Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
1,243
Views
 
සැබෑ ජිවිතයේ දී අපි කවුරුත් බොහෝවිට හිතේ තියෙන දේ නොපෙන්වා විවිධ දේ මවාපාමින් ජීවත් වෙනවා. ඒත් අපි නින්දට ගියාම නම් ඔය කිසි දෙයක් දැනෙන්නේ නෑ.

අද මේ ලිපියෙන් කියවෙන්නේ නිදාගන්නා ඉරියව්වලින් කෙනෙක්ගේ හිතේ තියෙන හැඟීම් හඳුනා ගන්නා ආකාරයයි.

1. ජෝඩුව එකිනෙකා දෙසට පිට හරව ගෙන, පිටවල් එක මත එක තියා ගෙන  නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන් දෙන්නා අතර තියෙන සම්බන්ධය බොහෝ ස්ථාවරයි සහ එකිනෙකා සමග සතුටින්, ආදරයෙන් වගේම විශ්වාසයෙනුත් කල් ගෙවනවා කියලයි. මෙවැනි අය අනෙකාගෙන් කිසිවක් සඟවන්නේ නෑ. තවද මෙවැනි අය අනෙකා ගැන උවමනාවට වඩා හොයන්නේ නැහැ, නමුත් අවශ්‍ය අවස්ථා වලදී සහය ලබා දෙන්නට වග බලා ගන්නවා.




2. ජෝඩුව එකිනෙකාගෙන් වෙන්වි, එකිනෙකා දෙසට පිට හරව ගෙන නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ මොවුන්ගේ හිත් වල යම් ආකාරයක ස්වාධීන බවක් තිබෙන බවයි. ඔවුන්ගේ ජීවිතයේ ආදර සම්බන්ධයට අමතරව රැකියාව, මිතුරු කම් වගේ දේවල් වලටත් වැඩි තැනක් ලැබෙන බව කියන්න පුළුවන්. ඕනෑ එපා හැම දේම දෙන්නත් එක්ක කතා කරන්නේ නැහැ,. ඔවුන් එකිනෙකාට ගරු කරනවා වගේම විශ්වාසයත් තියා ගන්නවා වුනත් ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න එක තනිවම තමයි මෙවැනි අය කරන්නේ. අනිත් කෙනාව නිවැරදිව තේරුම් අරගෙන එයා කැමති විදිහට ඉන්න ඉඩ දෙන අය තමයි මේ විදිහේ ඉරියව්වකින් නිදා ගන්නේ.




3. පිරිමි කෙනා ගැහැණු කෙනාව ඇතුළතින් වැළඳගෙන නිදා ගැනීම නැතිනම් හරියට හැඳි දෙකක් වගේ නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ පිරිමියා නිතරම තමන්ගේ ආදරවන්තියව ආරක්ෂා කර ගන්නත්, දෙන්නාගෙන් නායකත්වය ගන්නත් කටයුතු කරන බවයි. මේ විදිහේ සම්බන්ධයක් බොහෝ දුරට ඉතා ස්ථාවරයි.  ඒ වගේම කාන්තාව ඔහුට අවනත වෙලා ඔහුගේ රැකවරණය යටතේ සතුටින් ජීවත් වෙනවා තවද මෙවැනි සම්බන්ධතා දිගු කල් පවතින සතුටු දායක සම්බන්ධයක් වෙයි.




4. දෙදෙනාම එකිනෙකා දෙසට හැරිලා නැතිනම් මුහුණට මුහුණ තිබෙන ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන් දෙදෙනා අතර රහස් තියෙන්න ඉඩකඩ අඩු බවයි. ඔවුන් දෙදෙනාම තමන්ගේ ජීවිතයේ එදිනෙදා සිද්ධ වෙන හැම දේම වගේ අනිත් කෙනාත් එක්ක කියනවා. මෙවැනි අය අනිත් කෙනාත් එක්ක ඉඩ ලැබෙන හැම වෙලාවකම කතා බහ කරන්න ගොඩක් කැමතියි. තවද මෙවැනි අය තමන් ආදරය කරන කෙනාව තමයි තමන්ගේ හොඳම යාළුවා විදිහට දකින්නෙත්. මොවුන් ඉතාම කිට්ටු ආදර සම්බන්ධයක් තියා ගන්නවා, ඔවුන් දෙන්නා වෙන් කරන්නත් හරිම අපහසුයි.




5. මුහුණට මුහුණ හැරිලා අත් කකුල් එහෙමත් පටලා ගෙනයි නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන් දෙදෙනා නිතරම ඉතා ශෘංගාරාත්මක ආදර සම්බන්ධයක් පවත්වා ගන්න බවයි. මේ විදිහට ටිකක් වෙලා ඉඳලා ටිකක් දෙපැත්තට වෙන එකෙන් පෙන්වන්නේ අනිත් කෙනාට ආදරය කරන අතරෙම පොඩි ස්වාධීනත්වයක් තියා ගන්නවා කියන එකයි. තවද එක දිගටම එකිනෙකා සමග තුරුළු වෙලා නිදා ගන්න එකෙන් අදහස් වෙන්නේ ඔවුන් දෙන්නටම දෙන්නා නැතිව බැහැ කියන එකයි. මේ සම්බන්ධයත් ස්ථාවර එකක්.




6. ගැහැණු කෙනා පිරිමියාව පිටතින් වැළඳ ගෙනයි නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ගැහැණු කෙනා ටිකක් දුරට පිරිමි කෙනාට නායකත්වය දීලා ඔහුව පාලනය කරනවා බවයි. කඩවසම් හා සාමාන්‍ය ජීවිතයේදී චණ්ඩි ස්වභාවයකින් ඉන්න පිරිමි කෙනෙක් සමග කාන්තාවක් ඉන්න පෙළඹෙන්නේ මේ විදිහටයි.
ඒ එම ගැහැණු කෙනාට ඔහුව නැති වෙයි  කියන බයක් තියෙන නිසයි. මේ සම්බන්ධය ස්ථාවර වුනත් ටිකක් අඬ දඹර එහෙමත් ඇති වෙන්නත් පුළුවන්.




7. ගැහැණු කෙනා පිරිමි කෙනාගේ පපුව උඩින් අත දාගෙන උරහිසට හිස තියා ගෙන නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුනුත් ඉතා ආදරණීය වගේම ශෘංගාරාත්මක යුවළක් බවයි. සාමාන්‍යයෙන් මෙවැනි ඉරියව්වක් අලුතින් පටන් ගත්තු ආදර සම්බන්ධයකදී තමයි ඇතිවෙන්නේ. දෙදෙනාම එකිනෙකාට බොහෝ සේ ආදරය කරන බව එයින් පෙනී යනවා. මෙහිදී විශේෂයෙන්ම කාන්තාව තම සහකරු ගැන විශාල ආදරයක් තියෙනවා වගේම ඔහු හිමි කර ගැනීම ගැන විශාල සතුටකිනුත් ඉන්න බව තමයි පෙන්නුම් කරන්නේ.




8. ගැහැණු කෙනා තරුවක හැඩයට නිදා ගැනීම හා පිරිමියා පසෙකින් සිට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන්ගෙන් කාන්තාව තමන්ට කැමති විදිහට ජීවත් වෙන බවයි. විශේෂයෙන්ම පිරිමි කෙනා බොහෝ කාලයක් පස්සෙන් ඇවිත් හදා ගත්තු සම්බන්ධතාවයකදී ගැහැණු කෙනාට තවමත් සම්පුර්ණයෙන්ම ඔහුට නතු වෙන්න අකමැති වුනාම තමයි මෙහෙම වෙන්නේ. කාන්තාව තමන්ට කැමති විදිහේ ජීවිතයක් ගෙවන අතර පිරිමියා ඇය කැමති දේ කරමින් අවනතව ජීවත් වෙනවා. මෙවැනි යුවළකගේ සම්බන්ධයක් ඉක්මනින් බිඳ වැටෙන්න පුළුවන්, කාන්තාව වෙනත් අතක් බලා ගන්න ලොකු ඉඩක් තියෙනවා.




9. පිරිමි කෙනා තරුවක හැඩයට නිදා ගැනීම හා ගැහැණු කෙනා පසෙකින් සිට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ

පහත රූපයේ ආකාරයට නිදා ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන්ගෙන් පිරිමියා තමන්ට කැමති විදිහට ජීවත් වෙන බවයි. සරලවම කිව්වොත් කලින් කියපු එකේ චරිත දෙක මාරු වෙන එකයි. බොහෝ වෙලාවට ගැහැණු කෙනාගේ කැමැත්තට හදා ගත්තු සම්බන්ධයක්, නමුත් පිරිමි කෙනා ඒ ගැන සම්පුර්ණ තීරණයක් අරගෙන නැති සම්බන්ධයක්. පිරිමියා තමන්ට කැමති විදිහේ ජීවිතයක් ගෙවන අතර ගැහැණු කෙනාත් ඔහුව බලෙන් තමන්ගේ කර ගන්න උත්සාහ කරන්නේ නැතුව එයාගේ කාලය අරගෙන තමන්ට මීට වඩා කිට්ටු වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. පිරිමි කෙනා වෙනත් සම්බන්ධයක් ඇති කර ගන්න ඉඩක් තියෙන නිසා මේ විදිහේ සම්බන්ධයකුත් බිඳ වැටෙන්න තියෙන ඉඩ වැඩියි.




- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top