Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
1,315
Views
සුගිය දිනවල අපේ කලාකාරියන් දෙදෙනෙකුගේ උපන් දිනය යෙදිලා තිබුණා. දෙන්නම හරිම යාළුවෝ. එක්කෙනෙක් තමයි ශලනි තාරකා, අනිත් කෙනා අසේකා විජේවර්ධන. ශලනිගේ උපන්දිනය යෙදිලා තිබුණේ නොවැම්බර් දාහතර වැනිදා. අසේකාගේ උපන්දිනය යෙදිලා තිබුණේ නොවැම්බර් විසිඑක් වැනිදා. ඉතින්... මේ දෙන්නාගේ උපන් දිනය වෙනුවෙන් කට්ටියම එකතුවෙලා සප්‍රයිස් කළා. ශලනිගේ සප්‍රයිස් පාටිය සංවිධානය කරලා තිබුණේ ශලනිගේ ගෙදර අයයි. මේ දවස්වල ශලනි ඉන්නේ විදෙස් ගතවෙලයි. ඉතින් එයාගේ සප්‍රයිස් පාටිය ගැන අපි ශලනිගේ හොඳම යාළුවා වුණ දිනක්ෂිගෙන් අහලා බැලුවා...


 දිනක්ෂි... ශලනි වෙනුවෙන් පාටියක් සංවිධානය කළේ කවුද...?

මේ උත්සවය එයාලගේ අම්මලා තමයි සංවිධානය කරලා තිබුණේ. හැබැයි ඒ ගැන ශලනි දැනගෙන හිටියේ නැහැ. එයාගේ නංගීගේ ඇනිවසරි පාටියක් විදිහට තමයි ගෙදර අය ඒක සංවිධානය කරලා තිබුණේ. ඒ පාටියට අපිට ආරාධනා කරලා තියෙනවා කියලානම් ශලනි කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් හොටෙල්එකට ගිහින් ඒක එයා වෙනුවෙන් පවත්වන පාටියක් කියලා දැනගනිද්දී ශලනි ගොඩාක් පුදුම වුණා. අපිව දැක්කම එයා ගොඩක් සතුටු වුණා.

දිනක්ෂි ශලනිට දුන්නේ මොනවාද...?

ම්... දුන්නේ ඉතින් එයා ආස කරන දේවල් තමයි. ඒ හැමදේටම වඩා ලොකු ආදරයක් ශලනිට දුන්නා. ඇත්තටම ශලනි කියන්නේ හරිම හොඳ යාළුවෙක්. ශලනිගේ බර්ත් ඩේ පාටියට අසේකාට එන්න බැරි වුණා. එදා අසේකාට හොඳටම සනීප නැති වුණා. හැබැයි ඉතින් අපි කට්ටිය හැමදාම හොඳ යාළුවෝ.

අසේකා ගැන දිනක්ෂි එහෙම කියද්දී අසේකාගේ බර්ත් ඩේ එකටත් දිනක්ෂි, සාරංග, ගයාන් ඇතුළු පිරිසක් සප්‍රයිස් කළා. අපි ඒ ගැන දිනක්ෂිගෙන් අහන්නේ නැතිව අසේකගෙන්ම අහගනිමුකෝ. ඇත්තටම දිනක්ෂි ඇතුළු කට්ටිය කරපු දෙයින් අසේකා ඇත්තටම පුදුම වුණාද...?

අසේකා... පොඩ්ඩක්වත් හිතුවේ නැද්ද දිනක්ෂි කට්ටියත් එක්ක එකතුවෙලා ගෙදරට කඩාවදීවී කියලා...?

අනේ නැහැ... පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. ඒ ගැන මම දැනගෙන හිටියේ නැහැ. මගේ අම්මලා දැනගෙන හිටියේත් නැහැ. සාරංග අයියයි, දිනක්ෂි අක්කියි, ගයියයි මගේ හොඳම යාළුවා කුමීයි එකතුවෙලා තමයි මේ සප්‍රයිස් එක මට දුන්නේ. ඒ කට්ටිය කතා වෙලා එකටම ඇවිත් තිබුණා... පුදුමේ කියන්නේ ඒ වෙලාවෙම මම හැමදාම යන සැලෝන් එකේ මගේ යාළුවෝ දෙන්නෙකුත් ඒ වෙලාවට මාව සප්‍රයිස් කරන්න වගේ ගෙදර ඇවිත් හිටියා. ගේ ළඟට ඇවිත් දිනක්ෂි අක්කි අම්මට කෝල් කරලා දොර ඇරගෙන ගේ ඇතුළට ඇවිත් තිබුණා.

අසේකාගේ නිදන කාමරයට කට්ටිය එනකම් දැනගෙන හිටියේ නැහැ නේද...?

නැහැ... මම ඒ වෙලාවේ මගේ කාමරේ ෆිල්ම් එකක් බලබලයි හිටියේ. ඒ නිසා ගෙයි දොර අරින සද්දෙවත් කට්ටිය කතා කරන සද්දෙවත් මට ඇහුණේ නැහැ. අඩුගාණේ අපේ ගෙදර බලු පැටියා බුරන සද්දෙවත් ඇහුණේ නැහැ. ඉතින්... මගේ කාමරේ ලොක් කරලයි තිබුණේ. එකපාරටම මගේ කාමරේ දොරට තට්ටු කරද්දී මම ටක්ගාලා ගිහින් දොර අරිද්දී සාරංග අයියා ලොකු කේක් එකකුත් උස්සගෙන දොර ගාව හිටගෙන හිටියා.

මොකද හිතුණේ...?

එකපාරටම කට්ටිය දකිද්දී බයවෙලා කෑ ගහලා එහෙම්මම ආයෙමත් ඇඳට පැන්නා. මම මුලින්ම දැක්කේ ලොකු කේක් එකක් උස්සගෙන හිටපු සාරංග අයියවයි. ඇත්තටම මම පොඩ්ඩක්වත් හිතුවේ නැහැ ඒ අය ඒවී කියලා. දිනක්ෂි අක්කී රූ එකොළහමාරට විතර කෝල් කරලා “අනේ නංගී මට ඔයාට ඉස්සෙල්ලා විෂ් කරන්න ඕනේ... ඒ නිසා මම දැන් ඔයාට විෂ් කරනවා. මොකද මට නින්ද යනවා. මම දොළහට එලාම් එකක් තිබ්බා. හැබැයි මට නින්ද යයිද කියලා බයයි.* කියලා ඒ වෙලාවේ මට විෂ් කළා. ඊට ටිකකට කලින් කුමීත්, ගයියත් කෝල් කරලා ටික වෙලාවක් කතා කර කර හිටියා. ඒ නිසා මට පොඩ්ඩක්වත් හිතුණේ නැහැ. හරියටම දොළහට මගේ කාමරේ ඉස්සරහ ඒ අය හිටියා. ඇත්තටම ඒක මට පුදුමයක්.

මහ රූ කේක් කපලා කෑවා නේද...?

ඔව්නේ... ඒ අයත් එක්කම මගේ අම්මයි තාත්තායි හැමෝම කාමරේට ආවා. හැමෝම මට ගෙනාපු තෑගි මට දීලා, කේක් කපලා අම්මටයි තාත්තාටයි හැමෝටමයි කවලා... අපි කතා කර කර හිටියා. ඇඳ උඩම ඉඳගෙන කේක් කාලා ගොඩවෙලාවක් ඉඳලයි ඒ අය අපේ ගෙදරින් ගියේ.

අසේකට ලැබුණු උපන් දින තෑගිවලින් ආසම තෑග්ග මොකක්ද...?

හැමෝම මට මම ආස කරන දේවල් දීලා තිබුණා... ඒ හැම එකටම මම හරි ආසයි. ගොඩාක් කල් ඉඳන් මම ගන්න ආසාවෙන් හිටපු ඔරලෝසුවක් තිබුණා. මගේ තාත්තා එදා මට ඒක තෑගි කළා. ඒ වගේම හැමෝම එකතුවෙලා දුන්නු මේ සප්‍රයිස්එක මට හරි විශේෂයි. ඒ වෙනුවෙන් දිනක්ෂි අක්කිට, සාරංග අයියට, ගයියට ගොඩාක් ස්තූති කරනවා. කොච්චර කාර්යබහුල වුණත් මට තෑගි ගන්න එයාලා ගොඩාක් මහන්සි වෙලා තිබුණා.

දිනක්ෂි... අසේකා... ශලනි... හරි යාළුවෝනේ. අසේකාගේ උපන්දිනයට ශලනි ලංකාවේ හිටියේ නැහැ නේද...?

ඔව්... ශලනි තාම ඉන්නේ විදෙස් ගතවෙලා. ශලනිගේ පාටියට මට යන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම ශලාට විෂ් කළා. ශලාත් මට විෂ් කළා. ඒවගේම තමයි ශනුදුත්, ශේෂාද්‍රිත් අපි තුන්දෙනා එක්ක එකටම ඉන්නවා. ශනුටත් සනීප නැතිවෙලා එන්න බැරිවුණා. ශේෂාද්‍රිට පහුවදා උදේ ඉස්කෝලේ යන්න තිබුණු නිසා එයාට එන්න බැරි වුණා... හැබැයි ඒ දෙන්නාත් මට වරද්දන්නේ නැතිව තෑගි දිනක්ෂි අක්කි අතේ එවලා තිබුණා.

හිතපු නැති සප්‍රයිස් එකක්... මොකද හිතෙන්නේ...?

ගොඩාක් සතුටුයි. මම මුළු බර්ත් ඩේ එක දවස ඉවර වෙනකන්ම හිටියේ දිනක්ෂි අක්කි එක්කයි. ගොඩාක් මතක හිටින බර්ත් ඩේ එකක්. මේ වගේ අයගේ ආදරය ලබන්න තරම් මම හරි වාසනාවන්තයි කියලා හිතුවා. මාව සප්‍රයිස් කරපු ඒ හැමෝටම මම හරි ආදරෙයි.

Text - Jayamali
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top