Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 07
444
Views

ශරීරය වැඩිපුර නිරාවරණය වී ඇති ඇඳුමක් ඇඟලා සිටි බවට චෝදනා කරමින් මාධ්‍යවේදිනියක ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවත් කර තිබේ.

දේශපාලකයන්ගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණි අවස්ථාවේ පැට්‍රීෂියා කාවෙලාස් (Patricia Karvelas) නම් මාධ්‍යවේදිනියට "ඔයාගේ ඇඳුම නිසා ඇඟ වැඩිපුර පෙනෙනවා" යැයි පවසා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දන්වා ඇත.

එය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට තුඩු දී ඇති අතර, බොහෝ දෙනෙකු මාධ්‍යවේදිනියගේ ඇඳුම සහ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ජුලී බිෂොප්ගේ ඇඳුම් සංසන්දනය කර සිය අදහස් පළ කර ඇත. ජුලී බිෂොප් බොහෝ විට කෙටි අත් හෝ අත් නොමැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වනු දැකිය හැකිය.

ABC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක වන පැට්‍රීෂියා කාවෙලාස්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකු සහය පළ කර තිබුණු අතර, ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම ඉතා දරුණු ක්‍රියාවක් මෙන්ම විහිළුවක් ලෙස ද සඳහන් කර තිබිණි.

"ඔයාගේ ඇඳුම්වලින් ඕනෑවට වඩා උරහිස් පෙනෙනවා. තවත් ඇඟ වසා ගන්න ඕනෙ," යැයි තමන් අසලට පැමිණි "ආචාරශීලී" පාර්ලිමේන්තු සේවකයෙකු පැවසූ බව ABC මාධ්‍ය වැඩසටහනක දී පැට්‍රීෂියා කාවෙලාස් පැවසීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top