Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 10
1,426
Views

රිදී තිරයට නැතිවම බැරි චරිතයක් තමයි සංගීතා වීරරත්න කියන්නේ.
ඒත් පසුගිය කාලේ ඇය වැඩිපුර රසිකයන් අතරට ආවේ නෑ..
ඒ ගැනත් ඇයගේ අලුත්ම තොරතුරු ගැන සංගීතා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

කොහොමද සංගීතා… කාලයකට පස්සේ ඝරසරප චිත්‍රපටයෙන් නේද පේන්න හිටියේ..?
ඔව්, ඝරසරප චිත්‍රපටයෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ.

කාලයකට පස්සේ පුංචි ඉඩක හරි ඔබව දකින්න ලැබුණු නිසා ප්‍රේක්ෂකයෝ සතුටු වෙන්න ඇති..?
ඔව්, මට ඒ චිත්‍රපටයේ ලොකු ස්ක්‍රීන් ටයිම් එකක් තිබ්බේ නෑ.
නමුත් මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ එය නරඹලා කිව්ව දේ තමයි හරියට සංගීතාගේ චිත්‍රපටයක් බලලා ඉවර වුණා වගේ කියලා.
හරිම සුබවාදී ප්‍රතිචාර තමයි චිත්‍රපටය නරඹපු හැමෝගෙන්ම ලැබුණේ.

ඔබ එක යුගයක සිනමාවට නැතුවම බැරි කෙනෙක්. දැන් ඔබ සිනමාවේ නිහඬතාව රකින්නේ ඇයි…?
කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවී ඉඳලා කාලයකට පස්සේ පේන්න හිටියත් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය තිබීම ඇත්තටම ආශීර්වාදයක්.
මම කලාකාරිනියක්. මම රංගනය කරන්නේ ආදරයට. ජනප්‍රියත්වය, මුදල හෝ වෙනයම් දෙයකට ඒ ආදරය මම පාවලා දෙන්නේ නෑ.
මම යම් තීරණයක් ගන්නවා නම් ඒ තීරණය ගන්නේ මගේ වෘත්තියට තියෙන ආදරය නිසා. දැන් මම නිහඬතාව රැක්කා ඇති. ආපහු වැඩවලට සම්බන්ධ වෙනවා.

ඔබේ තෝරා ගැනීම් තාමත් ඉස්සර වගේමද..?
ඔව්, මම මුල ඉඳන්ම තෝරා ගැනීමක් එක්ක වැඩ කළේ. නිර්මාණයක් ලැබුණාම තිර රචනය කියවලා මට ගැළපෙනවා නම් මම එය භාරගත්තා.
අද මම යම් තැනකට ඇවිත් තියෙනවා. ඒ නිසා ලැබෙන නිර්මාණයෙන් මට තියෙන වටිනාකම වගේම මගෙන් ඒ නිර්මාණයට තියෙන වටිනාකම ගැන මම හිතනවා.
ඒ නිසා මගේ තෝරාගැනීම් දැන් වැඩියි.

ඔය තෝරා ගැනීම් කරන්නේ තනි මතයටද..?
මම කවදාවත් තනි මතයට වැඩ කළේ නැහැ. මට ලැබෙන නිර්මාණයෙන් මට ලැබෙන චරිතයෙන් යම් මතයක් හදන්න පුළුවන්ද එයින් සමාජයට යම් දෙයක් දෙන්න පුළුවන්ද කියන දේ ගැන බලන්න මට කණ්ඩායමක් ඉන්නවා.

ඊළඟ සූදානම මොකක්ද..?
මම නිෂ්පාදන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ඒ වැඩ කල් දාලා තියෙන්නේ. ලබන වසරේ මැද භාගයේ අලුත් චිත්‍රපටයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්නත් සූදානමින් ඉන්නේ.

පුංචි තිරය පැත්තට හැරෙන්න හිතුවේ ඇයි..?
මම සිනමාවට ආදරෙයි. ඒ වගේම අපිට පුංචි තිරයත් අමතක කරන්න බෑනේ.
වෙනස් ලස්සන වැඩකට ආරාධනා ලැබුණාම එයට සම්බන්ධ වෙන්න හිතුවා.

රූපවාහිනියේ නිතර දකින මුහුණු සිනමාවේ දකින්න ප්‍රේක්ෂකයෝ කැමැති නෑලු. සිනමාවේ තරුවක් වුණු ඔබ ටෙලි තිරයට එද්දි ඒක හොඳ වෙනසක් වෙයිද..?
රූපවාහිනියේ දකින මුහුණු සිනමාවේ දකින්න අකැමැති වුණාට සිනමාවේ මුහුණු පුංචි තිරයේ දකින්න ප්‍රේක්ෂකයන්ගේ අකැමැත්තක් නෑ.
එහෙම කියලා එන හැම නිර්මාණයක්ම භාරගන්නවා නෙවෙයි. ඉඳලා හිටලා නිර්මාණයක් දෙකක් කළාට අගය අඩු වෙන්නේ නෑ.

පසුගිය කාලයේ ඔබේ ජීවිතේ වටිනම කෙනෙක් ජීවිතයෙන් සමුගත්තා. ඒ වෙන්වීම ඔබට කොයි විදියට දැනෙන්න ඇතිද..?
අපේ ජීවිතවල සමීපතම අය ඉන්නවනේ. ඒ අය අපේ ජීවිතවල සතුටු හිතෙන දේවල් බෙදාගන්න වගේම දුකක් දැනුණු සහ ජීවිතයේ අමාරුම අවස්ථාවල ශක්තියක් වෙන්න ගොඩක් වටිනවා.
මම ඔය අවස්ථා දෙකටම ජීවිතේ මුහුණ දුන්න කෙනෙක්. ඒ හැම අවස්ථාවකදිම මගේ අම්මා මාත් එක්ක හිටියා.
මම කළ දේවල හරි වැරැදි දැක්කේ අම්මා. ඇය මට ලොකු ශක්තියක් වුණා. අම්මා නැති අඩුව මට ගොඩක් දැනෙනවා.

ඔබටත් ඉන්නේ දුවක්. අම්මාගේ අඩිපාර දුව තෝරා ගන්නවාට කැමැතිද..?
මගේ දුව මට හැම වෙලාවෙම කියන දෙයක් තමයි “අම්මා ජොබ් පහක් කරනවා. රඟපානවා, නර්තනය කරනවා, ව්‍යාපාරික කාන්තාවක්, සමාජ සේවා වැඩ කරනවා, ගෙදර බොස් කියන ජොබ් පහම කරන අම්මා වගේ මමත් ලොකු වෙලා ජොබ් පහක් කරනවා” කියලා තමයි දුව කියන්නේ.

දුව කලාවට නැඹුරුද..?
එයා හරි ආසයි කලා කටයුතුවලට. සින්දු කියන්නත් හරි ආසයි.
හැබැයි එයා හරි ලැජ්ජශීලී කෙනෙක්. පාසලේ දේවලට නම් දුව සම්බන්ධ වෙනවා.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top