලැබුණේ එක නාට්‍යයකින් විතරයි. රංගනයට යොමු වෙන්න හා සුපුරුදු නර්තන කටයුතුවලට යොමු වෙන්න අදහසක් තවම නැද්ද..?
බුදවත්ත සර් ලග ඉනකොට තමයි නාට්‍යක රගපාන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ සම්බන්ධ වුණේ නැහැ. ලගදි විදේශ සංවර්ධන කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කළ විදෙස් රටවල් 68ක නියෝජනයෙන් පැවති උත්සවයකට මම ඇතුළු කණ්ඩායමත් සම්බන්ධ වුණා. අපිට culture performance කණ්ඩායම විදිහට තේරී පත් වුණා. ඒක මම හිතනවා හොද අවස්ථාවක් කියලා. ඊට අමතරව මගේ තාත්තා මට හදලා දුන්නු ප්‍රශාදි කලායතනයේ වැඩකටයුතු හා ඉගැන්වීම් කරගෙන යනවා. හොද නිර්මාණ සදහා අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න උත්සහ කරනවා.

ඔබ මිට පෙරත් ජාත්‍යන්තරය නියෝජනය කළා..?
ඔව්. අවස්ථාවන් කිහිපයක්ම ලැබුණා. 2015 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට  Shakira, Shaggy, Boy George, වගේ විදේශීය දැවැන්තයින් එක්ක මගේ කණ්ඩායමත් සම්බන්ධ වෙලා වැඩකරන්න ලැබුනා. චාල්ස් කුමරු වෙනුවෙන් පැවති නර්ථන අංග දෙකෙන් එකක් කළේ මම. ඒ ගැන මම නිහතමානිව සතුටු වෙනවා. ඒ වගේම 2011 වර්ෂයේ සිංගප්පුරුවේ පැවති formula මෝටර් රථ ධාවන තරගයේ සමාරම්භක උත්සවයටත් මම හා කණ්ඩායම සම්බන්ධ වුණා. 

අහම්බයෙන්ද නර්ථනයට යොමු වෙන්නේ කියලත් කියමු..?
නර්ථනය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන කලාවක්. ඒ කලාවට මම යොමු වෙන්නේ පුංචි කාලයේමයි. මට වයස අවුරුදු 4 දී තමයි මුලින්ම නර්ථනය කියන දේ ඉගෙන ගන්නේ. මගේ මුල්ම ගුරුවරිය වුණේ දයානි නෙල්ලම්පිටිය මිස්. ඊට පස්සේ ඉන්දියාවේදී ටෙරන්ස් ලුවිස් මහත්මයා යටතේත්, බුදවත්ත සර් යටතේ වගේම සෙල්වින් සර් යටතේත් මම නර්ථනය ඉගෙන ගත්තා ප්‍රගුණ කළා. ඒ නිසා මේ ගමන අහම්බයක් වෙන්නේ නැහැ.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top