Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 10
825
Views
"සිහියෙන් එන අයත් ඉන්නවා” අසිහියෙන් එන අයත් ඉන්නවා..."

"මට කාත් එක්කවත් තරහක් නැහැ.."

බේබි ශානිකා කිව්වාම කවුද නොදන්නෙ? වේදිකාවේ දඟකාරියක් විදියට තමයි ගොඩක් දෙනෙක් ඇයව දැක්කෙ. ඒත් ඇයව ඉස්සර තරම්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ඇය මේ විදිහට කතා කරනවා.

ශානිකා මොකද්ද මේ වෙලා තියෙන්නේ?
මොකක්ද වෙලා තියෙන්නේ? මම හොඳින්.
 
එහෙනම් ඇයි කාලෙකින් සිංදුවක් කළේ නැත්තේ?
එහෙමම නැහැ. මම ලියල මමම තනුවක් දාපු ගීත දෙකක් කළා. ඒ ‘මායාවක්. සහ ‘පිණි වෑහෙනා. කියන ගීත දෙක. හැබැයි දැන්නම් අවුරුද්දක් විතර වෙනවා. නමුත් ඉතිං අනිත් අය වගේ මාසෙකට එකක් ගානේ නම් සිංදු කරන්නෙ නෑ.
 
ප්‍රසංග වේදිකාවේ විතරයි වැඩිපුර දකින්නේ?
ඔව්. මම ප්‍රෝග්‍රෑම්වලට යනවා අඩුයි. එහෙම ගියත් යන්නේ රෑට තියෙන එකකට විතරයි. මොකද උදේ කාලයේ බබාලා තුන්දෙනාගේ වැඩ. උදේ කාලයේ නිදහසක් ලැබෙන්නේ එයාලට ඉස්කෝලෙ නිවාඩු කාලෙට විතරයි.
 
මාධ්‍යයෙන් ශානිකාට කැපිල්ලක්වත්ද?
අපෝ මට මාධ්‍යයෙන් කිසිම කැපිල්ලක් නෑ. මම කිසිම මාධ්‍යයකට බැඳිල නැහැ. කිසිම මාධ්‍යයක් උඩ තියල නැහැ. නමුත් ඒවායේ වැඩ කරන අය නම් බොහෝ දෙනෙක් මගේ හිතවතුන් විදියට ඉන්නවා.
 
දැන් වැඩ අඩුද?
ඒක සමස්තයක් විදියට බොහෝ දෙනකුට තියෙන ප්‍රශ්නයක්. හැබැයි බොරු කියන කෙනෙක් නම් කියයි හැමදාම වැඩ තියෙනවා කියලා. මිනිස්සුන්ට දැන් සල්ලි නැහැ. ආටිස්ට්ලට ලොකු ගාණක් වියදම් කරන්න විදියක් නැහැ. රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක හැමදෙයක්ම සීමාසහිත වෙලා.
 
ප්‍රසංග වේදිකාවේ ප්‍රතිචාර?
වෙනද වගේම මට ප්‍රතිචාර තියෙනවා. ඒත් ඒක හරියටම කියන්න බැහැ. ප්‍රසංගය බලන්න සිහියෙන් එන අයත් ඉන්නවා” අසිහියෙන් එන අයත් ඉන්නවා. ඒ වෙලාවට කවුරු වේදිකාවට නැග්ගත් කෑගහනවා. ඒකයි තත්ත්වය. නමුත් ඉතිං ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාරයත් එක්ක තමයි ආටිස්ට් කෙනෙකුට උදේ‍යා්ගයක් ඇතිවෙන්නේ. මඟතොටේදී මුණගැහෙන අයගෙන් නම් වයස් බේදයක් නැතිව හැමෝම මට ආදරේ කරනවා. ඒ ගැන තියෙන්නේ අහිංසක ආඩම්බරකමක්. මම මේ කරන්නේ රස්සාවක්. මට ඉල්ලීමක් තිබුණොත් තමයි ඒ රස්සාව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හැමදාම මම වේදිකාවෙන් බහින්නේ ජේසු පිහිටයි කියල. මොකද ඒක තමයි මට ආදරය කරන ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් මට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය.
 
දැන් තියෙන අඩ නිරුවත් වීඩියෝ රැල්ල ගැන මොකද හිතෙන්නේ?
ආගමානුකූලව ගත්තොත් නම් බොහොම අසභ්‍යයි. මම කාන්තාවක් විදියට තවත් කාන්තාවක් අඩ නිරුවතින් ඉන්න දර්ශන දකින කොට මට ලැජ්ජයි. මේ රටේ හැදියාවක් තියෙන බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඔවුන්ට පුළුවන්ද තමන්ගෙ ගෙදර මේ වීඩියෝ බලන්න. නමුත් අඩ නිරුවත පෙන්නල ඒකෙන් ජනප්‍රිය වෙන්න හදන අයත් ඉන්නවා. ඒ අයට හොඳ නම් අපිට මොකද? ඔය වගේ වීඩියෝ සම්පූර්ණයෙන් ම බලල බනින කොටසක් ඉන්නවනේ. ඒ අයට තමයි ඒ වීඩියෝ කරන්නේ. නොබලන කෙනා කොහොමවත් බලන්නෙ නෑ.
 
සින්දු හිට් කරන්න වීඩියෝවක් ඕනෑමද?
මෙහෙමයි. දැන් තියෙන තත්ත්වය ඕකනේ. අලූතෙන් එන අයට දවසෙන් දෙකෙන් ජනප්‍රිය වෙන්න හරි එපා වෙන්න හරි තියෙන කෙටිම මගක් තමයි ඕක. මම මියුසික් වීඩියෝවලට අකමැතියි. මොකද මගේ සිංදු පරිස්සම් කරගන්න ඕන නිසා.

යුග ගායනයකට ආරාධනයක් නැතිද?
මම යුග ගීත ගායනා කරල තියෙනවා. ‘සිඳී බිඳී ආදරේ. කවීෂත් එක්ක වගේම ‘ඔබ මැව්වේ. ජූඞ් රොගන්ස් එක්ක. ගොඩක් නම් නැහැ ඉතිං.
 
ගීත එකතුවක් කළොත්
ගීත එකතුවක් කරල මොකටද? අද ගීත ටිකක් එළියට දැම්මොත් හෙට වෙනකොට පේමන්ට් එකේ ගොඩගහල තියේවි.
 
ශානිකා වනිගසේකර ලයිව් ඉන් කොන්සර්ට් එකක් කරන්න කාලය ඇවිත් නේද?
ඇත්තටම මගේ ගායන ජීවිතයේ 30 වැනි සංවත්සරයට කොන්සර්ට් එකක් කරන්න හිටියා. නමුත් ඒ දවස්වල අසනීප තත්ත්වයක් ඇතිවෙලා බෙහෙත් ගන්න වුණා. කොන්සර්ට් එකත් එහෙමම නතර වුණා. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන් ප්‍රසංගයක් කරනවා.
 
ඉදිරි සැලසුම්
ලොකු සැලසුමක් නම් නැහැ. හොඳ ගීත දෙක තුනක් නම් කරන්න හිතාගෙන ඉන්නවා. මට තව වයසත් තියෙනවනෙ. එහෙම කියල නාකි වෙනකම් සිංදු කියන්න නම් අදහසක් නෑ. දරුවන්ට හොඳට උගන්වල කාටවත් කරදරයක් නොවී ඉන්න කියාදෙන එක තමයි ලොකුම බලාපොරොත්තුව.
 
මහේෂ් එදිරිසිංහ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top