Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
226
Views
2017 වර්ෂයේ චීනයේ තියැන්ජින්හි අලුතින් ඉදි වූ ‘නව තියැන්ජින් බෙනින් පුස්තකාලය’  මෙතෙක් බිහි වූ අපූරුම චීන පුස්තකාලයයි. එහි ආකෘතිය ද මෙතෙක් බිහි වූ සම්ප්‍රදායික චීන පුස්තකාල වලින් වෙනස්ම ආකාරයේ එකකි.  මෙම පුස්තකාල ගොඩනැගිල්ල වර්ග අඩි 36 000ක වපසරියක පවතියි.

මෙහි බිමේ සිට සිවිලිම තෙක්  රැලි ආකාරයෙන් පැතිරී ඇත්තේ  පොත් රාක්කය. ඒවා 'පොත් රැලි' ලෙස හඳුන්වයි. මේ වන විට මිලියන 1.2 ක පොත් සංචිතයක් තියැන්ජින් බෙනින් පුස්තකාලය සතුය.

තට්ටු 5 කින් සමන්විත මෙම පුස්තකාලයේ පහළ තට්ටු දෙකෙහි පවතින්නේ කියවීමේ කාමරයි. තෙවන මහළ තුළ මෙහි ප්‍රධාන  පහසුකම් සහිත ස්ථාන වන මීඩියා කාමර, පරිගණක විද්‍යාගාර පවතියි.‍ ඉහළම මාල තුළ පවතිනුයේ නිදහස් ලෙස කියවීමට කැමති පාඨකයන් වෙනුවෙන් නිම වූ කියවීම් ශාලා ය.

පුස්තකාල ගොඩනැගිලි ආකෘතිය  සකසා ඇත්තේ නෙදර්ලන්ත ආකෘතියකට හා චීන සංස්කෘතියේ  මිශ්‍රණයක් ලෙස ය. ගොඩනැගිලි ඉදිරිපස කොටස  ඇසක ආකෘතියක් මෙනි.මෙම පුස්තකාලය චීන ජාතිකයන් හඳුන්වනුයේ ‘බෙනින්ගේ ඇස’ හෙවත් ‘ප්‍රඥාවේ ඇස’ ලෙසයි.

එමෙන්ම මෙම පුස්තකාලයේ පොත් කියවීමට සඳහා කැමති ඕනෑම ඉරියව්වක් භාවිතා කළ හැකි වීම විශේෂ කරුණකි.වෙනත් පුස්තකාල වල මෙන් තද නීති පද්ධතියක් නොපවතියි. එබැවින් බොහෝ තරුණ කොටස් සෙල්ෆි ගැසීම පවා නිදහසේ මෙම පරිශ්‍රයේ සිදු කරයි.

 මේ වන විට තියැන්ජින්  පුස්තකාලය නැරඹීම සඳහා බොහෝ විදේශීය  සංචාරකයන් ප්‍රමාණයක් තියැන්ජින් වෙත පැමිණෙන අතර   ලෝකයේ මෙතෙක් බිහි වූ  සුන්දරම පුස්තකාල දහය තුළට ඇතුළත් වීමට තියැන්ජින් බෙනින් පුස්තකාලයට හැකි වී ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top